Talento '19

දිගු කාලයක නිහැඬියාවකට පස්සේ අපේ Blog Unit එක ආයෙමත් ආරම්භ කරන්න අපි තීරණය කලා. අලුතෙන් පත් වෙච්ච නංගිලා මල්ලිලා එක්ක ඊළඟ අවුරුද්දේ මැයි මාසේ වෙනකම් එකතු වෙන්න ඔයාලා හැමෝටම පුළුවන්. ඉතින් වැඩි කතාවක් නැතුවම අපි එකතු වෙමු අපේ අද ආටිකල් එකත් එක්ක. අද අපිට ආටිකල් එක ලියලා එව්වේ නුවන් මල්ලි, හර්ෂි නංගී එකතු වෙලා. මීට ටික දවසකට කලින් අපේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ සංවිධානය වුනු Talento ප්‍රසංගය ගැන තමයි අද ආටිකල් එක වෙන් වුනේ...
Talento??? මොකක්ද මේ කියන Talento? පුරවර සරසවියෙ හදවත බඳු වූ කළමනාකරණ හා මූල්‍ය පීඨයෙ ගායන,නර්ථන හා රංගන යන භූමිකා ත්‍රිත්වයේ කලඑළි මංගල්‍යය ලෙස අර්ථ නිරූපනය කලොත් මා නිවැරදි..Talento'19 ඒ කියන්නෙ මේක කලින් තිබ්බ දෙයක්..? ඔව්..සරසවියක උප සංස්කෘතියක් සම්ප්‍රදායක් කියන්නෙ හරි සුන්දර දෙයක් අන්න ඒ අනුව කළමනාකරණ පීඨයෙ Crew සම්ප්‍රදායෙන් මීට දෙවසරකට පෙර අපට ලැබුනු දායාදයක්.Talento'19. මේ එහි තෙවන දිගහැරුමයි. කළමනාකරණ පිඨයේ ගායන,නර්ථන හා රංගන සමුහයන් වෙනදා නොමැති යුහුසුළුවකින් සැරිසරන අයුරු ටික දිනක සිටම සරසවිය පුරාම පැතිර ගියෙ නිමේෂයකිනි.
මෙය දැක බලාගන්නට ආයාසයෙන් සිටින්නො අනාගත කළමනාකරණය හසුරොවන්නො කෙලෙසින් කලාව හසුරවයිද යන සැකයක්ද ඒ හිත් වල නොතිබූනාම නොවිය හැක.මන්ද අපේ එවුන්ගෙ දස්කම් දන්නෙ අප පමණක් නිසා.මා නම් මීට පෙර දැක තිබූ නිසා හර බැර අතර සමාගම් මූල්‍ය ප්‍රකාශ අතර සිර වී සිටියද ඔවුන්ද කලාකාමී හදවත් ඇති කලාවට ආදරය අැත්තො පිරිසක් බවය..සම්ප්‍රදායට අනුව මෙහි සංවිධානය නැවුම් Crew ත්‍රිත්ව වූ දෙවන වසර උරමත වූ කාර්යයකි...දින සති ගෙවී ගියෙ අප හැමොටම රහසින්.සැප්තැම්බර් පලමු වැනි ඉරුදින මේ කලඑළි මංගල්‍යය දොරට වඩින තුරු සැවොම දෑස් දල්වා බලා සිටියේ නොඉවසිල්ලෙනි..පුරවර සරසවියෙ නව කලාගාරය ලහිලහියේ කලඑළි වුනේ මේ Talento'19 වෙනුවෙන්මය..
