Posts

Showing posts with the label Smile

Relationships

Image
After experiencing Neither Black Nor White, it's time to shift the topic towards relationships. As a Human, relationships matters a lot for our existence. Sometimes how hard the life challenges you, these relationships guide us to get over it and be successful. This time the article was handed over by former chief organizer of FMF Media Ashwini and let's see how she thinks about relationships and invite you all to rethink about the relationships you came across since the day you were born into this world till now.   “Life is collection of relationships, make sure that you do justice to all your relationships” A human life is started from a mother’s womb and ended in a graveyard. Between these two places a person will have a collection of relationships and will go through happiness, joy, many adventures, love as well as unhappiness, sorrow, obstacles and hatred. A human life is never filled only with happiness it is a combination of both happiness and sorrow. Once...

Advice for Life

Image
අපේ ජීවිතේ හරියට හදාගන්න නම් සමහර අපි කරන දේවල්, හිතන දේවල්, කැමති දේවල් වෙනස් කරන්න අපිට සිද්ධ වෙනවා. එහෙම කරන්න වෙන්නේ අපි ජීවිතේ මොකක්ද කියන එක හරියටම තේරුම් ගත්ත දවසට. වැරදි සිද්ධ වෙනවා අපි කවුරුත් මිනිස්සු නිසා. ඒත් ඒ හැමදේම හදාගන්න අපිට අවස්ථාවක් කවදා හරි ලැබෙනවා කියන එක අනිවාර්යයි. අද අපේ ආටිකල් එකට මූලික වෙන්නේ කතන්දර තුනක්. ඒ කතන්දර තුන එක්ක ජීවිතේ සමහර දේවල් අපි වෙනස් කරගන්න ඕනේ කොහොමද කියන එක ලස්සනට ගලාගෙන යන විදියේ ආටිකල් එකක් අපිට ලියලා දුන්නේ සචින් . අපි එකතු වෙමු ඒ ආටිකල් එකත් එක්ක. හිතන්න ඔහුගේ අදහස් කොච්චර දුරට ඔබට ගලපගන්න පුලුවන්ද කීයලා. ඥා ණ   කථා  ඇසුරින් ජීවිතේට ඔවදන්   පලවෙනි ඥා ණ   කථාව දිනක් ගිරවුන් දෙන්නෙක් කැලයක තමන් ට නිදහසේ වාසය කරන්න පුළුවන් තැනක් හොයාගෙන ගියා. දෙන්නට හම්බවුනා හොද උස ගහක්. ඒ ගහේ එයාලට අවශ්‍ය තරම් කෑම තියනවා. එක ගිරවෙක් කිව්වා එය ගහ මුල හරියේ අත්තක වාසය කරන්නම් කියලා. අනිත් ගිරවා ගහ උඩට පියාඹල බෙනයක් තියන තැනක් හොයාගත්තා. ඔහොම ඉන්නකොට පහල හිටපු ගිරවා ව පිඹුරෙක් අල්ලගත්තා. උඩට ගිය ගිරවාට බලාපොරොත්තු වුන ...

