2002 ICC Champions Trophy Final - Episode 02 (SL vs IND)
ක්‍රිකට් කියන්නේ ලාංකික අපිට ගොඩක් දේවල් උරුම කරලා දුන්න ක්‍රීඩාවක්. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ සිංහයින් අයි.සී.සී ආයතනය විසින් සංවිධානය කරපු තරඟාවලි 07 කම අවසන් මහා තරඟයට ඇතුලත් වෙන්න සමත් වුණා. ඒ අවසන් තරඟ 07 න් 02 ක් විතරක් අපිට ජයගන්න පුළුවන් උනත් අපි සටනක් නොදී ප්‍රතිවාදී පිලට තරඟයක් දිනන්න කිසි වෙලාවක ඉඩක් ලබා දුන්නේ නෑ. ඒ නිසාම අපි තීරණය කලා ඒ තරඟ නැවත මතක් කරන්න. ඉතින් 1996 ලෝක කුසලාන තරඟාවලියෙන් පටන් ගත්ත අපි තීරණය කලා අද 2002 අයි.සී.සී චැම්පියන්ස් කුසලාන අවසන් තරඟයේ මතකයන් අලුත් කරන්න. මේ ලිපි පෙලම ඔබට සමීප කරවන්න අපිට උදව් වෙන්නේ සිව්වන වසරේ අලෙවිකරණ අංශයේ හිරාන්. ඔහු අපිට වෙනදා වගේම තරඟය ගැන විස්තරාත්මකව තොරතුරු ලබා දුන්නා. ඉතින් අපි එකතු වෙමු 2002 අයි.සී.සී චැම්පියන්ස් කුසලාන අවසන් තරඟයේ මතක එක්ක... 2002 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම ක්‍රිකට් ලෝලීන්ට ද වැදගත් වසරක් වූයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) සංවිධානය කරන ප්‍රධාන පෙළේ තරඟාවලියක් සඳහා ප්‍රථම වතාවට පූර්ණ සත්කාරකත්වය ලබා දීමට ශ්‍රී ලංකාව වරම් ලැබීමත් සමඟයි. ඒ අනුව තෙවන වර...