When Life Halts for a Moment, Reminisce !!

කාලෙකට පස්සේ අපි අද අරගෙන ආවේ කොළඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන හිමාලි නිසංසලා අක්කගේ පෞද්ගලික ජීවිත අත්දැකීමක්. මේ කතාව අවසානයේ අපේ ජීවිත වලට වටින පාඩම් කියා දීමටද හිමාලි අක්කා අමතක කරන්නේ නෑ.. ඉතින් අපි වැඩි කතා නොකරම අපේ කතාව වෙත යොමු වෙමු.
කාටද රිදුනේ?.. කව්රුද ඇඬුවේ?.. දුම්රිය මොහොතක් නතර උනේ...

මේක උනේ 2017 අවුරුද්දේ, එතකොට මම කැම්පස් එකේ පලවෙනි අවුරුද්දේ, ඉස්කෝලේ යන කාලේ අපෙ සෙට් එකේ නයක් හිටියා උසස් පෙළ ඉවර උනාම න දෙනා එක එක තැන් වල, ඉතින් හැමෝටම නිවාඩුවක් හම්බෙන්නේ හරි කලාතුරකින්, හැමෝම බලාඟෙන ඉන්නෙ එහෙම ඉවාඩුවකදි එකතු වෙලා නුවර වටේ කොහෙම හරි රවුමක් දාන්න, මාලිගාවෙන් පටන් ගත්තම, ඉවර වෙන්නෙ තව කොනකින්.. එත් ඉවර නෑ එකෙක්ට හරි තව කොහෙ හරි ගමනක් තියෙන්වා, කෙල්ලො කියලා නෑ ඇවිදින්න ගියාම, ඒ ඔක්කොම ගිහින් බඩ පැලෙනකම් කාල ගෙදර එනවා. මේක අදටත් මෙහෙමමයි.
මේකත් ඒ වගෙ දවසක්, පෙරුම් පුරල පෙරුම් පුරලා ගිය ගමනක්, දැඩි බාදකත් එක්ක යාලුවන් පාවල දීලා යන්න ලෑස්ති උන ගමනක්, පටන් ගත්තෙ ඉස්කෝලෙන්, ඊට පස්සෙ වැව රවුම, අපේ සෙට් එකේ දෙන්නෙක් පේරා කැම්පස් එකේ නිසා අපිට ඔනේ වෙලා තිබුණා කම්පස් එක බලන්න, ඉතින් ඊලඟට කැම්පස් එක වටේ රවුමක් ගිහින්, පණ්ඩිත කතා ඔක්කොම අහලා, එයාලට යන්න තහනම් කියලා කියපු තැන් වලටත් එබිකම් කරලා ඔන්න අපි ආවා, සරසවිඋයන හෝල්ට් එක ලඟ පොඩි කඩේකට වෙලා ඇති වෙනකම් කෑවා, එතනදි උන කලබගෑනි කියන්න ගියොත් ඔනේ දේ කියන්න වෙන්නෙ නැති නිසා එව්වා ඔනෙ නෑ..

