Advice for Life

අපේ ජීවිතේ හරියට හදාගන්න නම් සමහර අපි කරන දේවල්, හිතන දේවල්, කැමති දේවල් වෙනස් කරන්න අපිට සිද්ධ වෙනවා. එහෙම කරන්න වෙන්නේ අපි ජීවිතේ මොකක්ද කියන එක හරියටම තේරුම් ගත්ත දවසට. වැරදි සිද්ධ වෙනවා අපි කවුරුත් මිනිස්සු නිසා. ඒත් ඒ හැමදේම හදාගන්න අපිට අවස්ථාවක් කවදා හරි ලැබෙනවා කියන එක අනිවාර්යයි. අද අපේ ආටිකල් එකට මූලික වෙන්නේ කතන්දර තුනක්. ඒ කතන්දර තුන එක්ක ජීවිතේ සමහර දේවල් අපි වෙනස් කරගන්න ඕනේ කොහොමද කියන එක ලස්සනට ගලාගෙන යන විදියේ ආටිකල් එකක් අපිට ලියලා දුන්නේ සචින්. අපි එකතු වෙමු ඒ ආටිකල් එකත් එක්ක. හිතන්න ඔහුගේ අදහස් කොච්චර දුරට ඔබට ගලපගන්න පුලුවන්ද කීයලා.

ඥා කථා ඇසුරින් ජීවිතේට ඔවදන් 

පලවෙනි ඥා කථාව

දිනක් ගිරවුන් දෙන්නෙක් කැලයක තමන් ට නිදහසේ වාසය කරන්න පුළුවන් තැනක් හොයාගෙන ගියා. දෙන්නට හම්බවුනා හොද උස ගහක්. ඒ ගහේ එයාලට අවශ්‍ය තරම් කෑම තියනවා. එක ගිරවෙක් කිව්වා එය ගහ මුල හරියේ අත්තක වාසය කරන්නම් කියලා. අනිත් ගිරවා ගහ උඩට පියාඹල බෙනයක් තියන තැනක් හොයාගත්තා. ඔහොම ඉන්නකොට පහල හිටපු ගිරවා ව පිඹුරෙක් අල්ලගත්තා. උඩට ගිය ගිරවාට බලාපොරොත්තු වුන නිදහස ලැබුනා."
     මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නේ මොකද්ද? අපි ගන්න ඕන දෙය තමා අපේ ජිවිතේ තාවකාලික නැවතුම්පළවල් සදාකාලික කරගන්න හොද නෑ  කියන එක. අපිට නිදහසේ ජිවත් වෙන්න පුළුවන් විදියට අපිට හැකි තරමක් ඉහලට යන්න ඕනේ. වෙන කෙනෙක් තලා පෙලා දන්නේ නැතුව අර පිඹුරා කළා වගේ අනිත් අයටත් උදව් කරගෙන අපේ අරමුණ ලගාකරගන්නා ඕනේ. හිතන්න අපි ආයතනයක රැකියාවට යනවා කියලා ආයතනයේ සුළු සේවකයෙක් වෙන තරමට ඉහල ඉන්න අර පිඹුරා වගේ සේවකයන් කියන දේ ට ඔලුව නමන් ඉන්න වෙනවා. අපිට ස්වාධීන වෙන්න බෑ. වෙන්න හැදුවොත් රැකියාව නැති වෙන්න ඉඩ තියනවා. ඒ නිසා අපි බලන්න ඕන ඉන්න රැකියාවෙන් ඉහලට යන්න. එකෙන් අදහස් කරන්නේ නෑ අපි ඉහලම කළමනාකාරිත්වය දරන්න ඕනේ කියන එක. එකෙන් අදහස් කරේ අපිට යම් තරමක් ස්වාධීන වෙන්න පුළුවන් විදියට ඉහල තැනකට යන්න ඕනේ කියන එක. අනිත් දේ තමා මේ කතා කරන්නේ රැකියාව ගැන විතරක් නෙවේ අපේ මුළු ජීවිතේම ගැන. රැකියාව කියන දේ කොයිවෙලේ නැති වෙයි ද දන්නේ නෑ. ඉතින් අපි අපිට තව අදායම් මාර්ග හදාගෙන තියෙන්න ඕනේ. 

