Posts

Showing posts with the label What is music

What is your Enjoyment?

Image
ඔබ ගේ රසවින්දනය කුමක් ද? ගීතයක් කියන්නේ මොකක්ද? ඒක නිකන්ම නිකන් පද කීපයක එකතුවක් විතරද? කාගේ හරි ලස්සන පද වැලකට ලස්සන සංගීතයක් එකතු වෙන එකද ගීතය කියන්නේ? අපි හැමෝටම ඒකට හරිම නිර්වචනයක් දෙන්න අමාරු වේවි. ඔබත් මමත් මේ ලෝකයට බිහිවෙද්දි කලාව කියන දේ යම් තාක් දුරට අපේ ඇඟට බද්ධ වෙලයි අපි බිහිවෙන්නේ. ඉතින් ඒ කලාව සංගීතය, නර්තනය, චිත්‍ර කලාව, මුර්ති කලාව වගේ අතු ගොඩක එකතුවක්. එතනින් සංගීතය කියන මාතෘකාව අපි හැමෝටම එක වගේ සමීප දෙයක්. අපේ ජීවිත වල වෙච්ච හැල හැප්පීම්, සතුටු වෙච්ච තැන්, දුක් වෙච්ච තැන් මේ හැම එකක්ම පිටිපස්සේ අපි ආදරය කරන ගීතයක පද පේලියක් අනිවාර්යයෙන්ම ඇතුලත්. ඉතින් ඒ ගීතය ගැන පොඩි විචාරයක් සරලවම කිව්වොත් පොඩි කතන්දරයක් අද සචින් අපිට ලියලා දුන්නා. මේ ආටිකල් එක ඉවර වෙද්දී ඔබට නොදැනුවත්වම ගීතයක පද පේලියක් අනිවාර්යයෙන්ම කියවේවි. ඒක තමයි ඔබෙත් මගෙත් ගීතයේත් ආදරණීය වූ බැඳීම.. මා සාමාන්‍ය පෙලට හෝ උසස් පෙලට සංගීත විෂය හදාරා නැත. එසේම සංගීතය පිළිබද විශාල දැනුමක් මා සතුව නැත. නමුත් ගීත රසවිදින්නකු වශයෙන් මෙම ලිපිය සම්පාදනය කරන අතර පැරණි ගීත හොද යැයි ද නව ගීත නරක යැයි කියන්නේද නැත. ගීතය...