Seeking for Reality
ජිවිතේ තරුණ අවධිය ගැන අපි කලින් ආටිකල් එකේ කතා කරපු නිසා, අද ආටිකල් එකෙන් අපි ජීවිතේ තරුණ අවධිය එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙන "ජීවිත යතාර්ථය" ගැන කතා කරන්න තීරණය කලා. වැඩි කතා නැතුවම අපි බලමූ අපේ ජීවිතය මුහුණදෙන යතාර්ථය කොහොමද ඉසුරි නංගි විස්තර කරල තියෙන්නේ කියලා. මව් කුසින් ඉපිද, මේ මිහිතලයේ පන නල හා මුසුව, ජීවන මන් යාත්‍රාවේ පියමන් තනන, මනුෂ්‍යයෝ අතරක් නොපෙනෙන ලුහුඩු මිරිගුවන් පසුපස ඇදෙමින් වෙහෙසට පත්ව සුසුම්ලති. කෙදිනකවත් තමන් දුවන්නේ කුමක් පසුපස දැයි නොදැනම එයට ආශා කරති, ලබා ගැනීමට අසීමාන්තික තරගයක යෙදෙති. එකා පසුපස ඇදෙති. එකෙක් පරයා එකෙක් නැගෙන්නට දෙපාරක් නොසිතති. එකිනෙකා හා ඊර්ෂ්‍යාවෙන් හා වෛරයෙන් බැදෙති. තමා දෙසට යොමු වූ සිව් අතැගිලි දෙස නොබලාම අනෙකා වෙත ඇගිල්ල යොමු කරති. ඒ සියල්ලම සමගින් අවසන ජයම පතති. එහෙත් ස්වාභාවය වන්නේ කෙනෙක් ජය ලබද්දී, කෙනෙක් පරාජයට පත් වීමයි. ඒ දෙස මදක් හෝ සුබවාදීව දකින්නට පුරුදු වූ තැනැත්තා එය එක සිතින් බාර ගනියි. එහෙත් එසේ නොවූ තැනැත්තා එය නොඉවසයි. නමුත් සෑම අවස්ථාවක් ම එලෙස නොවිසදෙයි. මන්ද අපි සියල්ලෝම සිත දමනය කරගත්තෝ නොවන ...