උදාහරණයක් විදියට ස්වයං රැකියාවක් ඉගනගෙන ඉන්න එක. තමන්ගේ වාහනයක් කුලියට දෙන එක වගේ දෙයක්. එතකොට අපිට නිදහස තියනවා, ඒ වගේම විශ්‍රාම ජීවිතේ ගැනත් බය නෑ. මේ වගේ අරමුණට යනකොට හැමදේම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ වගේම මඟ නවතින්න හොද නෑ මුලින් කතා කල ගිරවා වගේ. ඇත්ත ජීවිතේ අපි ඕනේ තරම් දැකලා තියනවා රාජ්‍ය ආයතන වල ඉහල නිලධාරීන්ගේ වැරදි වලට පහල සේවකයෝ හිරබත් කනවා. සමාජයේ කැළෑ නීතිය ක්‍රියාත්මක වෙන තැන් ඕනේ තරම් තියනවා මේ වගේ. ඉතින් මේ හැම දෙයක් ම හිතලා අපි අපේ ජිවිත මෙහෙයවන්න ඕනේ අපිට ම යමක් කරගන්න පුළුවන් තත්වයක් වෙනකන් තාවකාලික නැවතුම්පළවල් සදාකාලික කරගන්නේ නැතුව.

දෙවනි ඥාණ කථාව
 
"මිතුරන් දෙන්නෙක් තමාගේ රැකියාව විදියට කැලේ දර කපලා විකුනපු එක. එක මිතුරෙක් පොඩ්ඩක් වත් විවේක නොගෙන පුළුවන් තරම් වැඩ කළා දවසම. එයට ඕනේ වුනේ වැඩි දර ප්‍රමාණයක් කපල වැඩි සල්ලි ගානක් හොයාගන්න. අනිත් මිතුරා පැය බාගයකට පාරක් වගේ විවේකයක් ගන්නවා. මහන්සි යවල තම වැඩ පටන් ගන්නේ. බැලුවම කම්මැලි වැඩ කරන්න. දවස ඉවර වෙලා දෙන්න තමන් කපපු දර ගොඩවල් බැලවා. පුදුම වැඩේ කියන්නේ අර විවේකෙන් ඉදල කම්මැලියෙක් වගේ වැඩ කරපු කෙනා වැඩිපුර දර කපලා. කොහොමද ඒක වුනේ. ඇත්තටම දෙවැනි මිතුරා විවේකය වෙලේ කරලා තියෙන්නේ ගතේ මහන්සිය යවන එක වගේම තමන් ගේ ආයුධ ටික මුවහත් කරගන්න එක."
ආයේ වැඩ පටන්ගද්දී එයා හරි නැවුම් බවකින් පටන් ගන්නවා මේ නිසා. එයාට වැඩිපුර දර කපාගන්න පුලුවන් වුනා සරල වුනත් ඵලදායි සැලැස්මක් තිබුන නිසා. අපිත් දැනගන්න ඕන කරන්නන් වාලේ දේවල් නොකර ජීවිතේ ට හරි සැලැස්මක් හදාගන්න. තොරක් නැතුව හැල්මේ දුවන ජීවිත් වල අර්ථයක් නෑ. ඔබ එහෙම කෙනෙක් නම් ඔබේ ජීවිතයට සම්බන්ධ වන සහකරුවා වගේම දරුවන් දුක් විදිනවා. සමහර වෙලාවට මිනිස්සු අනිත් අය කරන නිසා දේවල් කරනවා. ඒකත් තේරුමක් නැති වැඩක්. උදාහරණයක් විදියට ලොකු ගණන් දීල කිසි තේරුමක් නැති තමන් ට වත් ප්‍රයෝජනයක් නැති ඇදුම් පැළදුම්, ජංගම දුරකථන එහෙම ගන්නේ. අපි කරන දේ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ අර දෙවනියට දර කපපු කෙනා වගේ. 

සරල උදාහරණය ඔබ ට ඉංග්‍රීසි භාෂාව ටිකක් හසුරවගන්න අපහසු නම් එක තමන්ගේ උපාධියට බාධාවක් කරගෙන, දේශක වරුන් ටත් භාෂාවටත් ගරහන්නේ නැතුව ට්කක් භාෂාව හුරු කරගන්න විදියේ සැලැස්මකට වැඩ කළා නම් එක ජීවිත කාලෙට ම ප්‍රයෝජනයක් තියන දෙයක්. තව අනිත් ය එක්ක කටයුතු කරන, හැටි මිනිස්සු එක්ක කතා බහ කරන හැටි, තැනකට ගිහින් හැසිරෙන හැටි වගේ සමාජෙක ජීවත් වෙද්දී වැදගත් වෙන දේවල් අපි හදාගන්න ඕනේ. ඒක අර දෙවැනි පුද්ගලයා ආයුධ මුවහත් කරගත්තා වගේ දෙයක් අපිට සරු අස්වැන්නක් ලබාගන්න පුළුවන් වැඩක්.
 
