Posts

Showing posts with the label Faculty events

Where the Trust Is?

Image
විශ්වයේ මිනිසා බිහිවීමත් සමග ඔවුන් විවිධ ශිෂ්ටාචාර,  විවිධ යුග පසුකරමින් අදටත් මේ මිහි තලය තුල ජීවත් වෙනවා.මේ ඔවුන් පසු කල සෑම කාලවකවානුවක් තුලදීම එකිනෙකාගෙ අදහස් හා ක්‍රියාකාරකම් අනුව විවිධ වස්තූන් දේවත්වයෙන් සැලකූ අතර පසු කාලීනව විවිධ ආගමික සංකල්ප ඔස්සේ එක් එක් ගෝත්‍රය පසුබිම් කොටගත් ආගම් ධර්මතා ඔස්සේ ජීවත් වීය. ජීවිතයේ යතාර්ථය සොයා පසුගිය සතියේ ගමන් ඇරඹූ අපව කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ඉගෙනුම ලබන කිසල් සොහොයුරා මෙවර ආගමික ඇදහිලි ඔස්සේ ගොඩ නැගුනු විශ්වාස පිලිබදව පසුවිපරමක් කිරීමට යොමුකරන හැටි හරි අපූරැයි. මේ ඔහු විසින් රචිත විශ්වාසය කොතනටද? ලිපියයි. මිනිසා කියන්නේ සත්ව ලෝකේ හම්බවෙන අමුතුම ජාතියේ සත්වයෙක්. මෙයා අනික් සත්තුන්ගෙන් වෙනස් වෙන්න හේතු හුඟාක් තියෙනවා. හිතලා මතලා තීරන ගන්න පුලුවන්කම, අලුත් දේවල් නිර්මාණය කරන්න පුලුවන්කම, අදහස් එකිනෙකා අතර හුවමාරු කරගන්න පුලුවන්කම වගේ දේවල් ඒ අතරින් කීපයක්. මේ දේවල් ගැන අපි හැමෝම දන්නවා. එහෙම දැනගන්න පුලුවන් වෙලා තියෙන්නෙත් අපි මිනිස්සු වෙච්ච නිසාමයි. ඒත් මේ අලුත් ශතවර්ශය පටන් ගන්නවත් එක්කම මිනිසා අනික් සත්තුන්ගෙන් වෙනස් වෙන අලුත්ම හේතු...

FMF Media Induction Day 2018

Image
අපේ Media Club එකේ වයස දැන් අවුරුද්දකට වඩා ටිකක් වැඩී. දැන් ඉස්සරට වඩා හැම අංශයක්ම කාර්යබහුලයි. ඉතින් අපි තීරණය කලා අපේ FMF Media පවුලට තව සාමාජිකයෝ ටිකක් එකතු කරගෙන අපේ මේ ගමන තවත් සාර්ථකව යන්න. ඒකට පියවරක් විදියට අපේ ආදරණීය නංගිලා මල්ලිලා එක්ක කතා කරන්න ඔවුන්ට FMF Media කියන්නේ මොකක්ද කියන දේ තේරුම් කරන්න අපි සැප්තැම්බර් මාසේ තුන් වෙනිදා 2018 අවුරුද්දේ නිල ආරම්භක උත්සවය පැවැත්වුවා.  එදා දවස ගැන අපිම ලියනවට වඩා ඒ දවස ගැන අපේ පුංචි අමුත්තොන්ගෙන්ම අහල දැනගන්න අපිට ඕන වුණා. ඉතින් අපිට අදහස් දක්වන්න මල්ලි කෙනෙකුත් නංගිලා දෙන්නෙකුත් ඉදිරිපත් වුණා. භාෂා දෙකෙන්ම ආටිකල් ඉදිරිපත් වෙච්ච නිසා සමබර අදහස් කීපයක් අපිට ඔබ වෙතට දෙන්න පුලුවන් කියන විශ්වාසේ අපිට තියෙනවා. අපි බලමු ඔවුන්ගේ අදහස් මොන වගේද සහ ඔවුන්ට එදා දවස දැනුනේ කොහොමද කියලා... This is how  Ishan Malli expressed his Feelings on the FMF Media Induction Programme 2018 I still remember the very first date that our Ayyas and Akkas of the FMF Media Club doing us a very brief introduction of the club. At that time I...

