TALENTO 18'

හන්තාන සිහිනයට පස්සේ අපේ අවධානය යොමු වුනේ අපේ පීඨයේ අගෝස්තු 15 දෙවැනි වතාවට සිද්ද වුනු Talento 18’ ප්‍රසංගයට.. ඒක ගැන ලියන්න ඕනේ කියන දේ ගොඩක් දෙනෙක් කතා වෙච්ච දෙයක්.. ඉතින් ඒ ගැන අපිට ඉක්මනටම විස්තරයක් දාන්න ඕන වුණා.. ආටිකල් 3ක් එකතු කරගන්න පුලුවන් වුණා ප්‍රසංගය තියලා සතියක් යන්නත් කලින්.. වැදගත්ම දේ එතැන එක ආටිකල් එකක් ස්වාධීන මාද්‍යවේදියෙක් විදියට වැඩ කරන සොයුරෙක්ගේ වීම.. අපි බලමු ඔවුන් තුන් දෙනාගේ අදහස් මොන වගේද කියලා..

ප්‍රසංගය බලපු නොබලපු හැමෝටම මේ විස්තරේ කියෙව්වාම ගොඩක් දේවල් මතක් වේවි.. එක නම් ඉර හඳ වගේ විශ්වාසයි.. ආ... තව දෙයක්…පිරිමි ළමයි විතරක් මේ ආටිකල් තුන ලිව්වා කියලා ගෑනු ළමයි තරහා වෙන එකක් නෑ නේද?.. මොකද ඉස්සරහට අපි හැමෝටම එක වගේ අවස්ථාව දෙනවා කියන පොරොන්දුව දීලා තියෙන නිසා..

ආටිකල් තුනේ ආරම්භය ගන්නේ රන්සික... ඊලගට එකතු වෙන්නේ අපේ නිදහස් මාද්‍යවේදි තීක්ෂණ... ආදරේට ගොඩක් අය කියන්නේ තිකා කියලා... ඔහුගේ මාද්‍යවේදි ගමනට අපේ සුභ පැතුම් අපි එකතු කරන්න කැමති මේ වෙලාවේ.. අන්තිමටම අපිත් එක්ක අදහස් බෙදාගත්තේ සචින්.. අපි බලමු එයාලගේ අදහස් මේ ප්‍රසංගය ගැන... අපිත් එක්ක දිගටම එකතු  වෙන්න.. මේ කළමනාකරණ පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය..


Back in March 2017, seating among the audience of the New Arts Theatre experienced a glamorous evening which showcased talents of our very own seniors of the Faculty. Undoubtedly, those performances happened to be one of the Best ever witnessed in my life. One of the events Main Host, Tharindu Jayasinghe or as we call him “Wije Aiya” said one last thing wrapping up for the day, that was a hope to see “Talento 18”

Days and Months went by and finally on the Last 15th Talento 2018 become a reality in a much bigger scale than before. The Concert truly was an evening if mesmerizing Dance, Musical and Drama performances. The Dancing, Singing and Drama crews of the Faculty amalgamated with FMF Media accomplished a great task by successfully organizing this year’s Talento.


The Dancing items of the dancing crew were choreographed by the members themselves and they ranged from the Sri Lankan traditional dancing styles to the modern day Hip-hop and Freestyle. The Performances of the Singing crew covered various music styles such as Pop rock, alternative rock, the Musical arrangement featured with the Acoustic Guitar, Saxophone and the Violin. Finally the Baila Nonstop which happened to be the final event of the day brought the audience to their feet.

The Stage Drama, “The Office” was presented to us by the Drama Crew. The Play depicted common incidents faced by Employees of a Company. The day-to-day battle between the higher authorities and the employees was brought with a touch of humor. The Musical Band “IGNITES” and “Events World” who did all the Sounds and Lighting made the Event more colorful. The Faculty of Management and Finance, University of Colombo possesses a bunch of talented undergraduates with vast potential and endless capabilities. Talento will always be a platform for them to bring out their talents and show to the outer world what they are capable of.

