Posts

Showing posts with the label satisfaction

When Life Halts for a Moment, Reminisce !!

Image
කාලෙකට පස්සේ අපි අද අරගෙන ආවේ කොළඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන හිමාලි නිසංසලා අක්කගේ පෞද්ගලික ජීවිත අත්දැකීමක්. මේ කතාව අවසානයේ අපේ ජීවිත වලට වටින පාඩම් කියා දීමටද හිමාලි අක්කා අමතක කරන්නේ නෑ.. ඉතින් අපි වැඩි කතා නොකරම අපේ කතාව වෙත යොමු වෙමු. කාටද රිදුනේ?.. කව්රුද ඇඬුවේ?.. දුම්රිය මොහොතක් නතර උනේ... මේක උනේ 2017 අවුරුද්දේ, එතකොට මම කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේ, ඉස්කෝලේ යන කාලේ අපෙ සෙට් එකේ න ව යක් හිටියා උසස් පෙළ ඉවර උනාම න ව දෙනා එක එක තැන් වල, ඉතින් හැමෝටම නිවාඩුවක් හම්බෙන්නේ හරි කලාතුරකින්, හැමෝම බලාඟෙන ඉන්නෙ එහෙම ඉවාඩුවකදි එකතු වෙලා නුවර වටේ කොහෙම හරි රවුමක් දාන්න, මාලිගාවෙන් පටන් ගත්තම, ඉවර වෙන්නෙ තව කොනකින්.. එත් ඉවර නෑ එකෙක්ට හරි තව කොහෙ හරි ගමනක් තියෙන්වා, කෙල්ලො කියලා නෑ ඇවිදින්න ගියාම, ඒ ඔක්කොම ගිහින් බඩ පැලෙනකම් කාල ගෙදර එනවා. මේක අදටත් මෙහෙමමයි. මේකත් ඒ වගෙ දවසක්, පෙරුම් පුරල පෙරුම් පුරලා ගිය ගමනක්, දැඩි බාදකත් එක්ක යාලුවන් පාවල දීලා යන්න ලෑස්ති උන ගමනක්, පටන් ගත්තෙ ඉස්කෝලෙන්, ඊට පස්සෙ වැව රවුම, අපේ සෙට් එකේ දෙන්නෙක් පේරා ක...