FMF - Media Committee 2018/19

හන්තාන සිහිනය, Talento, මේ FMF Media Blog අඩවියේ ආරම්භය පමණයි. ආටිකල් දෙකක් ක් රස විඳපු ඔබට හිතෙනවා ඇති අනාගත කළමනාකරුවන්ට මේ තරම්ම හැකියාවක් තිබෙනවාද කියලාඅපේ  පීඨය තුල සිටින සරසවි ශිෂ්යන්ගේ නොදකින, නොහිතන, වගේම සරසවි ශිෂ්යයා තුල සිටින සොඳුරු කලාකරුවාට ආමන්ත්රණය කරන්න FMF Media මේ මොහොතේදීත් වෙහෙසෙන්නේ දිවා රෑ නොබලා...
වමේ සිට දකුණට 

ලලේෂි වීරසිංහ - ලේකම්, ශිධාරා සත්සරණී - උප සභාපති, තරිඳු ප්‍රභාත් - ප්‍රධාන සම්බන්ධීකාරක (නිවේදන), මලිත් ගමගේ - ප්‍රධාන සම්බන්ධීකාරක (නිර්මාණකරණය හා තාක්ෂණික අංශය), අසෙල් ප්‍රනාන්දු - ප්‍රධාන සම්බන්ධීකාරක (බ්ලොග් අඩවිය), විශ්මිත නිර්මාණ - සභාපති, ෂෙහාන් සමරරත්න - ප්‍රධාන සම්බන්ධීකාරක (ඡායාරූපකරණය), පසිඳු සෙනිත් ලක්ෂාන් - භාණ්ඩාගාරික, පමුදිත විශ්ව - ප්‍රධාන සම්බන්ධීකාරක (කථික), ධනංජය තරිඳු - ප්‍රධාන සම්බන්ධීකාරක (වීඩියෝකරණය), ප්‍රභාශි සතරසිංහ - උප ප්‍රධාන සම්බන්ධීකාරක (බ්ලොග් අඩවිය), අශ්විනි ද සිල්වා - ප්‍රධාන සංවිධායක 

FMF Media හි සිදුවන සෑම කටයුත්තක්ම ඉතාමත් සාර්ථක ලෙස දිග හැරෙන්නේ කෙලෙසද? අනිවාර්යෙන්ම මේ ප්රශ්නය ඔබට ඇති

අද ආටිකල් එක තුලින් ඊට පිළිතුරු සැපයීමටයි මේ සුදානම....

FMF Media හි 2017/18 වර්ෂයේ හිටපු අපේම අයියලා, අක්කලා මේ භාරදුර කටයුත්ත අපේ අතට දෙනකොට 2018/19 අපේ කණ්ඩායම දේ හරිම ආසාවෙන් ලෙන්ගතුකමකින් බාරගන්නේ හරියට අලුත උපන් කුඩා බිළින්දෙක් ආදරයෙන් සෙනෙහසින් බලාගෙන උස්  මහත් කරනවා වගේ වගකීමෙන් වැඩ කරන්න හිතට අරන් කිවහෝත්  වඩාත් නිවැරදියි.

අපිට අපේ අයියලා , අක්කලා දුන්නු දේ අනාගත පරපුරට තවත් අගයන් එක්ක ලබා දෙන්නයි 2018/19 කමිටුවෙ සෑම වෙහෙසකම අන්තිම අරමුණ.

FMF Media යනු තවත් ඒකාකාරී මාධ් කවයක් නොවන බවත්, එකම දෙයකට පමණක් විශේෂීකරණය නොවූ ස්ථානයක් නොවන බවත්  ආඩම්බරයෙන් කියන්නේ එතුළ නිවේදන, කථික, විවාද, ජයරුපකරණය, විඩීයෝකරණය, නිර්මාණකරණය සහ ලිවීම යනාදී සෑම අංශයක්ම අපේ විද්යාර්ථීන්ගේ කුසලතා මුවහත් කරන්න, දක්ෂතා එළිදක්වන්න ඉඩ ප්රස්ථාව නොඅඩුව සලසන නිසාවෙනි..

