Hanthana Sihinaya
හන්තාන සිහිනය
හන්තාන
දකින්න, හන්තාන
නඟින්න, හන්තාන විඳින්න , ඒ විතරක් නොවේ
, හන්තාන සිහිනයක්ම නොවී ඇත්තක් කරගන්න කොළඹ සරසවියේ කළමනාකරණ
හා මුල්ය පිඨයේ දෙවෙනි වසර අපි එකට එකතු වුනේ හරියට විශ්වවිද්යාලයට ආවේම එහෙ යන්නම හිතන් කියලා දැනෙන තරමට ආසාවකින් සහ උද්යෝගයකින්..
ඒ
හීනෙත් ඇත්ත කරන් , මතක පොතට තව පිටුවක් , මූණු
පොතට පින්තුර ටිකක් , තව ..... පළමු වසරේ කියපු කරපු දේත් ආයේ ආයේ මතක් කරන් , සංගීත රසයෙනුත් අඩුවැඩිය එකතු කරන් , ආදරය සොඳුරු ප්රේමනීයයන්
අතරත් මිතුරන් අතරත් එක සේ බෙදමින්
ඒ ගිය සුන්දර ගමන , ජීවිතේ උස් පහත් තැන් කන්දක්
වගේම තරණය කරන්නත් , අනෙකාට අවැසි තැන සහය වෙමිනුත් යා යුතු ගමනක්
බව හරි අපුරුවට කියා දුන්නා කිවහොත් හන්තාන නැගු බැසූ සියල්ලන් එකඟවනු නොඅනුමානය.
වැසි
මැද්දේත් කඳු
වළල්ලක් තරණය කිරීමට සමත් වූ අපි
පසුකාලීනව ජීවිතේ එන සිදුවීම් වලට
එය ගැන මතක් කර නිර්භයව මුහුණ
දුන් අවස්ථා එමට වන තරමට "හන්තාන
සිහිනය" දිවියට
සොඳුරු පන්නරයක් කිවහොත් වඩාත් නිවැරදියි .
ඉතින්,
මේ හැමෝගෙම
හන්තාන දවසකට අපේම වුනු
මොහොත ගැන ,
දෑතේ
ඇගිළි මදිවෙනතුරු
ඇගිලි
ගැන්න ඒ ස්වප්නය
සැබෑ
වුනා නොසිතු විලස
තුම්මුල්ලෙන්
හන්තානෙට
පොද
වැටෙන හැන්දෑවක
සීතල
මදනල පිබිමින්
හන්තානේ
සැබෑ අසිරි
විදගත්තා
නොඅඩු ලෙසට
මිහිදුම්
සළු වලින් වැසුනු
රූස්ස
ගස් වලින් පිරුනු
ඝන
කැලයක් මැදින් වැටුණු
අඩි
පාරකි සතුන් පිරුනු
මිතුරුදමක
සැබෑ අරුත
පහදාදුන්
සොදුරු මොහොත
නැහැ
අමතක කිසිම දිනෙක
හන්තානේ
සැබෑ අරුත ..
මේ ලියන්නේ ,
-
ඉෂාරා
වීරසුරිය
මේ හංසනිට
දැනුණ විදිය ,
හන්තාන
සිහිනය
පෙන්වන්නට
තරම් මිතු දමක සහස් රැස්
හන්තාන
වුවා මට ආශීර්වාදයක්.....
සීතල
මීදුම් වලා පතිත වන හන්තාන
සිත්තම්
කලා සප්ත
වර්ණ සිතුවම් හදතුල ..
අමරණීය
මතක එකතු වුනි මතක පොතකට
ආදරණීයන්
සවිකලා දිවියම නිබද
නොමැත
මට ගලපන්න කවි පද එකිනෙකට
පිදුමට
තුති පියුම් හද තුල බුබුරා
නැගෙන ...
-
ජේ
. ඒ . එච් . කේ . ජයකොඩි.
මේ දිල්ෂාන්
ඒ සුන්දර අත්දැකීම වචන වලට පෙරළපු හැටි,
අන්ධකාර
හන්තාන
මන්ද
ඔහොම තනියම
බැන්ද
ආල සඳවත
නැද්ද
අද තනියට
.................
