Only Genuine Smile saw in this World
ලොව දුටු එකම අව්‍යාජ සිනහව අද අපේ ආටිකල් එක යොමු වෙන්නේ වෙනමම පැත්තකට. ලෝකයේ වැඩි අවධානයක් යොමු වෙන්න අවශ්‍ය කරන, ගරු කිරීමක් අවශ්‍ය කරන ආදරණීය කොටසක් තමයි අද අපේ ආටිකල් එකේ පදනම වෙන්නේ. ඒක ලියවෙන්නේ හේෂාණි අතින්. ඇගේ අදහස වෙන්නේ අපි තවදුරටත් ඔවුන්ව සමාජයේ කොන් කරලා තියන්න අවශ්‍ය නෑ ඔවුන් අපි වගේම සමහරවිට අපිටත් වඩා දක්ෂයි කියන එක. ඔබේ අදහස මොකක්ද Down Syndrome කියන රෝගයෙන් පෙලෙන මේ ආදරණීය මිනිසුන් ගැන? අපි වගේම සමාජයේ පිළිගැනීමක් ලබන්න ඔවුන්ට අනිවාර්යයෙන්ම අයිතියක් තියෙනවා නේද? මෙතැන් ඉදලා එකතු වෙන්න හේෂාණිගේ අදහස් එක්ක. හිතට තට්ටු කරලා අහලා බලන්න ඔයාගේ හිතේ එයාලා ගැන මෙච්චරකල් තිබ්බෙත් මේ වගේ අදහසක්ද කියලා... මෑත කාලීනව එක්තරා රූපවාහිනි නාළිකාවක විකාශනය වූ, රියැලිටි වැඩසටහනක, කාගේත් දෙසවන් සහ දෙනෙත් පිනවූ විචිත්‍රවත් අංගයක් මාගේ කුළුඳුල් ලිපියේ කතා වස්තුව කරගන්නට සිතුවෙමි. එම වැඩසටහන තුල ඉදිරිපත් කළ අංගයක මුලසුන හොබවූ ගුරු මූලික, පැවසූ ප්‍රකාරව ඔවුන්ව අද පටන් " විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස නොව විශේෂ දක්ෂතා ඇති දරුවන්" ලෙස හඳුන්වමු යැයි, ප්‍රේක්ෂක දනන් වෙත අපුර්වත ඇ...