Sri Lanlka Cricket History - Part 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය - 01

ක්‍රිකට් කියන වචනය ඇහෙද්දීම ලංකාවේ අපිට අපේ කමක් හිතට දැනෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ඒකට හේතුව ක්‍රිකට් කියන ක්‍රීඩාව එතනින් එහාට පිළිඅරගෙන ඒක සංස්කෘතියේම අංගයක් විදියට පිළිගත්ත මිනිස්සු අපේ රටේ ජීවත් වෙන එක. ඒ තරම්ම මේ ක්‍රීඩාවට ආදරේ වෙන්න හේතුව අපි දකුණු ආසියානු රටක් වීම යම් තරමකට මෙතැනදී බලපානවා. අපේ රට ලෝක සිතියමේ පුංචි දූපතක් වුනත් ඒ පුංචි දූපත ගැන මුළු ලෝකයක් කතා කරන්න මේ ක්‍රීඩාව ගොඩක් ලොකු රුකුලක් වුණා. මේ ක්‍රීඩාවේ ඉතිහාසය ඒ වගේම කරුණු ගැන දැනගන්න අපි හැමෝම කැමතියි. ඒ නිසාම මේ සම්බන්ධ ආටිකල් එකතුවක් එලි දක්වන්න අපි තීරණය කලා. ඒකේ ආරම්භය තමයි මේ. ආටිකල් එකතුව ඔබට ලියන්නේ ඉෂාර. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ඇලුම් කරන විද්‍යාර්ථයෙක්. අපි එකතු වෙමු ඔහුගේ පලවෙනි ආටිකල් එකත් එක්ක.
ක්‍රිකට් ක්‍රීඩාව යනු ශ්‍රී ලංකාව තුල මෙන්ම බොහෝ රටවල ජනප්‍රියතම ක්‍රීඩාව කිවහොත් ඉතා නිවැරදිය. වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් ආධුනික රටවලට ව්‍යාප්ත වෙමින් පවතී. එවැනි තත්වයක් තුල ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අයි.සී.සී ආයතනයේ සාමාජික රටක් වශයෙන් එම ක්‍රීඩාව කෙරෙහි විශේෂ අවදානයක් යොමුකළ යුත්තේ වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇති වටිනාකම නිසාමය.

මෙම ක්‍රීඩාව පිළිබඳව ශ්‍රී ලංකාව දෙස හැරී බැලුවහොත් අතීතයේ සිට ශ්‍රී ලංකාව යම් උසස් තත්වයක සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. සමහර අවස්ථාවලදී ශ්‍රී ලංකාව නම් දේශය පිළිබඳව යම් යම් රටවල් දැන දැන හඳුනාගත්තේ ද මෙම ක්‍රීඩාව තුලින්ය. එබැවින් එහි වටිනාකම නොපෙනෙන ඉදිරි කාලයක් ආරක්ෂා කර ගැනීම අප රටේ බලධාරීන් වෙත පැවරේ.

ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පූර්ණ සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ 1981 ජූලි 21 වන දිනයි. එතැන් පටන් අද දක්වා පැමිණි ගමනේ සාර්ථක ප්‍රතිපල ලෙස ලෝක පූජිත ක්‍රීඩකයන් පවා බිහිවී ඇත. අයි.සී.සී ආයතනය විසින් නිකුත් කරනු ලබන ශ්‍රේණිගත කිරීම් වලද ශ්‍රී ලංකාව අතීතයේ සිටම පෙරමුණ ගෙන සිටීම විශේෂත්වයකි. වර්තමානයේ තත්වය කෙසේ වූවද අතීතයේ දිගින් දිගටම ශ්‍රේණිගත කිරීම් වල ඉහල දස්කම් දැක්වීමට අප ක්‍රීඩකයන් සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම දැරූ ඉහලම ජයග්‍රහණ ත්‍රිත්වයකි.

1996 - ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය - ශුරයන්
2002 - අයි.සී.සී ශුරයන්ගේ කුසලානය - සම ශුරයන් (ඉන්දියාව සමඟ)
2014 - අයි.සී.සී 20 20 ලෝක කුසලානය - ශුරයන්

ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා රටක් වශයෙන් අවධානය යොමු කල යුතු ප්‍රධාන කරුණක් වන්නේ එරට සතු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පිළිබඳවයි. කිසියම් රටක් සංචාරයක් සඳහා පැමිණි විට එම තරඟාවලියේ විවිධත්වයක් ඇති කිරීම සඳහා මෙන්ම හොඳ තරඟයක් ලබාදීම සඳහා තම මව්රට තුල විවිධ තණතීරුවලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයක් පැවතීම අතවශ්‍යම කරුණකි. ශ්‍රී ලංකාව තුල දැනට පවත්නා එවැනි ක්‍රිකට් ක්‍රීඩාංගණ කිහිපයකි.

කොළඹ - ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය     
ධාරිතාවය - 30,000
එස්. එස්. සී. ක්‍රිකට් ක්‍රීඩාංගණය 
ධාරිතාවය - 10,000
පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණය 
ධාරිතාවය - 15,000
නුවර - අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණය
ධාරිතාවය - 10,300
ගාල්ල - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
ධාරිතාවය - 18,000
දඹුල්ල - රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
ධාරිතාවය - 16,800
පල්ලෙකැලේ - පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
ධාරිතාවය - 20,000
හම්බන්තොට - මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
ධාරිතාවය - 25,000
ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වර්තමානය දක්වා ස්ථිර නායකත්වය ලබාදුන් ක්‍රීඩකයන් පෙළක් අපට දැකගත හැකිය. අද වන විට ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ඉහල තලයකට පැමිණ ඇත්තේ ඔවුන් කරන ලද කැපවීම් නිසාවෙනි.

  • අනුර තෙන්නකෝන් 
  • බන්දුල වර්ණපුර 
  • දුලිප් මෙන්ඩිස් 
  • සෝමචන්ද්‍ර ද සිල්වා 
  • රන්ජන් මඩුගල්ල 
  • අර්ජුන රණතුංග 
  • අරවින්ද ද සිල්වා
  • රොෂාන් මහානාම 
  • හෂාන් තිලකරත්න 
  • සනත් ජයසූරිය 
  • මාවන් අතපත්තු 
  • මහේල ජයවර්ධන 
  • කුමාර් සංගක්කාර 
  • තිලකරත්න දිල්ෂාන් 
  • ඇන්ජලෝ මැතිව්ස් 
  • දිනේෂ් චන්දිමාල්  

වර්තමානයේ යම් යම් ගැටලු කිහිපයක් හේතුවෙන් යම් පසුබෑමක් ලැබුවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් සුපුරුදු දස්කම් අතරට පැමිණේවි යන විශ්වාසය සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම සිතේ ඇති බව ප්‍රසිද්ධ රහසකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය - 02 ආටිකල් එක සමඟින් නැවත හමුවෙමු.

එම්. ඊ. අයි. ඩී. විජේසිරි 
කළමනාකරණ හා මුල්‍ය පීඨය 
දෙවන වසර 

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...




Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19