Love and Life

මෙච්චරකල් පළ කරපු ආටිකල් අතරේ අපිට කතා කරන්න බැරි වුන ආදරය කියන පුළුල් මාතෘකාව ගැන අදහසක් එකතු කරන්න අද අපි හිතුවා. ඉතින් ඒකට අදහසක් එකතු කරන්න එකතු වුනේ චමෝදි. ඉතින් ඇයට දැනිච්ච විදියට මේ ආදරය කියන දේ ගැන විවිධ ආකාරයෙන් දකින්න පුළුවන්. ඔබ සහ මම ආදරය දකින විදිය එකෙනෙකට වෙනස්. අන්න ඒ වෙනස නිසාම ආදරේට ලස්සණ විවිධත්වයක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ විවිධ පැති වලට ගලාගෙන ගෙන යන ආදරය කියන සුන්දර සිතුවිල්ල ගැන අපි අලුත් නිර්වචනයක් හදාගමු. ඔබත් එකතු වෙන්න ඇගේ අදහස් එක්ක ආදරය ගැන අලුත් විදියකට දකින්න. 

ආදරය සහ ජීවිතය

ආදරය කියන්නෙ හරි පුදුම දෙයක් නේද යාලුවනේ. ආදරය කියන මේ වචනෙට කොච්චරක් නම් අරුත් දීල ඇත්ද? සමහරක් අයට ආදරය කියන දේ ලැබීමක් වෙද්දි සමහරක් අය ආදරය කියන දේ පරිත්‍යාගයක් කියල දකිනවා. තවත් සමහර අය ආදරය එයලගේ මුලු ජීවිතයම කරගනිද්දි තවත් අය ඒක එයාලගෙ ජීවිතයෙ කොටසක් කරගන්නවා. කෙනෙක් ආදරය පිවිතුරු දෙයක් කියලා දකිද්දි තවත් කෙනෙක් ඒක රාගයක්ම පමනක් කොට සලකනවා. ඒවගේම ආදරය කියන මේ දේ කෙනෙක්ට විදීමක් වෙද්දී තව කෙනෙක්ට ඒක විඳවීමක් වෙනවා. තවදුරටත් කියනවනම් ආදරය කියන දේ කෙනෙක්ව ජිවත් කරනවා වගේම කෙනෙක්ට ජීවිතයම අහිමි කරන්නත් හේතුවක් වෙන්න පුලුවන්. මේ වගෙ තව කොච්චරක් නම් ආදරය ගැන නිර්වචන ඇත්ද..
මේ ලෝකෙ ජිවත් වන මිනිසුන් විදියට අපි හැමෝම අපේ විදියට ආදරය කියන මේ දේ අත්දැකල ඇති. ඒ වගේම අපිත් මේ වචනෙට අරුත් දීල ඇති. ඔබත් මමත් මේ ලෝකෙ ඉන්න හැම සත්වයෙක්මත් ආදරය කියන මේ දේ විඳලා ඇති විඳිනවා ඇති සහ ඉස්සරහටත් විඳිනු ඇති. ඔයාලා හිතනවා  ඇති ඇයි මං  මේ ආදරය ගැන අද කතා කරන්නේ කියලා. මොකද කියනවනම් මේ ආදරය කියන දේ අද සමාජයේ බහුතරයක් තරුණ අපි වගේ යහලුවො,යෙහෙලියෝ, නංගිලා,මල්ලිලා,අයියලා,අක්කලා වගේම සමහර වැඩිහිටි අයත් වැරදියට තේරුම් අරන් තියන නිසා.
ඉතින් මේ ආදරය කොහෙන් ද ඇත්තටම පටන් ගන්නේ? කෙනෙක්ට උපත දෙන්නෙත් ආදරය කියලා මන් කිව්වොත් ඔයලා එකඟ වෙනවද? අපි හැමෝම මේ ලෝකෙ එලිය දකින්නෙ අපේ අම්මා තාත්තගේ ආදරෙත් එක්ක නේද? ඉතින් මේ අසීමිත ආදරයත් එක්ක ටිකෙන් ටික ලොකු වෙන අපි ටිකෙන් ටික ඒ ආදරයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා.(හැමෝම නෙමෙයි ඒත් සැලකියයුතු පිරිසක් කිව්වොත් නිවැරදියි කියල මං හිතනවා) ඒකට හේතු ගොඩක් තියෙන්න පුලුවන්. පාසල් ජීවිතයත්, උසස් අධ්‍යාපනයත් ඒ වගේම අඩු වයසින් රැකියාවකට යාම වෙන්නත් පුලුවන්. මේ දේ අපි හැමෝටම පොදු දෙයක්. ඉතින් මම ඒකට ගොඩක් හේතු කියන්නෙ නෑ. හැබැයි අද මේ කතාවට මුල්  වෙන තවත් එක විශේෂ හේතුවක් කියනවා. ඒ තමයි දෙමාපියන් හැරුණු කොට තව කෙනෙක් අපේ ජිවිත වලට එකතු වීම. සමාන්‍ය විදියට කියනවනම් Girlfriend හෝ Boyfriend කෙනෙක්.
මේ දේ වැරදි දෙයක් විදියට මම දකින්නෙ නෑ. හැබැයි මේ හේතුවෙන් අපි අපේ දෙමාපියන්ගෙන් ඈත් වෙනවනම්, අපි අපේ ජිවිතේ කොහේ හෝ තැනක් වරද්ද ගන්නවනම් අන්න ඒ අවස්ථාවේ සම්බන්ධතාවයක් වැරදි දෙයක් විදියට දකින්න පුලුවන්. අද වෙන විට අපේ රටේ කොච්චරක් නම් පිරිසක් ආදරය කියන මේ වචනය මුල් කර ගෙන මේ ලෝකෙ අත්හැර ගිහින් තියනවද? මෙහෙම තමන්ගේ ජීවිත නැතිකර ගන්න අය අතරෙ රටේ අනාගතය බාරගන්න ඉන්න තරුණ පිරිස් නම් කොච්චරක් ඉන්නවද? අද වන විට අපේ රටේ සියදිවි හානි කරගන්න එක කොයි තරම් නම් දුරට වර්ධනය වෙලා තියනවද? හිතන්නට යමක් මේ ප්‍රශ්නය තුලින් ඉස්මතු වෙනවා කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද?