ඉතින් දැන් තමා කතාවෙ හොඳම හරිය, ඊලඟට අපි ගියේ යකා පාලම ලඟට, අපි ගොඩක් දෙනෙක්ගෙ ඒ පලවෙනි වතාව, අර පණ්ඩිත ඩබල නම් කලින් ගිහින් තිබුණා කැම්පස් එකේ යලුවොත් එක්ක, ඉතින් ඒ සුරංගනා කතා ඔක්කොම කියලා අපිව එක්කඟෙන ගියා ඒ පාලම බලන්න, ඉතින් ඔහොම ඉන්න ගමන් ගඟේ වතුරත් ගොඩක් පෑදිලා නිසා අපි ටිකක් ඒ පැත්තෙ යන්න ලෑස්ති උනා, ඒත් එක්කම යන්තම් අවුරුදු විසිපහක් විසිහයක් වගෙ වයස මනුස්සයෙක් රේල්පාරෙ ඇවිද ඇවිද ඉන්නවා, අපිටත් වැඩිය ගානක් නෑ, අපිත් අපෙ වැඩ වල, ටිකක් වෙලා යද්දි මේ මනුස්සය මහ හයියෙන් කාත් එක්කද කෝල් එකක කතා කරනවත් ඇහුනා.
හොදටම අවුලෙන් වගේ හිටියේ, ඊටත් පස්සෙ ටික වෙලාවකින් මේ මනුස්සයා හිමීට රේල් පාරෙන් ඉදගත්ත, ඔලුවත් බිමට නමාඟෙන ගල් පිලිමයක් වගේ. එක පාරටම හිතා ගන්න බැරි උනත්, ඒ ගැන කතා කරේ නැති උනත්,  අපිත් බලාඟෙන හිටියා, අපිත් දැන් ගං ඉවුරට යන ගමන්, හිනා වෙවී හිටියට අපේ හිත්වල සැනසීමක් තිබුණෙත් නෑ, මොකක් හරි අමුතු හැඟීමක් දැනෙන්න ගත්ත, ටික වෙලාවකින්  කෝච්ච්චික් එන සද්දෙ ඇහුනට පස්සෙයි අපිට සිහිය ආවේ, කෝච්චිය එන සද්දෙත් එක්ක නම් ඒක අර මනුස්සයා හිටපු තැනට එන්න තව බොහොම පොඩි වෙලාවයි ඔන්න එතකොට තමා අපිට තරු පෙනුනෙ, ඒ වෙනකොට අපි කවුරුත් ඒ ගැන කතා වෙලා හිටියෙ නැති උනත්, එක පාරටම අපි උඩට දිව්ව පුළුවන් උපරිමයෙන්, ඒක නිකම් ටෙලිපති වගේ උන දෙයක්..
සද්දේ මහ හයියෙන් ආව කෝච්චිය එන්න තව බොහොම ටික වෙලාවක් තියෙද්දි අපි ඒ මනුස්සයා ලඟ, අයියේ ඇයි මෙතන? ඇහුවම නෙවෙයි ආපු ආවේගෙටත් එක්ක ඒක අපිට කියවුනා? එක එක්කෙනා දාහක් ප්‍රශ්න අහනවා අර මනුස්සයත් බිරාන්ත වෙලා, ඇයි අයියේ මොකක් හරි ප්‍රශ්නයක්ද? මොකක්ද කරන්න යන්නෙ? කෝච්චියක් එනකොට ඇයි රේල් පාරෙ ඉඳඟෙන ඉන්නේ?... කොහොම කොහොම හරි මහ ගොඩක් පණ්ඩිතකම් කියවලා කෝච්චිය යනකම් ඒ මනුස්සයව කතාවට අල්ලගත්තා.. අපි කියවපු පණ්ඩිත කම් වලට එයාටත් ලැජ්ජ හිතෙන්න ඇති, පස්සෙයි අපි දැන ගත්තෙ ආදර පලහිව්වක් නිසා ඒ මනුස්සයා එහෙම හිටියයි කියලා. ජිවිතේ නැති කරඟන්න හිතෙන තරම් ඒ මනුස්සයා කොහොම ප්‍රශ්නෙක ඉන්න ඇතිද? අන්තිමට ඒ මූණෙන් ලොකු හිනාවක් දකිනකම් අපි කතා කරන්න ඇති, එච්චරකට හිනාවෙන්න පුළුවන් මනුස්සයා, කොච්චරකට ලොකු දුකකින් ඉන්න ඇත්ද කියන එක අදටත් ප්‍රශ්නයක්. අද කොහේ ඉන්නවද කියලා දන්නෙ නැති උනත්, කොහෙම හරි සතුටින් හිනාවෙලා ඇති කියලා හිතනවා..
…………..………………...