මං
එදා එහෙම කළුවර හන්තාන අහසින් අහද්දී , කෝ... නුබේ ඔය ආලවන්ත හන්තාන
සඳ, කෝ නුබේ ඔය
ඔය ආඩම්බරකාර හන්තාන සඳ , කෝ නුබේ ඔය
මනමාල හන්තාන සඳ ....., එකපාරටම හන්තාන අහස මට මුකුත් නොකියා
හිමින් සැරේ සීතල මීදුම් වලාවක් පොරොව ගත්තේ හරියට මගේ ඇස්වහ හන්තාන සඳ මඩලට වදිවී
කියලා හිතාගෙන වෙන්න ඇති.
එනමුත්
හන්තාන සිහිනය සැබවින් අත්විදින්ට පෙරුම් පුරාගෙන අපු මගේ ඇස් දෙක සැරෙන් සැරේ හන්තාන අහස දිහා බලන් හන්තාන සඳ සොයන්නට උනා
... ලාංකීය කවියාට , ගී පද රචකයාට
එදත් අදත් නැතිවම බැරි හන්තාන සදේ ඔය තරමටම තියෙන
කවිකාරකම මොකද්දෝ කියන ප්රශ්නාර්ත්යත් හිතේ
තියාගෙන , වැස්සත් එක්ක දුෂ්කර වෙච්ච අපේ හන්තාන සිහිනය මත හරි පරිස්සමට
පිය මනින්නට වුනෙමු.
එකිනෙක
සමග සහෝදරත්වයෙන් අත්වැල් අල්ලාගෙන හන්තාන තරණය කරන අතරතුඅර, එකවරම හිටිහැටියේම හන්තාන අහසට දුක හිතිලා මෙච්චර වෙලාවක් මීදුම් වලාවෙන් සිරකරන් සිටි හන්තාන සඳ මීදුම් වල
අතරින් මුදා හැරියේ අපේ ගමනට සඳේ සිසිලත් , ආලෝකයත් රැගෙන එමිනි.
"අන්න
හන්තානට සඳ පයලා" හන්තාන
සඳ දැක්ක ගමන් මට නිරායාසයෙන්ම කැගසුනේ
කියාගන්න බැරි තරමටම හන්තාන සඳ මනරම් නිසාවෙනි
. මේ මනරම් සඳ කවියාගේ කවි
හරබයට කෙතරම් තියුණු ආයුධයක්ද යන්න මට හන්තාන සඳ
දුටු පමණින් වැටහුණි . ඒ ආදරණීය හන්තාන
සඳ එළිය මැදින් ආදරණීය මිත්ත්රත්වයේ දෑත මතින් අපි එකාවන්ව හන්තාන සිහිනය යථාර්තයක් බවට පත් කර ගතිමු . ගමන
කටුකය , එය දුෂ්කර විය.
එනමුදු හන්තාන සඳ නිසාවෙන් , මිතුරනි
නුබ නිසාවෙන් නැහැ දැහට තවමත් නොපැහැදිලි රහසක් ඇත . එනම් නුනේ මට වෙහෙස , දැනුනේ
අපරිමිත සෙනෙහසකි.
තවමත්
අමතක කල නොහැකි හන්තාන
සඳ අදත් , මතුවටත් ඒ සුන්දරත්වයෙන්ම පායාවි
. මා දැන් හන්තානට පෙම් බදිනා ආදරවන්තයෙක් වෙමි. එනමුත් මාහට තවමත් නොපැහැදිලි රහසක් ඇත. එනම් " හන්තාන සඳේ , අපේ හිත පිස්සු වට්ටන නුබේ ඔය සුන්දරත්වයේ රහස
කුමක්ද ? ".... ඒ වගේම බොහෝදෙනා
හන්තාන ගිහින් ඇවිත් අහන එකම දේ , හන්තානට පායපු සඳ ලස්සනද ? , ඔව්, හන්තානට පායපු සඳ ඇත්තටම හරි
ලස්සනයි.
