Happiness can be found even in the Smallest
ටික කාලෙක නිහැඬියාවෙන් පස්සේ ආයෙත් අපේ ආදරණීයන්ගේ අදහස් එක්ක එකතු වෙන්න අපිට පුළුවන් වුණා. විභාග සේරම ටික ඉවර කරලා ආයෙත් ටික කාලෙක නිදහසක් ලබාගන්න අපිට පුළුවන් වුන නිසා දිගටම ආයෙත් හැමෝගෙම අදහස් අපේ බ්ලොග් පිටුවේ ලියවේවි. අද අපේ ආටිකල් එක ලියවෙන්නේ හිමාලි අතින්. ඇයගේ හිතට දැනුන විදියට සතුට කියන දේ අපි ලබාගන්නේ කොහොමද සහ ඒ සතුට අපි දකින්න ඕන කොහොමද කියන එක ඔබට කියවලා තේරුම් ගන්න පුළුවන් වේවි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඇයගේම ශෛලියකට මේ ආටිකල් එක ලියවිලා තියෙනවා. ඔබට ආරාධනා කරනවා ඔබේ හිතට සතුටක් එකතු කරන්න ඇය යෝජනා කරන ක්‍රමය සාර්ථකද නැද්ද කියලා ස්වයං සංවාදයක් ඔබත් එක්කම කරන්න කියලා. අපි එකතු වෙමු ඇගේ අදහස් එක්ක... පුංචිම තැනක වුවද සතුට තිබිය හැක හිතිලා තියෙනවද කවදාම හරි ජීවිතේ හරි සුන්දරයි කියලා, දැනිලා තියෙනවද කොයිම වෙලාවක හරි ඒ ජීවිතේ හරි බරයි කියලා. දැන් ඔයා හිතයි සුන්දර ජීවිතයක් බරයි ද කියලා. ඔයත් හිතාගෙන ඉන්නේ සතුටින්ම ජීවත් වෙන්වා කියලා. අපට පේන ජීවිතේ සුන්දරයි කියන මිනිස්සුන්ට ප්‍රශ්න නෑ කියලද? ඒත් ඔයා දන්නවද හැමෝටම හැමදාම එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා සහ ස...