නිවේදන හා කථික අංශය  
පිරිසක් ඉදිරියේ කතා කිරීමට කැමති ඊට අවශ් දැනුම ලබා ගැනීමට කැමති බොහෝ දෙනා අපත් සමග  එක්වී  සිටීමත්, විවිධ වැඩමුළු හා වැඩසටහන් පවත්වා එමගින් ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ අදහස් වලින් පෝෂණය වන්නටද අවස්ථාව ලබා දෙමින්, සිංහල, ඉංග්රීසි, දමිළ යන සෑම මාධ්යකින්ම මෙම අංශය ක්රියාත්මක වන්නේ සන්නිවේදනයේ සොඳුරු සිතුවම් මවන සන්නිවේදකයින් බිහිකිරීමෙහිලා නිවේදන හා කථික අංශය සාර්ථක ගමන් මගක නියැලෙන බව පසක් කරමින්..

ජයාරුපකරණ අංශය  
     
අප පීඨයෙත්, සමස්ත විශ්ව විද්යාලය තුලත් වඩාත්ම ජනප්රිය අංශය මේ අංශයයි. කැමරා කාචයට ග්රහණය වන සොඳුරු දසුන් හරි හතරැස් රාමු තුලින් ආයේ ආයේ හැඩ බලන්න කැමති හැමෝම එකතු කරන් මේ යන ගමන අති සාර්ථක බැව් තහවුරු කරන්නේ, අපි එක්ක එකතු වුනු හැමෝම අද අතිසාර්ථක ජයාරූප ශිල්පීන් වීමත් නිතර දෙවේලෙ යාවත්කාලින වෙන අපේ ඇල්බම් එකතු වලට ලැබෙන අසීමිත ප්රතිචාරත් එක්කයි..

නිර්මාණකරන අංශය   
FMF Media හි නැතිවම බැරි අංශය මෙයයි. ක්රීඩා සහ වෙනත් සියලුම ඉසව් ආවරණය කරමින් අදාල පුර්ව ප්රචාරණ දැන්වීම් නිර්මාණය සිදුවන්නේ මේ අංශයෙන්. එමෙන්ම FMF Media හි ෆේස්බුක් පිටුව යාවත්කාලීන කිරීමෙහිලා මෙමගින් ලැබෙන්නේ නොමසුරු දායකත්වයක්
නිර්මාණාත්මක චින්තනය ඩිජිටල්කරණයෙන් සමීප කරනට දරන මේ අංශයේ උත්සාහය අතිශය මහත් බැව් Facebook, Whatsapp ඇතුළු සමාජජාලා වෙබ් අඩවි වල නිතර දෙවේලේ උඩ පහල යන ඔබත් මමත් දන්නා කරුණක්.

ලිවීමේ අංශය
නුතන සරසවියේ ඩිජිටල් කැටපත්පවුර - FMF Media Blog අඩවිය ලියන්නට කැමති හැමෝම වෙනුවෙන් සකස්කරපු තෝතැන්නයි. FMF Media සාමාජික, සාමාජික නොවන හැමෝම වෙනුවෙන් ඔවුන්ගේ අදහස් ඔබ අතරට ගෙන එන්නේ අපි..
කාගේහරි හිතක ලියවුණ දෙයක් අකුරු වලට පෙරලලා අපේ අතට ලැබුනම ඊට අඩු වැඩිය එකතු කරලා, කියවන්න අස විදියට පින්තූර එකතු අමුණලා මේ Blog අඩවියේ පළකිරීම දක්වාම අපේ Blog අංශය හරිම උනන්දුවෙන් කටයුතු කරන්නේ සරසවි ශිෂ්යයා අරගලකිරීමට පමණක්ම නොව, එතනින් එහා ජීවිතයේ සොඳුරු බවත් විදින්නට පුළුවන් හරි අපුරු කොට්ටසයක් බවට තහවුරු කිරීමේ පුංචි බලාපොරොත්තුවත් එක්කයි.


මේ හැම අංශයක් එකට එක්කාසු කරන් FMF Media දිනෙන් දින සාර්ථකත්වය කරා ලගවෙන්නේ එහි පිටුපස සිටින ඔබ අපි නිසාමයි.

එන්න එකතු වෙන්න අපත් සමග...
ඔබේ හැකියාවට අපෙන් උපරිමය දෙන්න අපි සුදානම්...

මේ,
කොළඹ විශ්ව විද්යාලයයීය කළමනාකරණ හා මුල් පිඨයේ අභිමානය තවත් ඉදිරියට ගෙනයන්න.
FMF - Media අපි නොනවතින ගමනක බව කියන්න...

                                                       - FMF Media සංගමයේ ලේකම් ලලේෂි වීරසිංහ - 

                                                        අපි FMF Media Blog Unit...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever