Posts

Showing posts with the label How to get rid of problems

Neither Black Nor White

Image
''Talento'' ආටිකල් එකෙන් පස්සේ අපි හිතුවා කලින් වගේම එක එක මාතෘකා එක්ක අලුත් විදියට ඔයාලත් එක්ක එකතු වෙන්න. ඉතින් පළමු වසරේ ඉන්න හේෂාන් මල්ලි අපිට එදිනෙදා ජීවිතේදී හම්බෙන කළු සහ සුදු චරිත වල මිශ්‍රණයක් වෙච්ච අළු චරිත ගැන ඔහුට දැනෙන සහ හිතෙන දේ ලියලා එවලා තිබුණා. ඔබේ ජීවිතෙත් මේ වගේ අළු චරිත හම්බෙලා තියෙන්න පුළුවන්. අපි හැමෝම පරිපුර්ණ මිනිස්සු නෙමෙයි. ඉතින් මේ අළු චරිත ගැන ඔහුගේ අදහස් එක්ක අපි එකතු වෙමු. තීරණය ඔබට භාරයි ඔහුගේ අදහස් කොච්චර දුරට ඔබේ අදහස් එක්ක ගැලපුනාද කියලා තීරණය කරන්න. අළු චරිත  ඕනෑම චරිතයකට හොද හා නරක ලෙස වර්ග කිරීමට සමාජය වර්තමානයේ  හුරු වී ඇත. නමුත් ඕනෑම පුද්ගලයෙකුගේ චරිතය තුළ හොද හා නරක ගුණාංග ඇත. මොවුන් හොද ලෙසද මොවුන් නරක ලෙසද ඔවුන්ව වෙන්කර දැක්වීම නුවණට හුරු නැත. ඕනෑම හොද පුද්ගලයකු ලගින් ඇසුරු කරන විට ඔවුන්ගේ වැරදි දහසක්ද, ඕනෑම නරක පුද්ගලයකු ඇසුරු කරන විට ඔහු තුළ ඇති හදුනා නොගත් ගුණාංග දහසක් හදුනාගත හැක. එම නිසා ඕනෑම පුද්ගලයකු 100% ක් හොද හෝ නරක නැත. සියල්ලන්ම පෘතග්ජනය. එම නිසා සියල්ලන් තුළ නිවැරදි කරගැනීමට දහසක් දේ ඇත. කිසිම විටක අපිට ව...

Every Dark Cloud has a Silver Lining..

Image
ජීවිතේ අපි හැමෝම කාගේ හරි හිතේ වැරදිකාරයො වෙලා ඇති. ඒ අයගෙන් හිතින් හරි දොස් අහලා ඇති. ඉතින් සමාජයේ වැරදිකාරයො විදියට හංවඩු ගහපු සමහර අහිංසක ජීවිත අද වෙද්දී  සිපිරි ගෙය එයාලගේ ගෙදර කරගෙන ඉවරයි. ඒත් ඇත්තටම ඒ ජීවිත වැරදිකරයෝද? අපි ඒ තරම් ලේසියෙන් ඔවුන්ව ඒ මට්ටමට දැම්මේ කොහොමද? මේ ප්‍රශ්න සේරටම උත්තර දෙන්න අද හේෂානි සූදානම්. හැම මනුස්සයෙක්ම වැරදිකාරයෙක් වෙන්න අපෙත් යම් කිසි හෝ බලපෑමක් තියෙනවා කියන දේ තේරුණාම ඔබටත් තේරෙයි අපේ සමාජයේ කොතන හරි වරදක් වෙලා තියෙනවා නේද කියලා. අපි එකතු වෙමු ඇගේ අදහස් එක්ක. හිතට එකඟව අපිට පුළුවන් වුනොතින් හිතන විදිය වෙනස් කරගෙන අලුත් ඇහැකින් ලෝකය දකින්න මං හිතනවා ගොඩක් අහිංසක ජීවිත සිපිරි ගෙයි ඇතුලේ හිර වෙන්නේ නැති වේවි කියලා.  සෑම කළු වලාවකම ඇති රිදී රේඛාව පෘතුවි තලය තුල ජීවය ලබා සිටින ඕනෑම කෙනෙක්, අනුන් විනිශ්වය කිරීමට පෙළඹෙන්නේ නිතැතින්මය. එය අවිවාදයෙන් යුතුව පිළිගතයුතු කරුණකි. අප එදිනෙදා දකින ඕනෑම සංසිද්ධියක් අප දකිනා පැතිකඩෙන් පමණක් බලා, ආවේණික වූ කෝණයකින් එය සාධාරනීයකරනය කරමින් තාර්කිකව තීරණයන්ට විනිශ්චයන්ට එළඹෙන අපුර්වත්වය ඇගයීමට ලක් කල ...