තුන්වෙනි ඥාණ කථාව
 
"ගමක හිටියා හරිම දුක සේ ජීවත් වන මිනිස්සු කට්ටියක්, එයාල ගේ දුක දැකල ඉසිවරයෙක් එයාලට වරයක් දුන්නා. වරය තමා පැයක් ඇතුලත ඉසිවරයා ගේ දිව්‍ය විමානෙට ගිහින් තමන් කැමති දෙයක් අරන් එන්න පුළුවන්. හැබැයි පැයට වඩා ගියොත් ආයේ එන්න බෑ එහෙම මැරෙන්න වෙනවා. ඉතින් මිනිස්සු ගියා විමානෙට තමන් කැමති දේවල් අරගන්න. ඇත්තටම ඕනේ දෙයක් තිබ්බා එහෙ. රන් රිදී, මුතු මැණික්, මුදල්, කෑම බිම වගේ. ඉතින් මිනිස්සු පුළුවන් තරම් දේවල් අරගත්තා. කට්ටියක් තමන් ට අරන් එන්න බැරි තරම් දේවල් ගත්තා. හිමින් හිමින් කොහොම හරි අරන් එනවා කියල හිතන්, සමහරු තමන් ට උස්සන් එන්න පුළුවන් තරම් දේවල් විතරක් ගත්තා. ඉතින් වෙලාව ගත වෙද්දී අර ගොඩක් වස්තුව ගත්ත අයට තේරුණා ඔක්කොම උස්සන් යන්න බෑ කියල පැය ඉවර වෙන්න කලින්. සමහරු තණ්හාවේ වස්තුව එක්ක විමනේ ඉදල මියයන්න සිද්ධ වුනා සමහරු ගත්තු ඔක්කොම දේවල් දාල ජීවිතේ බේරගන්න දුවන් ආවා. තමන්ට අරන් එන්න පුළුවන් තරමට වස්තුව ගත්ත අය ගමට ඇවිත් සතුටින් හිටියා."
හිතන්න අපිත් මේ වගේ නෙවේ ද කියල. තමන් තමන් ට දරාගන්න පුළුවන් ධාරිතාව හිතන්නේ නැතුව පුළුවන් තරම් වැඩ පටලගන්නවා පස්සේ මනසින් වගේම ගතිනුත් විදවනවා. අරමුණු වලට යාගන්න විදියක් නැතුව මග නවතින්න වෙනවා. සමහර අය ඉන්නවා  එයාලට ගොඩක් වැඩ එක පාර කරගන්න පුළුවන්. ඉගෙනගන්න එක, ක්‍රීඩාවක්, රැකියාවක් වගේ කීපයක් එක වර. එත් සමහර කෙනෙක් ට ඒක දරාගන්න අමාරු වෙන්න පුළුවන්. එහෙම දරාගන්න  අමාරු නම් තමන් ගේ තරම ඒ කියන්නේ ධාරිතාව දැනගෙන පුලුවන් තරමට දේවල් තෝරාගන්න එක තමන්ගේ කායික වගේම මානසික සුවයට හොදයි. අපිට මේ දේ ඉගෙන ගන්න කාලෙට වගේම රැකියාවක් කරද්දීත් වැදගත්. මොකද තමන් ගේ ඉහල නිලධාරීන් සතුටු කරන්න වැඩ වවාගෙන කරන්න ගිහින් ඔක්කොම අනාගන්නවට වඩා පුළුවන් දේ හරියට කරන එක වැදගත්..

" ලොවින් එකෙක් එක දෙයකට වෙයි     සමත
  වෙනින් අනික් දෙයකට අනිකෙක්        සමත
  නොමින් සුළග ලදුවත් තද ගිම්             සැපත
  ගොඩින් නැව දියෙන් රථය ද නොයනු   ඇත"

සචින් රශ්මික මෙන්ඩිස් 
දෙවන වසර 
කළමනාකරණ හා මුල්‍ය පීඨය 

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...




Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19