ආදරය කියන මේ වචනෙට පැරදුණු පලියට තමන්ගෙ ජීවිතයම විනාස කරගන්න එක ඒකට තියන එකම පිලිතුර කියල හිතන අද වගෙ සමාජයක ඇයි අපිට බැරි ඒ දේ අපේ ජීවිතයට තවත් එක අභියෝගයක් කරගන්න. අවුරුදු ගානක් ආදරයෙන් කිසිම අඩුවක් නොකර හදල අපිට ඕනෙ හැම දෙයක්ම පුලුවන් හැම වෙලාවෙම අරන් දීල අපිව සතුටින් තියන්න උත්සහ කරපු අපේ දෙමාපියන්ට දුකක් දීලා හැමදාටම විඳවන්න හේතුවක් දීල ජීවිතය නැතිකර ගන්නවද නැත්නම් එයාලට හැමදාටම සතුටු වෙලා ආඩම්බරෙන් ජීවත් වෙන විදියේ හේතුවක් හදල දෙනවද කියල තීරනය කරන්න ඕනෙත් අපිමයි.
ඒ වගේම කෙනෙක් තමන්ගෙ ජීවිතය මේ විදියට නැති කරගන්නවනම් ඒකට හේතුව එයාල දුර්වල හින්දම නෙමෙයි. ඒ වගෙම ඒක එයාලගෙම වරදක් නෙමෙයි කියලයි මගෙනම් අදහස. මොකද ඒ දේට මේ මුලු සමාජයටම වගකීමක් තියනවා කියලයි මට හැඟෙන්නේ. තවත් කෙනෙක්ගෙ ප්‍රශ්නයක් දැකලා  ඒකට හිනවෙන වෙලාවෙ ඒ දේ ගැන මතක් කරලා ඒ කෙනාව අපහසුතාවට පත් කරන වෙලාවේ ඇයි අපිට බැරි ඒ කෙනාගෙ දුක බෙදා ගන්න, ඇයි අපිට බැරි හොද යාලුවෙක් යෙහෙලියක් වෙලා තවත් කෙනෙක්ගෙ ප්‍රශ්නයක් විශ්වාසවන්තව කතා කරලා ඒ කෙනාගේ හිත සැනසෙන විදියට කටයුතු කරන්න, ඇය හෝ ඔහු තනි වෙලා නෑ කියන දේ එයාලට දැනෙන විදියට කටයුතු කරලා එයාලට ඕනෙම ප්‍රශ්නයකදී ශක්තියක් වෙලා ඒ දේවල් වලට හොදින් මුහුණ දෙන්න දිරිමත් කරන්න.
අපේ පැත්තෙන් අනිත් අය දිහා බලලා අපේ අතින් යම් වරදක් සිදු වනවා කියල දැනෙනවනම් හැකි තරම් ඒ වැරදි වලින් මිඳිලා කටයුතු කරන්න පුලුවන්නම්, තව කෙනෙක් වරදක් කරනවා කියල තෙරුම් ගියොත් ඒ කෙනාට ඒ දේ තෙරුම් කරල දීල ඒකෙන් ඒ කෙනාව වලක්වා ගන්න පුලුවන් නම් මේ රටේ තමන්ගෙ ජිවිත හැර යන අයගේ සංඛ්‍යාව කොච්චරක් නම් අවම කරගන්න අපිට හැකි වේවිද? ඉතින් හිතලා බලන්න තවත් කෙනෙක්ට තමන්ගෙ ජීවිතය ලස්සනට විඳින්න ඉඩ සකස් කරල දීල අපේ ජීවිතයත් ලස්සන කරගෙන මේ ලෝකෙටම ආදරය දෙන්න පුලුවන්නම් අන්න ඒ අවස්ථාවේ අපි සාර්ථක මිනිසුන් විදියට දකින්න පුලුවන් වෙයි. ඉතින් අද ඉඳලා අපි අපේ ජිවිත වලට වගේම අනිත් අයගේ ජීවිත වලටත් ආදරය දීල හැම කෙනෙක්ටම සතුටින් ඉන්න මේ ලෝකෙ ඉඩ සලස්වමු.

එච්. ටී. චමෝදි ලක්ෂාණි පෙරේරා 
කළමනාකරණ හා මුල්‍ය පීඨය 
දෙවන වසර 

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...





Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19