-
කේ
. ඒ . දිල්ෂාන් ගුණතිලක (2016/MS/7133)
දිල්නි ලිව්වේ
මෙහෙම,
හැඩද
නැද්ද කොහොම වෙය්ද - හන්තානත් ලස්සනයිද
යන්න
කලින් මට සිතුනේ - එකම
සඳයි මුළු ලෝකෙට
මහා
වැස්සේ මග යනකොට - එපා
වුනත් මුළු ගමනම
හරි
ආසයි ආයේ යන්න එදා වගේ හන්තානට
කූඩල්ලෝ
මග දිගටම - හරියට ඔච්චම් කෙරුවට
මීදුම්
සළු වල ඇවිත් - ගත
දැවටී යයි තරගෙට
නෙක
නෙක බාධක ඇවිදින් - අපි නැගී මග අහුරනකොට
දැනුණා
මට පෙරට වඩා හැමදෙනාගේ බැච් ෆිට් එක
රෑ
ජාමේ සීත සුළං හිරිගඩු නංවයි සියොළග
සියොතුන්ගේ
ගීත නාද - ගෙන යයි අප වෙන ලෝකෙක
මුළු
නුවරම එකළු කරන් - පායනකොට ඒ පුර සඳ
කොහොමෙයි
එය සමකරන්නේ - අපි දකිනා කොළොඹ සඳට
එකකින්
නවත්තන්නට බැරි වුණ
සිතිවිලි ආයෙම කවියකට පෙරලුනා ,
ඒත්
දිල්නිගේ අතින්මයි.
ලිහිල්
වූ මිතු දමක්
තර
වූ සැදෑවක
මිහිඳුම්
සළු වලා අතරින්
පා
නැගූ වෙලාවක
පෙම්වතුන්
තුරුළු වී
පෙම්
වදන් දොඩන විට
සොයුරු
සෙනෙහේ හොදින් දැනුනා
නගින
කොට හන්තාන
දෑත්
පටලා නැග බසින්නට
නොමැති
වෙන කළ හදක් සෙනේබර
දෑත්
දුන්නේ මට නගින්නට
යාළුවෝ
මයි සරසවි පුරවර
නේක
දුක් විද කලා තරණය
වැටෙන
කොට අසනි වැසි බිද
අහසත්
පොළොවත් මැදින් තනිසිත
වශී
වූයෙමි හන්තාන සිහිනෙට
- දිල්නි නිමාශා -
සරසවියට
පා තබන්නටත් පෙර අසා, සිතේ මුදුන් තැන්පත් වූ, සැබෑ වනතෙක් ඇගිළි ගණිමින් සිටි, සිහි වූ මොහොතක් පාසා ප්රබෝදයක් සිත් තුල ඇති කල ඒ සොදුරු සිහිනයේ මතක සටහන් මෙසේ සිත්තම් කරමි. 2018 මැයි 18 වෙනිදා නොයෙක් බාධක මැද එක්රැස් වූ කොළඹ විශ්ව විද්යාලයේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ සහෝදර සහෝදරියන් හන්තාන කඳුවැටිය තරණය සඳහා කොලොම් තොටින් හිමිදිරි පාන්දරම පේරාදෙණිය බලා පිටත් විය. ගී ගයමින්, සිනාමුසු වදන් තෙපලමින් අපි සැවොම එක් පවුලක සොයුරු සොයුරියන් සේ බස් රථවල ඉතාමත්
විනෝදයෙන් ගමන් ගත්තෙමු.
දහවල
වනවිට පේරාදෙණිය විශ්ව විද්යාල භූමියට ලගාවූ අපව උණුසුම්ව පිලිගන්නා ලද්දේ එම විශ්ව විද්යාලයේ සහෝදර සහෝදරියන් විසිනි. එම ආගන්තුක සත්කාර මැද අපි හන්තාන කඳුවැටිය තරණය කිරීම යුහුසුළුව ඇරඹුවෙමු. ආරම්භයම සිත් ගත් අතර ඉතාමත් නිදහසේ පෙලට ගමන් කරන කුහුඹු රෑනක් සේ සොභා සෞන්දර්ය විඳිමින් අපි ඉදිරියටම පියනැගුවෙමු.