FMF - Media Committee 2018/19

Image
හන්තාන සිහිනය , Talento, මේ FMF Media Blog අඩවියේ ආරම්භය පමණයි . ආටිකල් දෙකක් ක් රස විඳපු ඔබට හිතෙනවා ඇති අනාගත කළමනාකරුවන්ට මේ තරම්ම හැකියාවක් තිබෙනවාද කියලා .  අපේ   පීඨය තුල සිටින සරසවි ශිෂ් ‍ යන්ගේ නොදකින , නොහිතන , ඒ වගේම ඒ ඒ සරසවි ශිෂ් ‍ යයා තුල සිටින සොඳුරු කලාකරුවාට ආමන්ත් ‍ රණය කරන්න  FMF Media මේ මොහොතේදීත් වෙහෙසෙන්නේ දිවා රෑ නොබලා ... වමේ සිට දකුණට  ලලේෂි වීරසිංහ - ලේකම්, ශිධාරා සත්සරණී - උප සභාපති, තරිඳු ප්‍රභාත් - ප්‍රධාන සම්බන්ධීකාරක (නිවේදන), මලිත් ගමගේ - ප්‍රධාන සම්බන්ධීකාරක (නිර්මාණකරණය හා තාක්ෂණික අංශය), අසෙල් ප්‍රනාන්දු - ප්‍රධාන සම්බන්ධීකාරක (බ්ලොග් අඩවිය), විශ්මිත නිර්මාණ - සභාපති, ෂෙහාන් සමරරත්න - ප්‍රධාන සම්බන්ධීකාරක (ඡායාරූපකරණය), පසිඳු සෙනිත් ලක්ෂාන් - භාණ්ඩාගාරික, පමුදිත විශ්ව - ප්‍රධාන සම්බන්ධීකාරක (කථික), ධනංජය තරිඳු - ප්‍රධාන සම්බන්ධීකාරක (වීඩියෝකරණය), ප්‍රභාශි සතරසිංහ  - උප ප්‍රධාන සම්බන්ධීකාරක (බ්ලොග් අඩවිය),  අශ්විනි ද සිල්වා - ප්‍රධාන සංවිධායක  FMF...

TALENTO 18'

Image
හන්තාන සිහිනයට පස්සේ අපේ අවධානය යොමු වුනේ අපේ පීඨයේ අගෝස්තු 15 දෙවැනි වතාවට සිද්ද වුනු Talento 18’ ප්‍රසංගයට.. ඒක ගැන ලියන්න ඕනේ කියන දේ ගොඩක් දෙනෙක් කතා වෙච්ච දෙයක්.. ඉතින් ඒ ගැන අපිට ඉක්මනටම විස්තරයක් දාන්න ඕන වුණා.. ආටිකල් 3ක් එකතු කරගන්න පුලුවන් වුණා ප්‍රසංගය තියලා සතියක් යන්නත් කලින්.. වැදගත්ම දේ එතැන එක ආටිකල් එකක් ස්වාධීන මාද්‍යවේදියෙක් විදියට වැඩ කරන සොයුරෙක්ගේ වීම.. අපි බලමු ඔවුන් තුන් දෙනාගේ අදහස් මොන වගේද කියලා.. ප්‍රසංගය බලපු නොබලපු හැමෝටම මේ විස්තරේ කියෙව්වාම ගොඩක් දේවල් මතක් වේවි.. එක නම් ඉර හඳ වගේ විශ්වාසයි.. ආ... තව දෙයක්…පිරිමි ළමයි විතරක් මේ ආටිකල් තුන ලිව්වා කියලා ගෑනු ළමයි තරහා වෙන එකක් නෑ නේද?.. මොකද ඉස්සරහට අපි හැමෝටම එක වගේ අවස්ථාව දෙනවා කියන පොරොන්දුව දීලා තියෙන නිසා.. ආටිකල් තුනේ ආරම්භය ගන්නේ රන්සික... ඊලගට එකතු වෙන්නේ අපේ නිදහස් මාද්‍යවේදි තීක්ෂණ... ආදරේට ගොඩක් අය කියන්නේ තිකා කියලා... ඔහුගේ මාද්‍යවේදි ගමනට අපේ සුභ පැතුම් අපි එකතු කරන්න කැමති මේ වෙලාවේ.. අන්තිමටම අපිත් එක්ක අදහස් බෙදාගත්තේ සචින්.. අපි බලමු එයාලගේ අදහස් මේ ප්‍රසංගය ගැන... අපිත් එක්ක දි...