Posts

Showing posts with the label විචාර

සිතුවිලි වෙනස්

යමෙක් දන්නේද, දන්නා බව නොදන්නේද,                ඔහු නින්දේය, අවදි කරන්න. යමෙක් නොදන්නේද, නොදන්නා බව දන්නේද               ඔහු අසරණයෙකි, පිහිට වන්න යමෙක් දන්නේද, දන්නා බව දන්නේද               ඔහු පණ්ඩිතයෙකි, ඇසුරු කරන්න යමෙක් නොදන්නේද, නොදන්නා බව නොදන්නේද              ඔහු මෝඩයෙකි, දුරු කරන්න මෙය කව්රුන් කෙසේ කා සදහා ලියුවක්ද යන්න නොදනිමි. මට මතක ඇත්තේ කොහේ හෝ පොතක මා මෙය දුටු බවකි. පද හතරකින් ලොකු වෙනසක් කල හැකි බව මට තේරුණු මුල්ම දවස නම්, මේ පද හතර ඇස ගැසුනු දවස යයි මම සිතමි. රචකයෙකු ලිවිය යුත්තේ " කටට එන - හිතට එන " ඕනෑම දෙයක් නොව, " ගතට දැනෙන - සිතට දැනෙන " යමක් බව මගේ හැගීමයි. කෙටියෙන් කීවොත් කතාව ඇත්තය. තවත් කෙටියෙන් කීවොත් " සීන් එක පට්ට ඇත්තය ". නමුත් ප්‍රශ්නය වන්නේ එය නොවේ. නින්දේ හිදින්නා අවදි නොව්නහොත් හෝ අසරණයාට තමන් ලැබූ සරන ගැන " වගේ වගක් " නැති වුවහොත් වන්නේ කුමක්ද කියන එකය. සමහරු ඉන්නේම නින්දේය. ඇහැරවා යම...