Sarala Wana Tharamata Minisun Sonduruya.
සරල වන තරමට මිනිසුන් සොඳුරුය... සැප්තැම්බර් මාසයේ ආරම්භය තියන්න හොඳ විදියක් අපි කල්පනා කර කර ඉන්නකොට එතනට ආව අපේම සොයුරෙක් කිව්වා "මන් ආටිකල් එකක් ලියලා ඉවරයි ඒක මං දෙන්නම්" කියලා. ඉතින් ඒ ආටිකල් එක ජීවිතේ ගැන. ජීවිතේ සරල වෙන්න වෙන්න අපිට ජීවිතේ සතුට වැඩි වෙනවා කියන එක ගැන.. අපි කියවලා බලමු සචින් සොයුරාගේ අදහස් මොන වගේද කියලා. ඔබට භාරයි තීරණය කරන්න ඔහුගේ අදහස් කොතරම් දුරට ඔබට වලංගුද ඒ අදහස එක්ක ඔබ කොච්චර දුරට එකඟද කියන එක. මේ ඔහුගේ අදහස ජීවිතේ සරල නම් එහි සොඳුරු බව වැඩියි කියන එක ඔහුගේම විදියට ඔප්පු කරන්න... බුදුරජාණන් වහන්සේ සිය බුද්දපුත්‍රයන් වහන්සේලා හට දේශනා කර ඇත්තේ කුරුල්ලකු මෙන් සරල වන ලෙසයි. එනම් කුරුල්ලකු සතුව බරක් කියා ඇත්තේ තම පිහාටු බර පමණක් ලෙසම, බුද්ද පුත්‍රයන් වහන්සේලා සතුව ඇත්තේ කුඹුරක ලියැදි ආකාරයෙන් සකස් කරන ලද සිවුරක් හා අනෙකුත් සුලු ද්‍රව්‍ය කීපයක් පමණි. එනම් පෙරහන්කඩක්, පාත්‍රයක් වැනි යමක් පමණි. එබැවින් උන්වහන්සේලා හට සොර සතුරු බියක් නැත්තේය. එබැවින් ඒ පිලිබදව සිතිය යුතු ද නොවේ. මෙම සංකල්පය සිතේ තබාගෙන වර්තමාන සමාජය දෙස බලමු. දිනකට පැය හයක් ව...