පෙරුම් පුරාඟෙන ආ සංසාරේ..
පූජ්‍ය මහකණුමුල්ලේ වජිර හිමි විසින් රචිත වේරලියැද්ද මහතා ගායනා කරන මම ආස කරන හරිම සීමිත ගීත ප්‍රමාණයක් අතරෙ එදත් අදත් එක විදියටම මම කැමති ගීතයක්, ඉතිං මේ සිද්දියෙන් පස්සෙ මෙ සිංදුව ඇහෙන හැම වෙලාවකම මට ඒ මනුස්සයව මතක් වෙනවා..
සිංදුවෙ කියනවා වගේ එදා ඒ මනුස්සයක් ඒ විනාසෙ කර ගත්තනම් කාට රිදෙයිද කව්රු අඬයිද? මේ ඔක්කොටමත් වඩා ලෝකේ කවදාවත් කිසිම දෙයක් කිසිම කෙනෙක් ජිවිතේ නැති කර ගත්ත කියලා නවතීද? නෑ ලෝකේ හැමඳාම ඉස්සරහට යනවා. ඒකත් හරියට මනුස්සයෙක් කෝච්චියට පැන්න පලියට, ඒ මනුස්සය ජීවිතේ නැති කර ගත්ත පලියට කෝච්චිය නතර වෙලා ඉන්නේ නෑ වගෙ, කෝච්චිය යන්න තියෙන ගමන යනවා වගේ....
වරක් නෙතඟ කඳුලැල් පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ..//
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සතුටක්දෝ...

ඉතිං ජිවිතේ හැම දෙයක්ම අවස්ථානුකූල වෙනකොට, එක අවස්ථාවක දැනෙන දරා ගන්න බැරි දුකකට, ජිවිතේ නැති කර ගන්නවනම් ඒක මොන තරම් මෝඩ කමක් ද? මේච්චර කාලයක් තමන්ගෙ ජීවිතේ වෙනුවෙන් මහ ගොඩක් දෙමව්පියෝ, සහෝදරයෝ හෝ කව්රුම හරි කරපු කැප කිරීම වලට වටිනාකමක් නොඳී, ඒ ණයවත් නොගෙවා, කිසිම යුතුකමක් ඉටු නොකර, තවත් කව්රුත් හෝ තවත් මොකක් හරි අවස්තාවක් නිසා ජීවීතයක් නැති කර ගන්නවනම් ඒ මානසිකත්වය කොහොම දියුණු විය යුතද? ඉතිං මේ කිසිම දෙයක් හිතන්නෙ නැතුව කර ගන්න විනාසයක් ලෝකය නතර කරයිද? නෑ හැම දේම ඒ විදියටම වෙනවා, කෙනෙක් නිවන් සුව පතනවා, තවත් කව්රු හරි මෝඩකම කියලා බනිනවා, හැබැයි කව්රුත්ම නතර වෙන්නෙ නෑ, කිසිම දෙයක් නතර වෙන්නෙ නෑ, පෙරුම් පුරලා කල්ප ගානකින් ලැබෙන මනුස්ස ජීවිතයක් විතරක් නැති වෙනව.
එකම එක අවස්තාවක්, එකම එක පරාජයක්, එකම එක වැටීමක් ඔය මොකවත්ම ඔයාගෙ ජීවිතේ තරමට වටීද? ඔයාට ඔයාව වටින්නෙ නෑ කියලා ඔයාට හිතෙන වෙලාවට ඔයා ටිකක් ඔලුව උස්සලා බැලුවොත් ඔයා දකී ඔයාව කී දෙනෙක්ට කොහොම වටිනවද කියලා, ඉතිං මේ ජිවිතේ කොච්චර ලස්සනද? ටිකක් දරාඟෙන හිටියොත්, මේ දුකම කොච්චර සතුටක්ද? ....
හිමාලි නිසංසලා
සිව්වන  වසර
කළමනාකරණ හා මූල්‍ය පීඨය
අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්නමොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.
මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com
එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...

අපි FMF Media Blog Unit...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19