අප
තුල වූ තදබල උද්යෝගය හා ආශාව හේතුකොට ඒ මොහොතේ ඇදහැළුණු වර්ෂාව අපට බාධාවක් නොවුනද සංචාරය
තුලදී අප කටුක අත්දැකීම් නොවින්දාම නොවේ. ලිස්සා වැටීම්, එකිනෙකාට ඇති වූ අපහසුතා, වන ජීවීන් පිලිබඳ වූ බිය අපි සැවොම එක්ව සොම්නස්ව විඳ දරාගත්තෙමු. බඹරුන්ට බියව නිශ්ශබ්ද වූ අයුරුත් දිවියන්ට බය වී පය ඉක්මන් කල අයුරුත් සිහිවත්ම මුවට නැගෙන්නේ හසරැල්ලක්මය.
පියකරු,
නැවුම්, නිහඬ පරිසරය තුල ඡායාරූප ගනිමින් සිහිල් සුලන් රැල් දුන් පහස අදටත් මතකයන් ඔස්සේ සිතට දැනේ. එක් මුදුනකට පිවිස නැවත එය බැස තවත් මුදුනකට නඟින අපිට එකිනෙකාගේ උපකාර මහඟු පිටිවහලක් විය. අවසානයක් නොදුටු කඳු වළල්ලේ අතින් අත අල්ලමින් කිසිවෙකුට මඟ හැරීමට ඉඩනොදී දිරි ගන්වන වදන් තෙපලමින් ගමන් ගත අපට ගී වලින් පැවසුණු ආශ්වාදජනක හන්තාන ආදරය කෙසේ වෙතත් උනුහුම්වූ සහෝදරත්ව
හැගීම් සිත් තුල බුර බුරා ජනිත විය.
කෙමෙන්
කෙමෙන් අදුර වැටෙද්දි මුළු කදු වැටියම තරනයට අභියෝග කළ අපගේ යොවුන් සිත් ගැන අප දේමාපියන්ට අදටත් නොවැටහේ. රැ අදුරේ විදුකි පන්දම් එළියෙන් තැතිගත් සිතින් නිරාහාරව සීතලේ ගැහි ගැහි නොසැලෙනා වීර්යයකින් මැදියම් රාත්රිය අවසානයේදි අපි කදුවැටියේ නිමාව දුටුවෙමු.
හුස්ම
වැටේදැයි සැකයක් ගෙනදෙන තෙහෙට්ටුවකින් පසුවු අපි පේරදෙනිය විශ්ව විද්යාලය තුළදි එකිනෙකා පිලිබද මහත් වු සෙනෙහසකින් සොයාබැලුවෙමු.පසුව උදාවු අලුයම තුළදි පේරදෙනිය විශ්ව විද්යාල සහෝදර සහෝදරියන්ට තුති සිතින් සමුදුන් අපි යළි අප නිවහන වන කොළඹ විශ්ව විද්යාලයට ගමන් ඇරඹුවෙමු. මදක් නින්දට වටුණු අපි සරසවියට පා තැබු සැණින් දෙමාපියන්ගේ ප්රශ්න රැසකට කොටුවුවෙමු. නමුදු අදටත් හෙටටත් නොමැකෙන ඒ සොදුරු මතකය අපගේ ජිවිත වලට දුන් අත්දැකීම්, විනෝදය මෙපමණැයි පැවසිය නොහැකි බවට මාගේ සියලුම සහෝදර සහෝදරියන් එකග වනු නොඅනුමානය. මෙසේ කෙටියෙන් උපුටා දැක්වු ඒ හන්තන සිහිනය වචනයේන්
පැවසිය නොහැකි නොමියෙන උදාතර හැගුම් ගොන්නකින් සිත් තුල ඇතිකර අවසානය…
මෙච්චර
ගොඩක් වචන වලට පෙරළුණ ඒ
සුන්දර සිතිවිල්ල මිනුශාගෙන්,
අවසානයේ
තවත් සොඳුරු චාරිකාවකින් හමුවන බලාපොරොත්තුවෙන් අප සැම කොලොම් තොට බලා ගමන් ඇරඹුවෙමු.. ගමන පරිස්සමින් ගිහින් එන්න දායක වෙච්ච
හැමෝටම ගොඩක් පිං...
සිහිනයක් නොවූ හන්තාන සිහිනයේ මතකාවර්ජනය....
ReplyDelete