Posts

Showing posts from January, 2019

Every Dark Cloud has a Silver Lining..

Image
ජීවිතේ අපි හැමෝම කාගේ හරි හිතේ වැරදිකාරයො වෙලා ඇති. ඒ අයගෙන් හිතින් හරි දොස් අහලා ඇති. ඉතින් සමාජයේ වැරදිකාරයො විදියට හංවඩු ගහපු සමහර අහිංසක ජීවිත අද වෙද්දී  සිපිරි ගෙය එයාලගේ ගෙදර කරගෙන ඉවරයි. ඒත් ඇත්තටම ඒ ජීවිත වැරදිකරයෝද? අපි ඒ තරම් ලේසියෙන් ඔවුන්ව ඒ මට්ටමට දැම්මේ කොහොමද? මේ ප්‍රශ්න සේරටම උත්තර දෙන්න අද හේෂානි සූදානම්. හැම මනුස්සයෙක්ම වැරදිකාරයෙක් වෙන්න අපෙත් යම් කිසි හෝ බලපෑමක් තියෙනවා කියන දේ තේරුණාම ඔබටත් තේරෙයි අපේ සමාජයේ කොතන හරි වරදක් වෙලා තියෙනවා නේද කියලා. අපි එකතු වෙමු ඇගේ අදහස් එක්ක. හිතට එකඟව අපිට පුළුවන් වුනොතින් හිතන විදිය වෙනස් කරගෙන අලුත් ඇහැකින් ලෝකය දකින්න මං හිතනවා ගොඩක් අහිංසක ජීවිත සිපිරි ගෙයි ඇතුලේ හිර වෙන්නේ නැති වේවි කියලා.  සෑම කළු වලාවකම ඇති රිදී රේඛාව පෘතුවි තලය තුල ජීවය ලබා සිටින ඕනෑම කෙනෙක්, අනුන් විනිශ්වය කිරීමට පෙළඹෙන්නේ නිතැතින්මය. එය අවිවාදයෙන් යුතුව පිළිගතයුතු කරුණකි. අප එදිනෙදා දකින ඕනෑම සංසිද්ධියක් අප දකිනා පැතිකඩෙන් පමණක් බලා, ආවේණික වූ කෝණයකින් එය සාධාරනීයකරනය කරමින් තාර්කිකව තීරණයන්ට විනිශ්චයන්ට එළඹෙන අපුර්වත්වය ඇගයීමට ලක් කල යුතු යුතු