Where the Trust Is?

විශ්වයේ මිනිසා බිහිවීමත් සමග ඔවුන් විවිධ ශිෂ්ටාචාර,  විවිධ යුග පසුකරමින් අදටත් මේ මිහි තලය තුල ජීවත් වෙනවා.මේ ඔවුන් පසු කල සෑම කාලවකවානුවක් තුලදීම එකිනෙකාගෙ අදහස් හා ක්‍රියාකාරකම් අනුව විවිධ වස්තූන් දේවත්වයෙන් සැලකූ අතර පසු කාලීනව විවිධ ආගමික සංකල්ප ඔස්සේ එක් එක් ගෝත්‍රය පසුබිම් කොටගත් ආගම් ධර්මතා ඔස්සේ ජීවත් වීය. ජීවිතයේ යතාර්ථය සොයා පසුගිය සතියේ ගමන් ඇරඹූ අපව කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ඉගෙනුම ලබන කිසල් සොහොයුරා මෙවර ආගමික ඇදහිලි ඔස්සේ ගොඩ නැගුනු විශ්වාස පිලිබදව පසුවිපරමක් කිරීමට යොමුකරන හැටි හරි අපූරැයි. මේ ඔහු විසින් රචිත විශ්වාසය කොතනටද? ලිපියයි.
මිනිසා කියන්නේ සත්ව ලෝකේ හම්බවෙන අමුතුම ජාතියේ සත්වයෙක්. මෙයා අනික් සත්තුන්ගෙන් වෙනස් වෙන්න හේතු හුඟාක් තියෙනවා. හිතලා මතලා තීරන ගන්න පුලුවන්කම, අලුත් දේවල් නිර්මාණය කරන්න පුලුවන්කම, අදහස් එකිනෙකා අතර හුවමාරු කරගන්න පුලුවන්කම වගේ දේවල් ඒ අතරින් කීපයක්. මේ දේවල් ගැන අපි හැමෝම දන්නවා. එහෙම දැනගන්න පුලුවන් වෙලා තියෙන්නෙත් අපි මිනිස්සු වෙච්ච නිසාමයි.
ඒත් මේ අලුත් ශතවර්ශය පටන් ගන්නවත් එක්කම මිනිසා අනික් සත්තුන්ගෙන් වෙනස් වෙන අලුත්ම හේතුවක් නිර්මාණය වෙනවා. ඒ තමයි තමුන් අතින් නිර්මාණය වෙච්ච දේවල් වල වහලෙක් වෙන එක. මම හිතන්නේ නෑ සත්ව ලෝකේ වෙන කිසිම සතෙක්ට මේ හැකියාව තියෙනවා කියලා. මිනිස් පරිණාමයේ සුවිශේෂ සන්ධිස්තානයක් විදිහට මේ අලුත් වෙනස්කම අපිට සලකන්න පුලුවන්.
මිනිස් ශිෂ්ටාචාරය පටන් ගන්නවත් එක්කම එයාට හුඟාක් අභියෝග වලට මූන දෙන්න වෙනවා. මේ දේවල් ජයගන්න විවිධ ක්‍රමෝපායන් මෙයා යොදාගන්නවා. එයාට මූන දෙන්න වෙන එක අභියෝගයක් තමයි තනිකම,පාලුව,අරමුණක් නැති කම වගේ සිතුවිලි වලින් මිදෙන ක්‍රමයක් හොයාගන්න එක. මිනිසා මෙතනදිත් ජයගන්නවා. එයා නිමාණය කරනවා අලුත්ම අලුත් දෙයක්. ඒ තමයි තමුන්ට මානසික සහනය ලබා දෙන්න පුලුවන් විශ්වාස පද්ධතියක්. එහෙමත් නැත්තන් ඇදහිල්ලක්. මුලින්ම මෙයා තමුන්ගේ වටපිටාවේ දකින්න ලැබෙන, කොහෙන් කොහොම කඩා පාත් වුනාද කියල හිතාගන්න බැරි දේවල් අදහන්න පටන් ගන්නවා. ටික කාලයක් ගියාට පස්සේ මේ ඇදහිල්ල ටිකක් ක්‍රමවත්,විධිමත් විදිහකට කරන්න මෙයා පටන් ගන්නවා. මෙයාගෙ අතින්ම නිර්මාණය කරපු දේවල් වලට වඳින්න පුදන්න පටන් ගන්නවා.
