Neither Black Nor White
''Talento'' ආටිකල් එකෙන් පස්සේ අපි හිතුවා කලින් වගේම එක එක මාතෘකා එක්ක අලුත් විදියට ඔයාලත් එක්ක එකතු වෙන්න. ඉතින් පළමු වසරේ ඉන්න හේෂාන් මල්ලි අපිට එදිනෙදා ජීවිතේදී හම්බෙන කළු සහ සුදු චරිත වල මිශ්‍රණයක් වෙච්ච අළු චරිත ගැන ඔහුට දැනෙන සහ හිතෙන දේ ලියලා එවලා තිබුණා. ඔබේ ජීවිතෙත් මේ වගේ අළු චරිත හම්බෙලා තියෙන්න පුළුවන්. අපි හැමෝම පරිපුර්ණ මිනිස්සු නෙමෙයි. ඉතින් මේ අළු චරිත ගැන ඔහුගේ අදහස් එක්ක අපි එකතු වෙමු. තීරණය ඔබට භාරයි ඔහුගේ අදහස් කොච්චර දුරට ඔබේ අදහස් එක්ක ගැලපුනාද කියලා තීරණය කරන්න. අළු චරිත ඕනෑම චරිතයකට හොද හා නරක ලෙස වර්ග කිරීමට සමාජය වර්තමානයේ හුරු වී ඇත. නමුත් ඕනෑම පුද්ගලයෙකුගේ චරිතය තුළ හොද හා නරක ගුණාංග ඇත. මොවුන් හොද ලෙසද මොවුන් නරක ලෙසද ඔවුන්ව වෙන්කර දැක්වීම නුවණට හුරු නැත. ඕනෑම හොද පුද්ගලයකු ලගින් ඇසුරු කරන විට ඔවුන්ගේ වැරදි දහසක්ද, ඕනෑම නරක පුද්ගලයකු ඇසුරු කරන විට ඔහු තුළ ඇති හදුනා නොගත් ගුණාංග දහසක් හදුනාගත හැක. එම නිසා ඕනෑම පුද්ගලයකු 100% ක් හොද හෝ නරක නැත. සියල්ලන්ම පෘතග්ජනය. එම නිසා සියල්ලන් තුළ නිවැරදි කරගැනීමට දහසක් දේ ඇත. කිසිම විටක අපිට ව...