Neither Black Nor White

''Talento'' ආටිකල් එකෙන් පස්සේ අපි හිතුවා කලින් වගේම එක එක මාතෘකා එක්ක අලුත් විදියට ඔයාලත් එක්ක එකතු වෙන්න. ඉතින් පළමු වසරේ ඉන්න හේෂාන් මල්ලි අපිට එදිනෙදා ජීවිතේදී හම්බෙන කළු සහ සුදු චරිත වල මිශ්‍රණයක් වෙච්ච අළු චරිත ගැන ඔහුට දැනෙන සහ හිතෙන දේ ලියලා එවලා තිබුණා. ඔබේ ජීවිතෙත් මේ වගේ අළු චරිත හම්බෙලා තියෙන්න පුළුවන්. අපි හැමෝම පරිපුර්ණ මිනිස්සු නෙමෙයි. ඉතින් මේ අළු චරිත ගැන ඔහුගේ අදහස් එක්ක අපි එකතු වෙමු. තීරණය ඔබට භාරයි ඔහුගේ අදහස් කොච්චර දුරට ඔබේ අදහස් එක්ක ගැලපුනාද කියලා තීරණය කරන්න.
අළු චරිත 
ඕනෑම චරිතයකට හොද හා නරක ලෙස වර්ග කිරීමට සමාජය වර්තමානයේ  හුරු වී ඇත. නමුත් ඕනෑම පුද්ගලයෙකුගේ චරිතය තුළ හොද හා නරක ගුණාංග ඇත. මොවුන් හොද ලෙසද මොවුන් නරක ලෙසද ඔවුන්ව වෙන්කර දැක්වීම නුවණට හුරු නැත. ඕනෑම හොද පුද්ගලයකු ලගින් ඇසුරු කරන විට ඔවුන්ගේ වැරදි දහසක්ද, ඕනෑම නරක පුද්ගලයකු ඇසුරු කරන විට ඔහු තුළ ඇති හදුනා නොගත් ගුණාංග දහසක් හදුනාගත හැක. එම නිසා ඕනෑම පුද්ගලයකු 100% ක් හොද හෝ නරක නැත. සියල්ලන්ම පෘතග්ජනය. එම නිසා සියල්ලන් තුළ නිවැරදි කරගැනීමට දහසක් දේ ඇත.
කිසිම විටක අපිට වුවද මිනිසෙකු වර්ග කිරීමට නොහැකිය. මන්දයත්, අපි තුළද් දහසක් හොද හා නරක සැගව ඇත. එම නිසා ජීවිතය යන පාරුව නිමාව දක්වා ළගාකරගැනීමට නම් අපට හමුවන සෑම දියපහරකටම මුහුණ දිය යුතුය. දිය පහරවල් හොද හා නරක ලෙස වෙන්කිරීමට ගියවිට පෙරලෙන්නේ ජීවිතය නැමැති පහුරයි. හොද හා නරක පුද්ගලයන් යනු සාපේක්ෂ සංකල්පයකි. හොද වැඩි පුද්ගලයන් හොද පුද්ගලයන් ලෙසද, නරක වැඩි පුද්ගලයන් නරක් පුද්ගලයන් ලෙසද සමාජය නිර්වචනය කරයි. නමුත් සමහර නරක පුද්ගලයන් ලග ඉතා අනර්ඝ හොද ගතිගුණ ඇත. 

හිරකරුවෙකු වන්නේ සමහරවිට ඉතාම අහිංසක පුද්ගලයෙකු විය හැක. ඔහු හිරගෙට නියමවන්නේ තමා නොකරපු වරදකට විය හැක. එමනිසා කිසිම විටක මිනිසෙකුගේ රූපය බලා ඔහුව නිගමනය නොකරන්න. ඔහුගේ සමාජය බලා අගය නොකරන්න. සෑමවිටම එම පුද්ගලයාගේ හදවත හදුනා ගැනීමට උතසහ කරන්න. මිනිසෙකු හොද හා නරක වන්නේ ඔහුගේ හදවත හා ආකල්ප වලිනි.
සියල්ලන්ටම ආදරය කරමු. හදවතින් ඔවුන්ට උදවු කරමු. ඕනෑම නරක පුද්ගලයෙකු තුළද හදවතක් ඇත. සාමාන්‍ය මිනිසෙකට මෙන්ම එම හදවතටද ආඅදරය කරුණාව දැනෙයි. එමගින් එම පුද්ගලයන් යහමගට ගැනීමේ හැකියාව අප සතුව ඇත. උත්සහ කරන්න එක් පුද්ගලයෙකු හෝ යහමගට ගැනීමට.

තුන්ලෝකයටම ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජු මෙන්ම සුනීත හට පවා ධර්මය දේශනා කොට උන්වහන්සේගේ ඇසුර ලබාදීමට කටයුතු කලේනම් අපගේ මේ කෙටි ජිවිතය තුළ මිනිසුන් වර්ග කර ඇසුරු කිරීමේ ඇති ඵලය කුමක්ද? එම නිසා සියල්ලන්ම ඇසුරුකරමු. ඔවුන්ගේ හොද ගති හදුනාගෙන අපිත් අපේ ජීවිතයට හොද ගතිගුණ එකතු කරගනිමු.
හේෂාන් ජයසිරි
පළමු වසර
කළමනාකරණ හා මුල්‍ය පීඨය

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ..කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...

අපි FMF Media Blog Unit...








Comments

Post a Comment

Popular posts from this blog

Hanthana Sihinaya

කළමනාකරණ හා මුල්‍ය පීඨයේ නව සිව් මහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම.

FMF Media Induction Day 2018