Happiness can be found even in the Smallest

ටික කාලෙක නිහැඬියාවෙන් පස්සේ ආයෙත් අපේ ආදරණීයන්ගේ අදහස් එක්ක එකතු වෙන්න අපිට පුළුවන් වුණා. විභාග සේරම ටික ඉවර කරලා ආයෙත් ටික කාලෙක නිදහසක් ලබාගන්න අපිට පුළුවන් වුන නිසා දිගටම ආයෙත් හැමෝගෙම අදහස් අපේ බ්ලොග් පිටුවේ ලියවේවි. අද අපේ ආටිකල් එක ලියවෙන්නේ හිමාලි අතින්. ඇයගේ හිතට දැනුන විදියට සතුට කියන දේ අපි ලබාගන්නේ කොහොමද සහ ඒ සතුට අපි දකින්න ඕන කොහොමද කියන එක ඔබට කියවලා තේරුම් ගන්න පුළුවන් වේවි කියලා අපිට විශ්වාසයක්‌ තියෙනවා. ඇයගේම ශෛලියකට මේ ආටිකල් එක ලියවිලා තියෙනවා. ඔබට ආරාධනා කරනවා ඔබේ හිතට සතුටක් එකතු කරන්න ඇය යෝජනා කරන ක්‍රමය සාර්ථකද නැද්ද කියලා ස්වයං සංවාදයක් ඔබත් එක්කම කරන්න කියලා. අපි එකතු වෙමු ඇගේ අදහස් එක්ක... 

පුංචිම තැනක වුවද සතුට තිබිය හැක

හිතිලා තියෙනවද කවදාම හරි ජීවිතේ හරි සුන්දරයි කියලා, දැනිලා තියෙනවද කොයිම වෙලාවක හරි ඒ ජීවිතේ හරි බරයි කියලා. දැන් ඔයා හිතයි සුන්දර ජීවිතයක් බරයි ද කියලා. ඔයත් හිතාගෙන ඉන්නේ සතුටින්ම ජීවත් වෙන්වා කියලා. අපට පේන ජීවිතේ සුන්දරයි කියන මිනිස්සුන්ට ප්‍රශ්න නෑ කියලද? ඒත් ඔයා දන්නවද හැමෝටම හැමදාම එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා සහ ස්වරුපය විතරක් අපි එකිනෙකාට වෙනස් වෙන්වා කියන එක. ඉතින් ඔයා පිළිගන්නවාද ජීවිතේ හරි පුදුමයි කියලා. ඔව් ජීවිතේ ඇත්තටම පුදුමයි සරලයි, සුන්දරයි, විනෝදයි අපි කැමතිම විදිහට.
ඒත් වෙලාවකට ඒ ජීවිතේම කටුකයි, අමිහිරියි, අපි අකමැතියි. අරමුණු නිසාම ජීවත් වෙන ඔයත්, මමත් මේ අරමුණු වලට යන්න මහා ගොඩක් හීන හිතේ දරාගෙන හුස්ම ගන්නවා. කාලයක් තිස්සේ බලාගෙන හිටපු හීනයක් හැබෑ වුන දවසට කොච්චර නම් සතුටු හිතුනද? ඇස් කොනිත්තලා සතුටු කඳුලූ එලියට පනින්න පොරකන තරමට. ඒත් ළඟා කරගන්න බැරි වුන හීනයක් ළඟ, එලිය වැටෙන්නත් කලින් ඝන අඳුරේම ඇස ඉස්සරහම විනාශ වෙලා අතපය කැඩුණු නැගිට ගන්න බැරි වුන හීනයක් ළඟ ඔයාටත් දැනුනද ඒ වේදනාව හදවත කීරි ගැහෙන තරමට මම වැටුන නේද කියලා හැඟීමක් එක්ක. මේ වගේ වෙලාවක හිතින් කඩාවැටුනම, තනියම ප්‍රශ්න විසඳන්න, හඬන වෙලාවක ඔයාගේ කිසිම ආදරනීයයෙක්ගේ උදව්ව්වක් නැතිව තවත් ප්‍රශ්නේ වැඩි කරගෙන ඉන්න වෙලාවක ඔයා හිතුවාද සතුට හරි පුංචිම තැනකත් තියෙන්න පුළුවන් කියලා.