I am My Favourite

Image
ජීවිතේ සමහර වෙලාවට අපිට හිතෙනවා අපේ පෙනුමත් එක්ක මේ ලෝකෙට අපිව ගැලපෙන්නේ නෑ කියලා. සමහර වෙලාවට අපිට හිතෙනවා අපිට වඩා අනිත් හැම දෙනාම කොච්චර සතුටින්, කොච්චර සැහැල්ලුවෙන් ජීවත් වෙනවද කියලා. අපිව කොන් වෙලා, අපිව ගනන් ගන්න කව්රුත් නෑ කියන දේ හිතට ඇතුල් වුනාම අපිට ඒකෙන් මිදෙන්න සමහර වෙලාවට ටිකක් අමාරුයි. නමුත් මේ කිසි දෙයක් අපේ සාර්ථකත්වයට බලපාන්නේ නෑ. අපි ගැන අපිට විශ්වාස නම් අපේ ගමන පැහැදිලියි. ඉතින් මේ කතාව පුංචිම පුංචි කතාවක් එක්ක තේරුම් කරන්න ප්‍රබාශි සොයුරිය අපිට ලස්සන ආටිකල් එකක් දුන්නා. ඉංග්‍රීසි භාෂාවෙන් අද අපේ ආටිකල් එක දිගහැරෙනවා. මම මගේ කැමතිම කෙනා තමයි අද අපේ මාතෘකාව.. ඔබත් එකතු වෙන්න මේ සොඳුරු ආටිකල් එකත් එක්ක... In one of the largest subcontinent in the world, also under very restricted and cultural values are highly concerned context I was brought up. I am Sarah Menon, who is the second child of a simple middle-class family consisting of graduated Papa works for a state bank while Mom is a proud housewife. I have a big brother who works for multinational IT firm and my...

Happiness can be found even in the Smallest

Image
ටික කාලෙක නිහැඬියාවෙන් පස්සේ ආයෙත් අපේ ආදරණීයන්ගේ අදහස් එක්ක එකතු වෙන්න අපිට පුළුවන් වුණා. විභාග සේරම ටික ඉවර කරලා ආයෙත් ටික කාලෙක නිදහසක් ලබාගන්න අපිට පුළුවන් වුන නිසා දිගටම ආයෙත් හැමෝගෙම අදහස් අපේ බ්ලොග් පිටුවේ ලියවේවි. අද අපේ ආටිකල් එක ලියවෙන්නේ හිමාලි අතින්. ඇයගේ හිතට දැනුන විදියට සතුට කියන දේ අපි ලබාගන්නේ කොහොමද සහ ඒ සතුට අපි දකින්න ඕන කොහොමද කියන එක ඔබට කියවලා තේරුම් ගන්න පුළුවන් වේවි කියලා අපිට විශ්වාසයක්‌ තියෙනවා. ඇයගේම ශෛලියකට මේ ආටිකල් එක ලියවිලා තියෙනවා. ඔබට ආරාධනා කරනවා ඔබේ හිතට සතුටක් එකතු කරන්න ඇය යෝජනා කරන ක්‍රමය සාර්ථකද නැද්ද කියලා ස්වයං සංවාදයක් ඔබත් එක්කම කරන්න කියලා. අපි එකතු වෙමු ඇගේ අදහස් එක්ක...  පුංචිම තැනක වුවද සතුට තිබිය හැක හිතිලා තියෙනවද කවදාම හරි ජීවිතේ හරි සුන්දරයි කියලා, දැනිලා තියෙනවද කොයිම වෙලාවක හරි ඒ ජීවිතේ හරි බරයි කියලා. දැන් ඔයා හිතයි සුන්දර ජීවිතයක් බරයි ද කියලා. ඔයත් හිතාගෙන ඉන්නේ සතුටින්ම ජීවත් වෙන්වා කියලා. අපට පේන ජීවිතේ සුන්දරයි කියන මිනිස්සුන්ට ප්‍රශ්න නෑ කියලද? ඒත් ඔයා දන්නවද හැමෝටම හැමදාම එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා සහ ස...