As I mentioned before Talento 18’ was a huge success, but if it weren’t for the untiring efforts of few personnel the event would have been just another dream. The Project Chairperson Akila De Silva and his team made many sacrifices in order to make this event a reality. I could remember how they used to gather around the Canteen tables and how they plan the event, sipping a hot cup of tea which Akila never forgets to buy for whoever is present for the meeting.  They spend hours under the scorching sun in search of Advertisements, looking out for Sponsors and even in organizing a Car wash. Finally all their hard work was paid off.

Dancing and Drama are two powerful elements of the universe. Incorporate Music and you get a combination of three elements that could sway crowds by the hundreds and inspire lives by thousands. The Curtains are down on yet another year of Talento with a hope of bringing out the grandeur and celebrating the eternal reality once again in the years to come.
-          Ransika Jayawickrama -

කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකාර පීඨය විසින් පවත්වනු ලැබූ “ Talanto 2018 ” නැරඹීම නිසා අද හවස් වරුව බූන්දි මෙන් පැණි රස විය..ප්රසංගය සදහා කිසිම ආකාරයක සම්බන්දයක් නැති හෙයින් පිටුපස ආසනයකට වී රිසි සේ රසවිදීමට හැකිවීම නිසාම හරිම වින්දනයක් ගැනීමට හැකි විය.. කලමණාකාර පීඨය යනු හර බැර යසට අනා ආහරයට ගත් පසු දිරවාගත හැකි වූ සෙට් එක තේරී පත්වන තැනකි.. වාණිජ කරපු එකා, ඕකුන් කොහේද කලාව ගැන දන්නේ , අපිනේ කලාකාරයෝ කියා උඩ පැන බල්ටි ගැසුවාට ඕනෑම මිනිසෙකු තුල කලාකරුවෙක් හැංගී ඉන්නවා යනුවෙන් Joseph Beuys විසින් කියූ කතාව මැනේජ්මන්ට් වුන්ටද අදාලය..අද ඔප්පු කිරීමටද සමත්විය..

මා දන්නා තරමින් මෙසේය.. වේදිකාවක් මත ඉන්න වර්ණවත් හීන දැක්කත්, ඔය පීඨය තුල තව කීදෙනෙකනම් අපෝ අපි මැනේජ්මන්ට් කියා උණ භීතිකාවෙන් හැංගිලා ඇද්ද..කොමස් කරපු වෙස් නැටුම් ශිල්පියෙක් පංසලේ පෙරහැරේ ඇරුනාම නටපු වේදිකාවක්වත් බෙරේ පලුවක්වත් නැතුව ඇති, ගායනයට දක්ෂ කෙනා බාත් රූම් සිගර් කෙනෙක් වෙලා හාරිස්පත්තුවේ ඇති, හොරෝපතානේ හොදම නිළිය අම්මාට රඟපාලා කුසලතා පෙන්වනවා ඇති..ඔය අයට කොමස් භීතිකාව වැළදිලා නිසා කලාව වැළලිලා ඇති..