හුස්ම වැටෙනකම් ඔයත් මමත් අපි හැමෝම යන ජීවිත ගමනේ එක එක කාලෙට එක එක විදිහයි. ඒ ඒ කාලෙට ඒ ඒ දේවල් වලට අනුව ජීවත් වෙන්න හැඩගැසුණ නැත්නම්, හැමවෙලේම ලැබෙන දේවල් ප්‍රතික්ෂේප කලොත්, තව තවත් ඊටත් වැඩිය හොඳ දේවල් පස්සේ පන්නගෙන යන්න ඔය ඔයාගේ වේලාව කැපකරලා සතුටින් ඉන්න තියෙන වෙලාවල් නැති කරගත්තොත්, ඒ ඒ කාලෙට ජීවිතේ ලැබෙන දේවල් හරි ආදරෙන් බාරගත්තේ නැත්නම්, හැමවෙලේම දේවල් ප්‍රතික්ෂේප කලොත් කොටින්ම කිව්වොත් ජීවත් වෙන පරිසරයට ඔයා හුරු වුනේ නැත්නම්, ඔය දන්නවාද ඒ පරිසරය මොකක් වුනත්, ඒ අවස්ථාව මොකක් වුනත්, ඒ අවස්ථාව මොකක් වුනත් ඒක ඔයාව ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒක ඔයාට තව තවත් අමාරු වෙනවා කියලා. ඒකයි අපි තේරුම් ගන්නම ඕන ප්‍රශ්න වගේම ඒවාට උත්තරත් තියෙනවා කියලා. සතුට හරි පුංචිම තැනක තිබිල වුනත් හම්බෙන්න පුලුවන් කියලා.
ඒ වගේම ඔයා ජීවත් වෙන පරිසරයට හුරු උනොත් හැමදේකම ඔයාට ඕනෑම විදිහ නැතුව ඒවායේ ඇත්තම විදියටත් ආදරේ කලොත්, ඒ වගේම ඒවාට ගරුකරලා බාරගත්තොත් ජීවත් වෙන්න ලේසියි කියලයි මට හිතෙන්නේ. මෙහෙම හිතන්නකෝ ඔයා ආදරේ කරන කෙනා ගැන. ඔයා හැමවෙලේම එයාගේ වැරදි හෙව්වොත්, එයාගේ ඇත්තම විදියට ආදරේ නොකර එයාව ඔයාගේ විදියට වෙනස් කරන හැදුවොත් එක එයට කොච්චර එපා වෙයිද? ලේසිම කාලවලට අමතරව ඔයා ඔයාගේ ජීවිතේ අමාරුම කාලවලටත් ආදරේ කරලා ඒවාට සාර්ථකව මුහුණ දෙන්න තරම් හිතේ ශක්තියක් ගොඩනගගත්තොත් ඔයාට එක කොච්චර ලේසි වෙයිද? ජීවිතේ ගොඩක් ලස්සන වෙයි කියලයි මට හිතෙන්නේ.

හැබැයි කොහොමටවත් මම එකඟ නෑ, ලැබෙන දේ ඒ විදියට බාරගෙන ඔහේ ජීවත් වෙනවට ජීවත් වෙනවයි කියන එකට. ඒ වගේම මේ දේ මෙහෙම ලැබෙයි අරහෙම ලැබෙයි කිය කියා හීන මවමින් ජීවත් වෙනවට ඒ දේවල් වෙනුවෙන් මහන්සි නොවී. මෙහෙමයි මට හිතෙන්නේ, අපි බලාපොරොත්තු වෙන පරිසරයක් අපි අපිට ජීවත් වෙන්න හදාගන්න එක හොදයි. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනෑමයි. එත් හැමවෙලේම අපිට ඕනෙම දේ ලැබෙන්න ඕන කියලා ලැබුණ දේවල් ගැන නරකම, වැරදීම හිත හිත ජීවත් වෙන එකෙන් වෙන්නේ දුකක්ම විතරයි. ඒකේ කිසි සතුටක් නෑ. හැමවෙලේම කලකිරීමෙන් ජීවත් වෙනකොට ඒක එපා වෙනවනේ. ඒ නිසා පොඩ්ඩක් නැවතිල්ලේ ඉවසීමෙන් බලන්න ඕන වෙයි පොඩි උත්සහයක් එක්කම. එතකොට ඔයාට සතුට හරි පුංචිම තැනක තිබිල වුනත් හොයාගන්න බැරි වෙන එකක් නැහැ.
තව පුංචි දෙයක්,
මේ ජීවිතේ මම තේරුම් ගත්තා, දෙයක් දිහා අපි අකමැත්තෙන් බලන්න බලන්න ඒ දේ කොච්ච්ච්ර නම් ඒ දේ කොච්චර නම් හොඳ වුනත් අපිට කැමැත්තක් හිතෙන්නේ නෑ. තවත් අකමැති වෙන්නම හේතු ගොඩගැහෙනවා. හැබැයි පොඩ්ඩක් නැවතිලා හිමිට බැලුවොත්, ඉවසිල්ලෙන්, මුලින් අකමැති කියලා හිතෙන දේවල් වල අපිට කැමැත්තක් හිතට දැනෙන්න සාධකත් නැතුවම නෙවෙයි.

සතුටම හොයනවා වෙනුවට 
සතුටින්ම ජීවත් වෙන වුන් හට 
පුංචිම තැනක තිබී වුව 
මහා ගොඩක් සතුට හමුවිය හැක 

හිමාලි නිසංසලා දයානන්ද 
කළමනාකරණ හා මුල්‍ය පීඨය 
දෙවන වසර 

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...






Comments

  1. Superb hima....❤️❤️...keep it up....👍👍👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19