පූජා නර්තනයෙන් හැඩ ගැන්වූ Talento වේදිකාව සියළු සිත් ඇඳ බැඳ තබා ගැනිමට ගියේ නිමේෂයක් පමණි..අනතුරුව වස්සානයකට අත වනපු ඇඟෙ මිහිරි නාදය පැමිණ සිටින්නන්ගෙ හදවතට ආමන්ත්‍රණය කලේ ප්‍රේමාන්විත ඇරඹුමක් සමඟිනි...ඒ සමඟම ඊට එක්වුන සරාගී මෙන්ම ප්‍රේමණීය නර්ථනය සියල්ලම අමන්දානන්දයට පත්කරමිනි..ආදරේ පවසන්න ආදරය නමින් දිවුරන්න හදවතට ආදරය දැනෙන්න ස්වර ගලපමින් Singing Crew එක දෙවන වෙඩිමුරය තියද්දි සැවොම ආදරයෙන් වැලඳගත් සිංහල ගී එකතුවකට රමණීය නර්ථනයක් ගෙනහැර දැක්වූයේ Dancing Crew විසින් අභියෝගයක් කරන්නාක් මෙනි..වේදිකාවට නැතුවම බැරි යුග ගායනය දෑස් මානයට පැමිනියේ ඕමි අතක තුරුම්පු විසකරන්නා මෙන්ය..හැගීම්බර යුග ගීයට ඔවුනගෙ රංගනය එක්කලේ චමත්කාරයකි.
දිගු නිහැඩියාවක සිටි Drama Crew එක විසින් එක්වරම Talento'19 වේදිකාව ආක්‍රමණය කරන්නට විය.ඒ සියළු ප්‍රෙක්ෂකයන් පුදුමයට පත් කරමිනි..ඒ රංගනය දුටු විට මට මතක් වූයෙ "ඉන්නෙ එකයි ඌ යකා වගේ නේ" යන අම්මාගෙ සුන්දර වදනකි.නාටකය මග නතර වුණි ඒ මින් පෙර අප නොලද අත්දැකීමක් ගෙන දෙමින්ය.ඒ කොටස් දෙකකට අප වෙත සමීප කරවන්නට වූයේ Drama crew එක හැමදාම වෙනසකට මුල පුරන නිසාවෙනි..ඉන් පසු සම්ප්‍රදායික නර්ථනය බලා සිටින්නන්හට හොඳ රහ පදමක් වූවාට සැකයක් නැත.ඉන් අනතුරු මට දිස්වුයේ Dream star වේදිකාවක අවසන් දහසයදෙනාගෙ වටයක ආරම්භයක් ලෙසිනි මිතුරුකමේ වටිනාකම මිත්‍රත්වයේ සෙනෙහස දුක සතුට බෙදාගන්න මිතුරුකමේ වටිනාකම සිහිපත්වමනි.
සියල්ලම කුතුහලයක් ඇතිකල නාට්‍ය දෙවැනි ඉනිම එනතුරු බලා සිටි මොහොත පැමිනියේ වෙස්සන්තර කතා වස්තුව සිහිපත් කරමිනි නාට්‍යය දිග හැරුනි මද වේලාවකින් පසු තිරය විවිර වූ පසු මා වෙන්ම දැක බලාගැනිමට පැමිණ සිට සියල්ලම පුදුම වූවාට සැකයක් නැත.කලින් මා කී ඒකා යකායැයි දෙය සපත කලේ වෘත්තීය රංගනයක් මෙන්ය.මෙතෙක් දෙවන වසරේ තිබූ Talento'19 වේදිකාවට තෙවන වසරේ පියසට වන්නට වූයේ ප්‍රේක්ෂකාගාරයම භාරතීය දේශයට රැගෙන යමින්.ඒ තිබූ රසයට මන්මත් වූ සියල්ලම අනේ තව තිබුනානම් ලෙස සිතනු නොඅනුමානය. 