Advice for Life

Image
අපේ ජීවිතේ හරියට හදාගන්න නම් සමහර අපි කරන දේවල්, හිතන දේවල්, කැමති දේවල් වෙනස් කරන්න අපිට සිද්ධ වෙනවා. එහෙම කරන්න වෙන්නේ අපි ජීවිතේ මොකක්ද කියන එක හරියටම තේරුම් ගත්ත දවසට. වැරදි සිද්ධ වෙනවා අපි කවුරුත් මිනිස්සු නිසා. ඒත් ඒ හැමදේම හදාගන්න අපිට අවස්ථාවක් කවදා හරි ලැබෙනවා කියන එක අනිවාර්යයි. අද අපේ ආටිකල් එකට මූලික වෙන්නේ කතන්දර තුනක්. ඒ කතන්දර තුන එක්ක ජීවිතේ සමහර දේවල් අපි වෙනස් කරගන්න ඕනේ කොහොමද කියන එක ලස්සනට ගලාගෙන යන විදියේ ආටිකල් එකක් අපිට ලියලා දුන්නේ සචින් . අපි එකතු වෙමු ඒ ආටිකල් එකත් එක්ක. හිතන්න ඔහුගේ අදහස් කොච්චර දුරට ඔබට ගලපගන්න පුලුවන්ද කීයලා. ඥා ණ   කථා  ඇසුරින් ජීවිතේට ඔවදන්   පලවෙනි ඥා ණ   කථාව දිනක් ගිරවුන් දෙන්නෙක් කැලයක තමන් ට නිදහසේ වාසය කරන්න පුළුවන් තැනක් හොයාගෙන ගියා. දෙන්නට හම්බවුනා හොද උස ගහක්. ඒ ගහේ එයාලට අවශ්‍ය තරම් කෑම තියනවා. එක ගිරවෙක් කිව්වා එය ගහ මුල හරියේ අත්තක වාසය කරන්නම් කියලා. අනිත් ගිරවා ගහ උඩට පියාඹල බෙනයක් තියන තැනක් හොයාගත්තා. ඔහොම ඉන්නකොට පහල හිටපු ගිරවා ව පිඹුරෙක් අල්ලගත්තා. උඩට ගිය ගිරවාට බලාපොරොත්තු වුන ...

Sarala Wana Tharamata Minisun Sonduruya.

Image
සරල වන තරමට මිනිසුන් සොඳුරුය... සැප්තැම්බර් මාසයේ ආරම්භය තියන්න හොඳ විදියක් අපි කල්පනා කර කර ඉන්නකොට එතනට ආව අපේම සොයුරෙක් කිව්වා "මන් ආටිකල් එකක් ලියලා ඉවරයි ඒක මං දෙන්නම්" කියලා. ඉතින් ඒ ආටිකල් එක ජීවිතේ ගැන. ජීවිතේ සරල වෙන්න වෙන්න අපිට ජීවිතේ සතුට වැඩි වෙනවා කියන එක ගැන.. අපි කියවලා බලමු සචින් සොයුරාගේ අදහස් මොන වගේද කියලා. ඔබට භාරයි තීරණය කරන්න ඔහුගේ අදහස් කොතරම් දුරට ඔබට වලංගුද ඒ අදහස එක්ක ඔබ කොච්චර දුරට එකඟද කියන එක. මේ ඔහුගේ අදහස ජීවිතේ සරල නම් එහි සොඳුරු බව වැඩියි කියන එක ඔහුගේම විදියට ඔප්පු කරන්න... බුදුරජාණන් වහන්සේ සිය බුද්දපුත්‍රයන් වහන්සේලා හට දේශනා කර ඇත්තේ කුරුල්ලකු මෙන් සරල වන ලෙසයි. එනම් කුරුල්ලකු සතුව බරක් කියා ඇත්තේ තම පිහාටු බර පමණක් ලෙසම, බුද්ද පුත්‍රයන් වහන්සේලා සතුව ඇත්තේ කුඹුරක ලියැදි ආකාරයෙන් සකස් කරන ලද සිවුරක් හා අනෙකුත් සුලු ද්‍රව්‍ය කීපයක් පමණි. එනම් පෙරහන්කඩක්, පාත්‍රයක් වැනි යමක් පමණි. එබැවින් උන්වහන්සේලා හට සොර සතුරු බියක් නැත්තේය. එබැවින් ඒ පිලිබදව සිතිය යුතු ද නොවේ. මෙම සංකල්පය සිතේ තබාගෙන වර්තමාන සමාජය දෙස බලමු. දිනකට පැය හයක් ව...