Advice for Life

අපේ ජීවිතේ හරියට හදාගන්න නම් සමහර අපි කරන දේවල්, හිතන දේවල්, කැමති දේවල් වෙනස් කරන්න අපිට සිද්ධ වෙනවා. එහෙම කරන්න වෙන්නේ අපි ජීවිතේ මොකක්ද කියන එක හරියටම තේරුම් ගත්ත දවසට. වැරදි සිද්ධ වෙනවා අපි කවුරුත් මිනිස්සු නිසා. ඒත් ඒ හැමදේම හදාගන්න අපිට අවස්ථාවක් කවදා හරි ලැබෙනවා කියන එක අනිවාර්යයි. අද අපේ ආටිකල් එකට මූලික වෙන්නේ කතන්දර තුනක්. ඒ කතන්දර තුන එක්ක ජීවිතේ සමහර දේවල් අපි වෙනස් කරගන්න ඕනේ කොහොමද කියන එක ලස්සනට ගලාගෙන යන විදියේ ආටිකල් එකක් අපිට ලියලා දුන්නේ සචින් . අපි එකතු වෙමු ඒ ආටිකල් එකත් එක්ක. හිතන්න ඔහුගේ අදහස් කොච්චර දුරට ඔබට ගලපගන්න පුලුවන්ද කීයලා. ඥා ණ කථා ඇසුරින් ජීවිතේට ඔවදන් පලවෙනි ඥා ණ කථාව දිනක් ගිරවුන් දෙන්නෙක් කැලයක තමන් ට නිදහසේ වාසය කරන්න පුළුවන් තැනක් හොයාගෙන ගියා. දෙන්නට හම්බවුනා හොද උස ගහක්. ඒ ගහේ එයාලට අවශ්‍ය තරම් කෑම තියනවා. එක ගිරවෙක් කිව්වා එය ගහ මුල හරියේ අත්තක වාසය කරන්නම් කියලා. අනිත් ගිරවා ගහ උඩට පියාඹල බෙනයක් තියන තැනක් හොයාගත්තා. ඔහොම ඉන්නකොට පහල හිටපු ගිරවා ව පිඹුරෙක් අල්ලගත්තා. උඩට ගිය ගිරවාට බලාපොරොත්තු වුන ...