පුංචි දෑතට පුංචි සවියක් : නිකවැරටිය
ඒක හරිම අපූරු හැන්දෑවක්. නිකන්ම නිකන් හැන්දාවක් නෙවෙයි; හති වැටුණු හැන්දෑවක්.. කවමදාවත් වෙලාවට කලින් වර්ථා කරලා පුරුද්දක් නැති සගයෝ කීප දෙනා ගමන පටන් ගන්න කලින්, රජරට රැජිණ දුම්රියේ තෙවැනි පංතියේ දොරක් අසලට එකතු කරගන්න දරපු මහන්සියත් එක්ක, වචනයේ අර්ථයෙන්ම ඒක හති වැටුණු හැන්දෑවක් තමයි. අපි මේ විදියට යන්න සූදානම් වුණේ කොහෙද කියලා ඔයා හිතනවා ඇති. අපේ ගමනාන්තය වෙලා තිබුණේ නිකවැරටිය ප්‍රදේශයේ උඩහේන ග්‍රාමයේ ළමා නිවාසයක්. හරියටම කිව්වොත් දෙවන වසර සහෝදරත්වයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන "පුංචි දෑතට පුංචි සවියක්" පදනමේ හතරවන ව්‍යාපෘතිය සදහා තමයි අපි ඒ විදියට යන්න සූදානම් වුණේ. කොළඹ නාගරික පරිසරයෙන් මිදිලා රට මැද්දට ගිය ඒ ගමනේ රස වචනයෙන් කියන්න ඇත්තටම අමාරුයි. ඒක විදින්නට ඕන. රස කතා වලින්, රස කෑම වලින්, රසවත්ම දර්ශන වලින් පිරිලා ඉතිරිලා ගිය ඒ දුම්රිය ගමනට මහව හන්දියෙන් නැවතුම් තබන්නට අපට සිදු උනා. එතැන් සිට තවත් බස් රථ දෙකක හා ත්‍රි රෝද රථයක වෙහෙසකර ගමනකින් පසු අප ළමා නිවාසයට ළගා වන විට රෑ බෝ වී තිබුණා. රාත්‍රී ආහාරය සකසුනෙත් අප සහෝදර අත් වලින් මයි. අපි අරමුණු කරගෙන පැමිණි කාර...