Posts

Showing posts with the label Humanity

Where the Trust Is?

Image
විශ්වයේ මිනිසා බිහිවීමත් සමග ඔවුන් විවිධ ශිෂ්ටාචාර,  විවිධ යුග පසුකරමින් අදටත් මේ මිහි තලය තුල ජීවත් වෙනවා.මේ ඔවුන් පසු කල සෑම කාලවකවානුවක් තුලදීම එකිනෙකාගෙ අදහස් හා ක්‍රියාකාරකම් අනුව විවිධ වස්තූන් දේවත්වයෙන් සැලකූ අතර පසු කාලීනව විවිධ ආගමික සංකල්ප ඔස්සේ එක් එක් ගෝත්‍රය පසුබිම් කොටගත් ආගම් ධර්මතා ඔස්සේ ජීවත් වීය. ජීවිතයේ යතාර්ථය සොයා පසුගිය සතියේ ගමන් ඇරඹූ අපව කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ඉගෙනුම ලබන කිසල් සොහොයුරා මෙවර ආගමික ඇදහිලි ඔස්සේ ගොඩ නැගුනු විශ්වාස පිලිබදව පසුවිපරමක් කිරීමට යොමුකරන හැටි හරි අපූරැයි. මේ ඔහු විසින් රචිත විශ්වාසය කොතනටද? ලිපියයි. මිනිසා කියන්නේ සත්ව ලෝකේ හම්බවෙන අමුතුම ජාතියේ සත්වයෙක්. මෙයා අනික් සත්තුන්ගෙන් වෙනස් වෙන්න හේතු හුඟාක් තියෙනවා. හිතලා මතලා තීරන ගන්න පුලුවන්කම, අලුත් දේවල් නිර්මාණය කරන්න පුලුවන්කම, අදහස් එකිනෙකා අතර හුවමාරු කරගන්න පුලුවන්කම වගේ දේවල් ඒ අතරින් කීපයක්. මේ දේවල් ගැන අපි හැමෝම දන්නවා. එහෙම දැනගන්න පුලුවන් වෙලා තියෙන්නෙත් අපි මිනිස්සු වෙච්ච නිසාමයි. ඒත් මේ අලුත් ශතවර්ශය පටන් ගන්නවත් එක්කම මිනිසා අනික් සත්තුන්ගෙන් වෙනස් වෙන අලුත්ම හේතු...

The Youth

Image
කලින් ආර්ටිකල් එකේ අපි over tourism සංකල්පය  ගැන කතා කළා.. ඉතින් මේ ආටිකල් එකෙන් අපි ලෑස්ති වෙන්නෙ අපේ තරුණ ජීවිතය ගැන කතා කරන්න.මනුෂ්‍යයකුගේ ජීවන චක්‍රය තුළ වැඩිම ආකර්ෂණයක් හිමි අවධිය ලෙස තරුණ අවධිය හඳුන්වන්නට පුළුවන්.ඇත්තටම අපි මේ ගෙවන තරුණ අවධිය අපි නිසියාකාරව භාවිතා කරනවාද? අපි ජීවත් වන සමාජයේ තාරුණ්‍ය ය ට ඉඩක් තියෙනව ද? කුතුහලය සපිරි නව යොවුන් විය  යෞවනයේ පෙරගමන්කරු ලෙස කටයුතු කරන ආකාරය ගැන අද හේශාණි සොහොයුරිය කතා කරන්නට සූදානම්. උපන් දා සිට මිය යන තෙක්ම අප ගමන් ගන්නා මාර්ගයේ යෞවනය යනු  එක් නවාතැන්පලක් පමණක්ම වන බව මෙමගින් ඔබට වැටහේවී. යෞවනය දෙමාපියන්ගේ ඒකායන පැතුම තම දරුවන් උස් මහත් කර රටට වැඩදායි පුද්ගලයන් බිහි කිරීමයි . පුංචි පැංචියන්ගේද පාට පාට සිහින අතරේ කඩිමුඩියේ උස් මහත්වීම ප්‍ර ‍ රමුඛ සිහිනයකි . බොහෝ දෙමාපියන් තම ළදරුවන්ට එදිනෙදා ආහාර වේල් ලබා දෙමින් , ඇවිටිලි සහ සුරතල් කරන්නේද අනාගතයේ සිහින , පුංචි සිත්වල මනාව රෝපණය කරමින් ජීවිත අවධානය අනාගතය සඳහා ඉලක්කගත කරමින්ය . මනුෂ්‍යයකුගේ ජීවන චක්‍රය තු...

Neither Black Nor White

Image
''Talento'' ආටිකල් එකෙන් පස්සේ අපි හිතුවා කලින් වගේම එක එක මාතෘකා එක්ක අලුත් විදියට ඔයාලත් එක්ක එකතු වෙන්න. ඉතින් පළමු වසරේ ඉන්න හේෂාන් මල්ලි අපිට එදිනෙදා ජීවිතේදී හම්බෙන කළු සහ සුදු චරිත වල මිශ්‍රණයක් වෙච්ච අළු චරිත ගැන ඔහුට දැනෙන සහ හිතෙන දේ ලියලා එවලා තිබුණා. ඔබේ ජීවිතෙත් මේ වගේ අළු චරිත හම්බෙලා තියෙන්න පුළුවන්. අපි හැමෝම පරිපුර්ණ මිනිස්සු නෙමෙයි. ඉතින් මේ අළු චරිත ගැන ඔහුගේ අදහස් එක්ක අපි එකතු වෙමු. තීරණය ඔබට භාරයි ඔහුගේ අදහස් කොච්චර දුරට ඔබේ අදහස් එක්ක ගැලපුනාද කියලා තීරණය කරන්න. අළු චරිත  ඕනෑම චරිතයකට හොද හා නරක ලෙස වර්ග කිරීමට සමාජය වර්තමානයේ  හුරු වී ඇත. නමුත් ඕනෑම පුද්ගලයෙකුගේ චරිතය තුළ හොද හා නරක ගුණාංග ඇත. මොවුන් හොද ලෙසද මොවුන් නරක ලෙසද ඔවුන්ව වෙන්කර දැක්වීම නුවණට හුරු නැත. ඕනෑම හොද පුද්ගලයකු ලගින් ඇසුරු කරන විට ඔවුන්ගේ වැරදි දහසක්ද, ඕනෑම නරක පුද්ගලයකු ඇසුරු කරන විට ඔහු තුළ ඇති හදුනා නොගත් ගුණාංග දහසක් හදුනාගත හැක. එම නිසා ඕනෑම පුද්ගලයකු 100% ක් හොද හෝ නරක නැත. සියල්ලන්ම පෘතග්ජනය. එම නිසා සියල්ලන් තුළ නිවැරදි කරගැනීමට දහසක් දේ ඇත. කිසිම විටක අපිට ව...