අනතුරු වූ ගී සංකලනය සියල්ලන්ට ආරාධනාවක් කළා හා සමානය..ඉන් නොනැවත ගායන,නර්ථන හා රංගන ත්‍රීමුර්තියේම සංකලනයක් මෙවර Talento එකට අලංකාරයක් ගෙනදුන්නා යැයි කිවොත් මා නිවැරදිය..ඒ සමඟින් තෙවන වසර නර්ථනය රසවිඳින්නන් ප්‍රබෝධමත් කරන්නට වූ යස තේරිමකි..සියල්ල පිරි තැනක ඉංගිරිසි පදමට නැති වුනොත් නිසැකව අඩුවකි.එහෙත් Talento'19 එය අමතක කර නොබුණි.බටහිර රිද්මය සවන් වලින් නොමැකි යන්න මත්තෙන් නර්ථනයෙ ජවසම්පන්න බව රිද්මය හඹයාම මැනවින් පිලිඹිබු කරන Hip_Hop රිද්මය යහමින් ප්‍රේක්ෂකයින් පිනවන්නට කදිම අවස්ථාවක් විය..
 හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමේට කියන්න වගේ Singing crew එකේ බුලට් ටික ඔවුන්ගෙ ලොකුම තුරුම්පු ගහන්න සැරසුනේ සියල්ලොම 2000 දශකයේ මුල් භාගයට ගෙනයමින් එහිදි ගී සංකලනය ජවය සියල්ලම ආකර්ෂණය කරගත්තා යැයි නිවැරදි ඔවුන්ගෙ රිද්මයට ප්‍රේක්ෂකාගාරයම මත් වී ගියෙ ඇසිල්ලකිනි.එතෙක් රත් වී තිබු පුරවර සරසවියෙ නව කලාගාරයේ අසුන් වලට යම් සහනයක් ලැබුනේ සියල්ලම අසුන් වලින් නැගිට රසවිඳින්න ගත් නිසාවෙනි..හින්ද ගී රසයට Dancing crew විචිත්‍රවත් වන්නට වුයේ හොඳම ටික රසබලපන් යැයි පවසන්නාක් මෙනි.නර්ථන පදමට යහමින් අත්පොලසන් නාදය ගෙනදුන්නෙ රමණීය බවකි..
ලියතඹරාවන්ට සම වදින රොක් සංගීතයෙන් මෙවර Talento හැඩගන්වන්න අවසන් වසරෙ එකම නියෝජනය ලෙසිනි.තනි අලියා දරුණුයි කියා මා අසා තිබුණි එහෙත් දැක තිබුනේ නෑ..එය සනාථ කරන්න මීට වඩා උදාහරණය මොකටද..Dancing crew හොඳම ටික අන්තිම වෙනතක් සිට එකම එක ගිනි කෙලි සංදර්ශනයක් පෙන්නවන්නට වුයේ බලා සිටින්නන් දෑස් වෙනතකට මොහොතකටවත් ගන්න අවසරයක් නොදෙමිනි.නොනවතින ගිත රිද්මයට අප සියල්ලොම ඇලුම් කරන්නෙ එය අසා සිටින්නන් නටවන්නට සමත් වන නිසාවෙනි.නොනවතින රිද්මය ආරම්භයත් සමඟ නව කලාගාරයේ තැනින් තැන ප්‍රේක්ෂකයින් නටන්නට වී හමාරය.සියල්ලන්ගෙම දහඩියෙන් කලාගාර බිම තෙත් වනතුරු නොනවතින ගී රිද්මයට ඉඩ හසර විවර වුණි...
සියල්ලම එක්කොට ගත් විට Talento'19 පෙර නොවු විරූ තරමින් ඉහලින් ඔසවා තබන්නට හැකිවිය.කෙටියෙන්ම කියනවනම් පංකාදු පහයි.රසවිඳින්න රස බලන්න අපට තැනුණු Talento වේදිකාව යලි විවර වනතෙක් ගායන,නර්ථන හා රංගන ත්‍රිත්වයේ කලඑලි මංගල්‍යයයේ මෙවර දිගහැරුම මෙලෙසින් නිමාවට පත්විය...
නුවන් ජනක / හර්ෂි ලියනගේ 
දෙවන වසර 
කළමනාකරණ හා මුල්‍ය පීඨය

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...

අපි FMF Media Blog Unit...



Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19