පාලුව, තනිකම මකාගන්න පාවිච්චි කරපු දෙයක් අද වෙනකොට මහා පරිමාණයෙන් දියුනු වෙලා. මිනිහගේ ඇදහිල්ල ලස්සනට, පිලිවෙලට කරන්න පුලුවන් ,ඒකටම වෙන් වෙච්ච ස්තාන එයා නිර්මාණය කරලා තියෙනවා. මේ ස්තාන කොච්චර ලස්සනට හදලා තියෙනවද කියනවනම්, ඒවට ඇතුල් වෙන අය අලුත්ම ලෝකෙකට යනවා වගේ හැඟීමකින් එයාල මත් වෙනවා. ඉතින් නොදැනුවත්ව හරි දැනුවත්ව හරි හිමීට එයාගෙ අත තමුන්ගේ කලිසම් සාක්කුවට යනවා. දාහේ,දෙදාහේ කොල විතරක් නෙමෙයි, තමුන්ගේ ඉඩ කඩම් පවා මෙන්න මේ කියන තැන් වලට ලියලදෙන්න එයා පටන් ගන්නවා. එහෙම කරාම එයා අනික් මිනිස්සුන්ගෙන් වෙනස්, ආධ්‍යාත්මිකව අනික් අයට වඩා ඉහලින් ඉන්න කෙනෙක් කියලා සලකන්නත් එයාගෙ වටේ ඉන්න උදවිය පටන් ගන්නවා.
මේක හරි ලස්සන ක්‍රියාවලියක්. මිනිසා තමුන්ගෙ අතින් නිර්මාණය වෙච්ච දේකට මේ තරම් වහල් වෙන එක, තමුන් විශ්වාස කරන දේ වෙනුවෙන් තව මනුස්සයෙක් ව මරන්න පුලුවන් වෙන එක හරිම පුදුම දෙයක්. ඒත් ඇත්තටම මේ හැම දෙයක්ම පටන් ගත්තු තැන එයාට අමතක වෙලා. පුංචි අවශ්‍යතාවයක් සපුරගන්න හදාගත්තු ක්‍රමයක් අද වෙනකොට තමුන්ගෙ එහා පැත්තේ ඉන්න එකා ඇදහිල්ලේ නාමයෙන් මරන්න පටන් ගන්න එක දක්වා ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. අහන්න තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් ඔයාට පාලුව,තනිකම දැනෙන්නේ නැද්ද? තමුන්ට කවදාවත් සන්තෝස වෙන්න බැරි දෙයක් අල්ලගන්න හයියෙන් දුවන මිනිස්සු ගොඩාක් මැද්දේ, අපි මොනාද මේ කරන්නේ? තමුන්ගේ සැනසීම තියෙන්නෙ තමුන් ඇතුලෙමයි. ඒ සැනසීම අදහන්න පුලුවන් හොඳම තැන තමුන්ගේ ශරීරයයි. දැන්,මේ මොහොතේ ජීවත් වෙන්න පටන් ගන්නකල්, තමුන්ගේ වටේ තියෙන පරිසරයට, මිනිස්සුන්ට ආදරය කරන්න පටන් ගන්න කල් හැමදාමත් මිනිහා ඇදහිලි පස්සේ දුවාවි.  
කිසල් සූරියආරච්චි
දෙවන වසර
කළමනාකරණ හා මූල්‍ය පීඨය

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.
මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com
එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...



Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19