1996 Wills World Cup - Episode 01 (SL vs AUS)
ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න් 02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් අද එහි ආරම්භය. 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගන්න අපි තීරණය කලා. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වෙන්නේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු දැඩි ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන පුද්ගලයෙක්. ඉතින් අපි එකතු වෙමු 1996 තරඟයේ මතක එක්ක... ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම ඕනෑම රටකට, කණ්ඩායමකට අමරණීය අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලෝක කුසලාන තරඟාවලියක ක්‍රීඩා කිරීමම ක්‍රීඩකයන්ගේ සිහිනයකි. හිරු නොබසින අධිරාජ්‍යය ලෙස සැලකූ මහා බ්‍රිතාන්‍යයේ දායාදයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව මෙරටට ලැබුනු අතර 1996 දී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරන තුරුම, ශ්‍රී ලං...