අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ
ජීවන ගමනේ මූලික පදනම් අතරින් අග්‍ර වූ කොටස නොඉඳුල් ව සුපසන්ව අපගේ රගමඩලට කාවද්දන්නා වූ දෙවිවරුන් ගුරු උත්තමයෝය.ඔබත් මාත් ඇතුළු විශ්වීය මෙහෙය වන්නාවූ මිනිසුන්ට ජීවිතයේ ප්‍රාණ ශක්තිය ලබා දී පසකට වී නිහතමානීව බලා හිදින්නන් ඔවුන් මිස අන් කවරහූද.. ඉලක්කම් කිහිපයකට සීමා කල නොහැක්කාවූ ගුරුවරුන්ගේ සේවය ඇගයීමට ඇල්බට් අයින්ස්ටයින් නම් විද්වතා දන්නා වූ ඉලක්කම් ද මදි සේය .. මා මෙන්ම ඔබ අමුණනා ...මුමුණනා අකුරක් පාසා මාගේ මෙන්ම ඔබගේ ගුරුවරුන්ට පිං ලැබිය යුතුමය.... අපගෙන් කිසිදු මතු ප්‍රති උපකාරයක් බලා පොරොත්තු නොවී ගුරු මුෂ්ටියෙන් තොරව අභ්‍යන්තර ආල්‍යයෙන් සිප් කිරෙන් අප දෝවනය කරන්නා වූ ගුරුවරුන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් ලබා දීමට හැකි වන්නා වූ එකම ත්‍යාගය වන්නේ සමාජයට උගත් බුද්ධිමත් මානුශීය මිනිසෙකු ලෙස නිර්මාණය වීමෙනි.එලෙස නිර්මාණය වූ ජීවීන්ගේ ආගමනයන් තුළින් ගුරු සිතේ ඇති වන්නාවූ භක්තිය ,නිහතමානී ශාන්තිය දෙවැනි වන්නේ ආගමික වශයෙන් අප අත් විදින්නා වූ සදාකාලික මෘදු සුවයට පමණක්ම වන බව අවිවාදාත්මක වූවකි.. ජීවිතේ කෙතරම් හැල හැප්පීම් දුශ්කර මාවත් පසු කරනට තිබුණද කිසිදු ...