මේ ගෙන්දගමේ රස්නෙට අමතරව විභාග රස්නේ පිච්චෙද්දී කොහේ හෝ හැංගිලා තියෙන කලා හැකියාව වුනත් තව තවත් හැංගෙන්නේ බුදු අම්මෝ අපිට බැරියෝ කියාගෙනය..ඉතින් එහෙව් පසුබිමක මෙවැනි අවස්ථාවක් ලබාදීම යනු ගමේ නැට්ටුවාට රියැලටි ශෝ එකක් සෙට් කර අත්පොලසන් නාද දුන්නා වැනිය..කොයි කොටුවෙත් එක කුකුළෙක් ඇදේට යනවා කියනවා වගේන මෙවැනි දෑ කිරීම මැනේජ්මන්ට් හි කන්යා භාවයට හානි වේයැයි සිතා අම්මටසිරි වෙන අපරාදයැයි සලකණ අය ගැනනම් කණගාටු විය යුතුය..පාන් නැත්තන් බුරියානි කාපිය කියන අය ගැනනම් ඕනේම නැත...
ඇත්තටම වැඩේ අපූරුයි.. මේක මේ ලංකාවේ මාරම එක වෙලා,බුදු අම්මෝ එක නෙවෙයි, නමුත්, මේ කළමණාකරුවා තුල ඉන්න කලාකරුවා සොයායෑමට අවස්ථාවක් සැකසීම හෝ, පහසුකම් අඩු වීම නිසා බොහෝ දේ මගහැරුණු සුළුතරයකට මෙම අවස්ථාව මාර එකක් වනු ඇත..
ගායනය තුල මා සෘතිය සෙව්වේ නැත, රංගනය තුළ හඬ පාලනය, වේදිකාව භාවිතය සොයන්නට ගියේ නැත, නර්තනයක් තුල අඩි තාල සෙව්වේ නැත..නිවේදනය බුදු කිරිඅප්පොචිචියේ මෙන්න කටහඩ කියා මුරුංගා වන්දනා කරේ නැත..මුකුත් නොදන්නා කෙනෙකු මෙන් කිසිවක් නොසිතා ඒකාකාරී පිරිසකට එයින් මිදීමට සැකසූ අපූරු වේදිකාවේ රසවිදීම පමනක් සිදුකළ නිසා මම එතුල මාර ආදර කතාවක සිර විය, උන්මාද චිත්රා කැලේය..එනිසා මෙය හදවත පිනවූ අපූරු වැරැද්ද වෙනුවෙන් කරන හදවත් කතිකාවක් විනා විචාරයක්වත්, සෑ වෑව් මෙන්න වැඩ ඔයාලත් දැනගන්න කියලා ලෝකයාට දැනගැනීම පිනිස ලියන්නක් නොවේ..
අවසානයේ කිව යුත්තේ මෙච්චරයි, බොහෝ ප්රශ්න පිට ප්රශ්න නැගෙද්දී ඒවා කලමණාකරනය කරගෙන දෙවැනි වරටත් මෙය සංවිදානය කරණු ලැබූ පිරිසට සුබ පතන්නේ රතු රෝස මල් මිටක්ද කැටුවය..කහ රෝස හොද නැත. ඔය හිටියා වගේ බොහෝ දෙනෙක් ඕක ඇතුලේ ඇති. හැමකෙනෙක්ටම ඔය වේදිකාව ඉඩ හදන්න.අඩු පාඩු තියෙන්නේ ඒවා හදාගෙන ඉදිරිය තකා පාරක් ගොඩනගාගන්න..

ඉතින් හෙමින් හෙමින් පාර හදාගන්න ගමන් ඉදිරියටත් මෙවැනි අපූරු දේවල් කරන්න,ආවා කෑව බිව්වා පහ කරා ලෝගුව ගත්තා යන කැම්පස් ජීවිතය වෙනුවට මෙවැනි හැකියාවන් හොයාගෙන ගිහින් කැම්පස් එක තුල ගත කරපු කාලයේ සුමිහිරි මතකයන් එකතු වෙන මේ විදිහේ වැඩ තව තවත් කරන්න, එහෙම නැතුව කොමස් කරපු පළියට හර බැර කිරා ලෙජරයක් ඇතුලේ ජීවිතය ශේෂ කරන්නට ගොස් මොනාද කාපු රිලවුන් මෙන් උඩ බලාගෙන නොසිටින්න. අලියා කාපු දිවුල් ගෙඩිය මෙන් අවසානයේ බෙට්ටයි කට්ටයි ඉතිරි නොකිරීමට වැඩ කරන්න..ඔබ සැමට ජයක් වේවා.!
- ස්වාධීන මාද්යවේදී තීක්ෂණ ශ්රී විජේසිංහ -

