Talento '19
දිගු කාලයක නිහැඬියාවකට පස්සේ අපේ Blog Unit එක ආයෙමත් ආරම්භ කරන්න අපි තීරණය කලා. අලුතෙන් පත් වෙච්ච නංගිලා මල්ලිලා එක්ක ඊළඟ අවුරුද්දේ මැයි මාසේ වෙනකම් එකතු වෙන්න ඔයාලා හැමෝටම පුළුවන්. ඉතින් වැඩි කතාවක් නැතුවම අපි එකතු වෙමු අපේ අද ආටිකල් එකත් එක්ක. අද අපිට ආටිකල් එක ලියලා එව්වේ නුවන් මල්ලි, හර්ෂි නංගී එකතු වෙලා. මීට ටික දවසකට කලින් අපේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ සංවිධානය වුනු Talento ප්‍රසංගය ගැන තමයි අද ආටිකල් එක වෙන් වුනේ... Talento??? මොකක්ද මේ කියන Talento? පුරවර සරසවියෙ හදවත බඳු වූ කළමනාකරණ හා මූල්‍ය පීඨයෙ ගායන,නර්ථන හා රංගන යන භූමිකා ත්‍රිත්වයේ කලඑළි මංගල්‍යය ලෙස අර්ථ නිරූපනය කලොත් මා නිවැරදි.. Talento'19 ඒ කියන්නෙ මේක කලින් තිබ්බ දෙයක්..? ඔව්..සරසවියක උප සංස්කෘතියක් සම්ප්‍රදායක් කියන්නෙ හරි සුන්දර දෙයක් අන්න ඒ අනුව කළමනාකරණ පීඨයෙ Crew සම්ප්‍රදායෙන් මීට දෙවසරකට පෙර අපට ලැබුනු දායාදයක්. Talento'19. මේ එහි තෙවන දිගහැරුමයි. කළමනාකරණ පිඨයේ ගායන,නර්ථන හා රංගන සමුහයන් වෙනදා නොමැති යුහුසුළුවකින් සැරිසරන අයුරු ටික දිනක සිටම සරසවිය පුරාම පැතිර ගියෙ නිමේෂයකිනි. මෙය දැක බලාගන්න...