Love and Life

Image
මෙච්චරකල් පළ කරපු ආටිකල් අතරේ අපිට කතා කරන්න බැරි වුන ආදරය කියන පුළුල් මාතෘකාව ගැන අදහසක් එකතු කරන්න අද අපි හිතුවා. ඉතින් ඒකට අදහසක් එකතු කරන්න එකතු වුනේ චමෝදි . ඉතින් ඇයට දැනිච්ච විදියට මේ ආදරය කියන දේ ගැන විවිධ ආකාරයෙන් දකින්න පුළුවන්. ඔබ සහ මම ආදරය දකින විදිය එකෙනෙකට වෙනස්. අන්න ඒ වෙනස නිසාම ආදරේට ලස්සණ විවිධත්වයක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ විවිධ පැති වලට ගලාගෙන ගෙන යන ආදරය කියන සුන්දර සිතුවිල්ල ගැන අපි අලුත් නිර්වචනයක් හදාගමු. ඔබත් එකතු වෙන්න ඇගේ අදහස් එක්ක ආදරය ගැන අලුත් විදියකට දකින්න.  ආදරය සහ ජීවිතය ආදරය කියන්නෙ හරි පුදුම දෙයක් නේද යාලුවනේ. ආදරය කියන මේ වචනෙට කොච්චරක් නම් අරුත් දීල ඇත්ද? සමහරක් අයට ආදරය කියන දේ ලැබීමක් වෙද්දි සමහරක් අය ආදරය කියන දේ පරිත්‍යාගයක් කියල දකිනවා. තවත් සමහර අය ආදරය එයලගේ මුලු ජීවිතයම කරගනිද්දි තවත් අය ඒක එයාලගෙ ජීවිතයෙ කොටසක් කරගන්නවා. කෙනෙක් ආදරය පිවිතුරු දෙයක් කියලා දකිද්දි තවත් කෙනෙක් ඒක රාගයක්ම පමනක් කොට සලකනවා. ඒවගේම ආදරය කියන මේ දේ කෙනෙක්ට විදීමක් වෙද්දී තව කෙනෙක්ට ඒක විඳවීමක් වෙනවා. තවදුරටත් කියනවනම් ආදරය කියන දේ කෙනෙක්ව ජිවත් කරනවා වග...

Only Genuine Smile saw in this World

Image
ලොව දුටු එකම අව්‍යාජ සිනහව අද අපේ ආටිකල් එක යොමු වෙන්නේ වෙනමම පැත්තකට. ලෝකයේ වැඩි අවධානයක් යොමු වෙන්න අවශ්‍ය කරන, ගරු කිරීමක් අවශ්‍ය කරන ආදරණීය කොටසක් තමයි අද අපේ ආටිකල් එකේ පදනම වෙන්නේ. ඒක ලියවෙන්නේ හේෂාණි අතින්. ඇගේ අදහස වෙන්නේ අපි තවදුරටත් ඔවුන්ව සමාජයේ කොන් කරලා තියන්න අවශ්‍ය නෑ ඔවුන් අපි වගේම සමහරවිට අපිටත් වඩා දක්ෂයි කියන එක. ඔබේ අදහස මොකක්ද Down Syndrome කියන රෝගයෙන් පෙලෙන මේ ආදරණීය මිනිසුන් ගැන? අපි වගේම සමාජයේ පිළිගැනීමක් ලබන්න ඔවුන්ට අනිවාර්යයෙන්ම අයිතියක් තියෙනවා නේද? මෙතැන් ඉදලා එකතු වෙන්න හේෂාණිගේ අදහස් එක්ක. හිතට තට්ටු කරලා අහලා බලන්න ඔයාගේ හිතේ එයාලා ගැන මෙච්චරකල් තිබ්බෙත් මේ වගේ අදහසක්ද කියලා... මෑත කාලීනව එක්තරා රූපවාහිනි නාළිකාවක විකාශනය වූ, රියැලිටි වැඩසටහනක, කාගේත් දෙසවන් සහ දෙනෙත් පිනවූ විචිත්‍රවත් අංගයක් මාගේ කුළුඳුල් ලිපියේ කතා වස්තුව කරගන්නට සිතුවෙමි. එම වැඩසටහන තුල ඉදිරිපත් කළ අංගයක මුලසුන හොබවූ ගුරු මූලික, පැවසූ ප්‍රකාරව ඔවුන්ව අද පටන් " විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස නොව විශේෂ දක්ෂතා ඇති දරුවන්" ලෙස හඳුන්වමු යැයි, ප්‍රේක්ෂක දනන් වෙත අපුර්වත ඇ...