සරසවි වරම, මොකක්ද කියන්නේ? කියන්නේ සරස්වතී මෑණියන්ගෙන් ලද දායාදය කියන එක. එතකොට සරසවි වරම් ලබපු කොළොඹ විශ්ව විද්යාලයේ විද්යයර්ථයා කියන කෙනා කරන්නේ පොත් පත් දැනුම එක්ක ගැටෙන එකනේ.. එත් සරසවි මෑණියන්ගෙන් වරම් ලැබුන නම්  ඒවා කලාත්මක පැත්තක් වෙන්න ඕන නේ.. අන්න ප්රශ්නෙට තියන උත්තරේ තමා අපි Talento කියලා කියන්නේ..

උසස් පෙළට වානිජ් විෂය තෝරගත්තු අනිත් කලාත්මක කුසලතා වළලන්න වුනු, ලස්සණ හැකියාවල් යට ගියපු විද්යාර්ථීන්ගේ හැකියාවල් මතු කරන තෝතැන්න තමා Talento කියන්නේ.. මේ ප්රසංගය හරහා නර්ථනය, ගායනය, වාදනය, රංගනය කියන දේවල් ඔපමට්ටම් කරනවා වගේම, සංවිධානය කිරීමේ හැකියාව, මුදල් පාලනය, මුදල් රැස් කරගැනීම වගේම කණ්ඩායම් හැගීම වගේ දේවලුත් වර්ධනය කරනවා මේ තුලින්..


එක තැනක ප්රසංගයට පුරුදු වෙනකොට, තව තැනක වේදිකාව සරසනවා, තව පිරිසක් අනුග්රහයට ආයතන හොයනවා, තව අය පරිපාලනයෙන් නොසෑහෙන්න බැනුම් අහන ගමන් අවසර ගන්න උත්සහ කරනවා අන්තිමට ලස්සණ වැඩක් දිගහැරෙනවා. එක එක පුද්ගලයන් පෞද්ගලිකව කරපු විශාල කැපකිරීම් ගොන්නක් නිසා තමා මේ ප්රසංගය මේ තරම් සාර්ථක කරගන්න පුළුවන් වුණේ..

ජපුරේ, කැළණියේ සරසවි වල කෙරෙන Vibes, Sisi Arundathee, The Stylish Marketer වගේ  ප්රසංග ගැන අපේ වේදිකාවේ  අපේ නිවේදකයන්ගේ කටින් කියවුනා වගේ සරසවි වල අපේ Talento ගැන කියැවෙන එක තමා අපේ අරමුණ වෙන්න ඕනේ මූලිකවම. මුල් අදියරේ අපි ලබන සාර්ථකත්වය තමා ඒක සහා ඊට එහා ගිය සාර්ථකත්වයක් පසුව ලඟා කරගන්න ලැබෙන්න මේ ප්රසංගය වර්ෂ ගානක් සාර්ථක කරගන්න ලැබෙන්න කියන එක පුරවර පින්බිමට ආදරේ සැමගේ පැතුම කියලා හිතන්න පුළුවන්...

- සචින් රශ්මික මෙන්ඩිස් -

ඉතින් අදහස් එක්ක ඔයාලගේ අදහසුත් ගලපලා බලන්න.. කොච්චර දුරට එයාලගේ අදහස් ඔයාගේ අදහස්එක්ක ගැලපුනාද?? එක දෙයක් අන්තිමටම අපි එකතු කරන්න කැමති.. තමයි අපේ සහෝදරයෝ තුන් දෙනා කිව්වා වගේම මේ ප්රසංගය දිගින් දිගටම කරගෙන යන්න පුලුවන් වෙන්න කියලා අපි හැමෝම ගොඩක් ආදරෙන් ආශිර්වාද කරනවා කියන එක .. 


තවත් මේ වගේම ආටිකල් එකකින් අපි හම්බෙමු.. එතකන් පොඩ්ඩක් ඉවසලා ඉන්න...

අපි FMF Media Blog Unit...

Comments

Post a Comment

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19