The Youth


කලින් ආර්ටිකල් එකේ අපි over tourism සංකල්පය  ගැන කතා කළා.. ඉතින් මේ ආටිකල් එකෙන් අපි ලෑස්ති වෙන්නෙ අපේ තරුණ ජීවිතය ගැන කතා කරන්න.මනුෂ්‍යයකුගේ ජීවන චක්‍රය තුළ වැඩිම ආකර්ෂණයක් හිමි අවධිය ලෙස තරුණ අවධිය හඳුන්වන්නට පුළුවන්.ඇත්තටම අපි මේ ගෙවන තරුණ අවධිය අපි නිසියාකාරව භාවිතා කරනවාද? අපි ජීවත් වන සමාජයේ තාරුණ්‍යට ඉඩක් තියෙනව ද? කුතුහලය සපිරි නව යොවුන් විය  යෞවනයේ පෙරගමන්කරු ලෙස කටයුතු කරන ආකාරය ගැන අද හේශාණි සොහොයුරිය කතා කරන්නට සූදානම්. උපන් දා සිට මිය යන තෙක්ම අප ගමන් ගන්නා මාර්ගයේ යෞවනය යනු  එක් නවාතැන්පලක් පමණක්ම වන බව මෙමගින් ඔබට වැටහේවී.

යෞවනය

දෙමාපියන්ගේ ඒකායන පැතුම තම දරුවන් උස් මහත් කර රටට වැඩදායි පුද්ගලයන් බිහි කිරීමයි. පුංචි පැංචියන්ගේද පාට පාට සිහින අතරේ කඩිමුඩියේ උස් මහත්වීම ප්‍රරමුඛ සිහිනයකි. බොහෝ දෙමාපියන් තම ළදරුවන්ට එදිනෙදා ආහාර වේල් ලබා දෙමින්, ඇවිටිලි සහ සුරතල් කරන්නේද අනාගතයේ සිහින, පුංචි සිත්වල මනාව රෝපණය කරමින් ජීවිත අවධානය අනාගතය සඳහා ඉලක්කගත කරමින්ය.

මනුෂ්‍යයකුගේ ජීවන චක්‍රය තුළ ජවසම්පන්න මෙන්ම,කාහටත් හැර යාමට සිත නොදෙන අවධිය,යෞවන/යොවුන් අවධියයි. ජීවන චක්‍රය තුළ වැඩිම ආකර්ෂණය හිමි අවධිය ලෙස නම් කිරීම වඩාත් උචිතය. පෙරුම් පුරන සිහින සැබෑවන මෙන්ම,ජීවිත පෙරළියන් රැසක් සිදුවන කාල වකවානුවක් ලෙස හැඳින්විය හැක. කුතුහලය සපිරි නව යොවුන් විය,යෞවනයේ පෙරගමන්කරු ලෙස කටයුතු කරයි. නව යොවුන්විය තුල සිදුවන ශාරීරික මෙන්ම මානසික චර්යා වල වෙනස්කම් හමුවේ උත්තේජන හා ප්‍රතිචාර දැක්වීම අතිශයෙන්ම පුද්ගල බද්ධ වෙයි.

කෙසේ වෙතත් මෙම යොවුන් විය මුළු  ජීවිතයේම තීරකය ලෙස අප සැමටම දැඩි බලපෑමක් ඇති කරයි.තම ජීවිතයේ සාර්ථකත්වය/අසාර්ථකත්වය පිළිබඳව පූර්ව සළකුණු ලබා ගත හැකි කාලයකි යොවුන් අවධිය.
යෞවනය, ස්ත්‍රී/පුරුෂ වශයෙන් ජීව ජීවවිද්‍යාත්මකව නිර්මාණය වූ මිනිසා සියල්ල පිළිබඳව හරි අවබෝධය ලබමින් පසු වන කාලයක් වුවද, වන විට ශාරීරිකවත්, මානසිකවත් වර්ධනය හොඳින් සිදුවී හමාර වන කාලයයි.
සුන්දරත්වය, කඩවසම් බව, ලාස්‍ය බව, උද්වේගකාරී බව, ආදී එකී නොකී සියල්ල එකට කැටි වූ සමයකි යෞවන  සමය. හදවතේ ඇතිවන හැඟීම් වලට අනුව විරුද්ධ ලිංගිකයන්ට ප්‍රතිචාර දක්වන කාල පරාසයකි.එමෙන්ම ස්වයං පාලනය සහ ශික්ෂණය අත්යවශ්‍ය වන කාල වකවානුවකි.

යෞවනය යනු රටක ජීවනාලියයි.ලොවක අනාගතයයි. එම තාරුණ්‍ය මත් රකුසාට, අනෙකුත් ඇබ්බැහිකම් සහ නොහොබිනා කටයුතු හමුවේ දිය වී යෑමේ තර්ජනයට ලක්ව පවතී.මේ සියල්ලෙහි අවදානමට  ලක්වන්නේ තනි පුද්ගලයන් වශයෙන් යොවුන් වියේ වෙසෙන්නන් පමණක් නොවේ,වක්‍රාකාරව මුළුමහත් සමාජය යි.
තම ජීවිත ඉරණම අන්තර්ජාල පසුබිමක තීරණය වීමට ඉඩහැර, විඳින්නට තිබෙන ජීවිතය විඳවීමට සැරසෙන අසරණ තාරුණ්‍ය වෙත සංවේදීව ළඟාවීම කාලෝචිත .
මන්ද යත් ජීවිත සංසිද්ධීන් තුළ හැඟීම් වලට වහල් නොවී බුද්ධියට ඉඩ දීම කොපමණ උගත් පුද්ගලයකුට වුවද අසීරු කාර්යයකි.

ඊට හේතුවක් නම්, ජීවිත පරිණත වන්නේ උගත්කම තුළ හෝ මෙලොව ගත කළ කාලය තුළ පමණක් නොව,ලබාගෙන ඇති ජීවිත අත්දැකීම් වල ස්වභාවය අනුවය.
වත්මන් ශ්‍රී ලාංකික කතෝලික සභාවද  2019 වසර තාරුණ්‍ය වෙනුවෙන් නම් කර ඇත්තේ එහි වැදගත්කම අවබෝධ කර ගනිමින් . එසේනම් දිනක වයෝවෘද්ධ වන විට මතක පොතේ පිටු අතරේ සොඳුරු ආවර්ජනා පමණක් ඉතිරිවී, රුදුරු බියකරු,අඳුරු මතක සටහන් හිමි නොවන සැටියට වත්මන් ගෙවන මොහොත වඩාත් කල්පනාකාරීව,බුද්ධිමත්ව ගත ගත කිරීමට සිතා ගනිමු....
මන්ද යත්,
                     ජීවිතේ තරුණ කාලේ
                     එකසේ නොරැඳේ.....🎼
   
ඩ්.අයි.හේෂාණි වීරසිංහ
තෙවන වසර
කළමනාකරණ හා මුල්‍ය පිඨය

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19