Posts

Showing posts with the label Sprots

2012 T20 World Cup Final - Episode 06 (SL vs WI)

Image
ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න්  02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගත්ත අපි තීරණය කලා අද 2012 අයි.සී.සී T 20 ලෝක කුසලාන අවසන් තරඟයේ මතකයන් අලුත් කරන්න. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වෙන්නේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු අපිට වෙනදා වගේම තරඟය ගැන විස්තරාත්මකව තොරතුරු ලබා දුන්නා. ඉතින් අපි එකතු වෙමු 2012 අයි.සී.සී T 20 ලෝක කුසලාන අවසන් තරඟයේ මතක එක්ක...  Image Courtesy - (https://www.thesportsmirror.com/2012/10/a-tactical-view-of-world-t20-final-master-jayawardene-simple-sammy-and-and-determined-samuels/)  ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේ සෑම තැනකම නිශ්චිත ස්වභාවයකින් පැවතියද විවිධ රටවල ආවේණික වර්ණයන්ගෙන් එය අලං...

Sri Lanlka Cricket History - Part 1

Image
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය - 01 ක්‍රිකට් කියන වචනය ඇහෙද්දීම ලංකාවේ අපිට අපේ කමක් හිතට දැනෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ඒකට හේතුව ක්‍රිකට් කියන ක්‍රීඩාව එතනින් එහාට පිළිඅරගෙන ඒක සංස්කෘතියේම අංගයක් විදියට පිළිගත්ත මිනිස්සු අපේ රටේ ජීවත් වෙන එක. ඒ තරම්ම මේ ක්‍රීඩාවට ආදරේ වෙන්න හේතුව අපි දකුණු ආසියානු රටක් වීම යම් තරමකට මෙතැනදී බලපානවා. අපේ රට ලෝක සිතියමේ පුංචි දූපතක් වුනත් ඒ පුංචි දූපත ගැන මුළු ලෝකයක් කතා කරන්න මේ ක්‍රීඩාව ගොඩක් ලොකු රුකුලක් වුණා. මේ ක්‍රීඩාවේ ඉතිහාසය ඒ වගේම කරුණු ගැන දැනගන්න අපි හැමෝම කැමතියි. ඒ නිසාම මේ සම්බන්ධ ආටිකල් එකතුවක් එලි දක්වන්න අපි තීරණය කලා. ඒකේ ආරම්භය තමයි මේ. ආටිකල් එකතුව ඔබට ලියන්නේ ඉෂාර . ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ඇලුම් කරන විද්‍යාර්ථයෙක්. අපි එකතු වෙමු ඔහුගේ පලවෙනි ආටිකල් එකත් එක්ක. ක්‍රිකට් ක්‍රීඩාව යනු ශ්‍රී ලංකාව තුල මෙන්ම බොහෝ රටවල ජනප්‍රියතම ක්‍රීඩාව කිවහොත් ඉතා නිවැරදිය. වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් ආධුනික රටවලට ව්‍යාප්ත වෙමින් පවතී. එවැනි තත්වයක් තුල ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අයි.සී.සී ආයතනයේ සාමාජික රටක් වශයෙන් එම ක්‍රීඩාව කෙරෙ...