අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

ජීවන ගමනේ මූලික පදනම් අතරින් අග්‍ර වූ කොටස නොඉඳුල් ව සුපසන්ව අපගේ රගමඩලට කාවද්දන්නා වූ  දෙවිවරුන් ගුරු උත්තමයෝය.ඔබත් මාත් ඇතුළු විශ්වීය මෙහෙය වන්නාවූ මිනිසුන්ට ජීවිතයේ ප්‍රාණ ශක්තිය ලබා දී පසකට වී නිහතමානීව බලා හිදින්නන් ඔවුන්  මිස අන් කවරහූද..

ඉලක්කම් කිහිපයකට සීමා කල නොහැක්කාවූ ගුරුවරුන්ගේ සේවය ඇගයීමට ඇල්බට් අයින්ස්ටයින් නම් විද්වතා දන්නා වූ ඉලක්කම් ද මදි සේය ..

මා මෙන්ම ඔබ අමුණනා ...මුමුණනා අකුරක් පාසා මාගේ මෙන්ම ඔබගේ ගුරුවරුන්ට පිං ලැබිය යුතුමය....

අපගෙන් කිසිදු මතු ප්‍රති උපකාරයක් බලා පොරොත්තු නොවී ගුරු මුෂ්ටියෙන් තොරව අභ්‍යන්තර ආල්‍යයෙන්  සිප් කිරෙන් අප දෝවනය කරන්නා වූ ගුරුවරුන්ට ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් ලබා දීමට හැකි වන්නා වූ  එකම ත්‍යාගය වන්නේ සමාජයට උගත් බුද්ධිමත් මානුශීය  මිනිසෙකු ලෙස නිර්මාණය වීමෙනි.එලෙස නිර්මාණය වූ ජීවීන්ගේ ආගමනයන් තුළින් ගුරු සිතේ ඇති වන්නාවූ භක්තිය ,නිහතමානී ශාන්තිය දෙවැනි වන්නේ ආගමික වශයෙන් අප අත් විදින්නා වූ සදාකාලික මෘදු සුවයට පමණක්ම වන බව අවිවාදාත්මක වූවකි..

 

ජීවිතේ කෙතරම් හැල හැප්පීම් දුශ්කර මාවත් පසු කරනට තිබුණද කිසිදු ඉස්පිල්ලක පාපිල්ලක අඩුවකින් තොරව අපගේ ජීවිතයේ හැරවුම් ලක්ශයන් කඩතුරා දෙපළු කොට පෙන්වා දුන් ආදරණීය ගුරු මව්වරුන් පියවරුන් ,මාගේ මෙන්ම ඔබගේත් ජීවතයේ දී හමු වී ඇතුවාට සැකයක් නැහැ.එමෙන්ම වැසී යාමට තිබූ සිප් භූමි ස්වෝත්සාහයෙන් යළි ආරම්භ කල නූතන දිසාපාමොක් පරපුරේ ඇත්තන් වත්මනෙහිද තවත් පරම්පරා ගණනාවකට ඔක්සිජන් සපයනවා නො අනුමානයි.එමෙන්ම සිසු පරපුරට ඕනෑම මොහොතක පලිහක් සේ තම ආත්මය පවා මුසු කිරීමට තරම් අභිමානවත් සලකුණු ගුරු පරපුර තුළින් නුඹට සම්මුඛ වී ඇතුවා නිසැකය..

එවන්  වූ උත්තම දෙවි දේවතාවුන්ට මේ අකුරක් පාසා පිං ලැබේවා යන්න නූතනයේ සිසු පරපුරේ අපගේ උත්තරීතර පැතුමයි.

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ 

පෙන්නා මග නොමග නොවැටී යන තාලේ 

සිප්කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ 

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ


සුන්දරවූ මතක ගොන්නක් මනසට අනාරාධිතවම ගොඩ වදින්නා වූ සියුම් වූ වේදනාවක අකුණු හඩ තලන්නාවූ සිංදුවක මිහිර හෝරා විසිහතරකට ලඝු නොකට සෑම දිනකම සිහි කරන්නට හැකි නම් මූසිලයන් නොමැති  කළගුණින් සපිරි පරපුරක උරුමය ලාංකීය අභිමානය ඔප නංවනු නො අනුමානයි.


         
ප්‍රවීනා සංදීපනී ලංකාමුල්ල
කළමනාකරණ හා මුල්‍ය පීඨය
දෙවන වසර

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19