ශ්‍රී ලාංකීය දේශපාලනය හා කාන්තා නියෝජනය - Women Representation in Sri Lankan Politics

ශ්‍රී ලාංකීය දේශපාලනය හා කාන්තා නියෝජනය (Women Representation in Sri Lankan Politics) විව්ධත්වය ( The Variety ) ලිපියෙන් පසුව FMF Blog කණ්ඩායම ඔබ හා එක්වන්නේ වර්තමානයට ගැලපෙන සංවාදාත්මක ලිපි මාලාවකිනි. එහි ප්‍රථම කොටස අද ඔබ හා එක් කිරීමට අප කැමැත්තෙමු. ඒ සදහා ඔබගේ වටිනා අදහස් අප හට එවන ලෙස ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. මාග්‍රට් ත්‍රැචර් යනු කවුද? එක්සත් රාජධානියේ හිටපු අගමැතිනිය ඇයයි. සිරිමාවෝ බණ්ඩාරනායක යනු කවුද? ලෝකයේ පළමු අගමැතිනිය. ... ඇය බිහිවන්නේ ශ්‍රී ලංකාවෙනි. තෙරේසා මවුතුමිය යනු කවුද? ඉන්දියාවේ පීඩිත පන්ති වෙනුවෙන් ඇය හඩනගා ඉන්දීය සමාජය තුළ විප්ලවයක් ඇති කළ කාන්තාවකි. . පෙර කී සෑම නමකම ඔබ විශේෂත්වයක් දුටුවේද? ඔවුහු සියල්ලෝම කාන්තාවෝය. අනුලා දේවිය සුගලා දේවියගෙන් ඇරඹි ශ්‍රී ලාංකික රාජාවලිය අද වන විට නියෝජනය වන්නේ කෙසේද? කුමක් මගින්ද? එම ප්‍රශ්නයට සරල පිළිතුර වන්නේ ශ්‍රී ලාංකික පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායක සභාව මගිනි. මොහොතකට පාර්ලිමේන්තුවේ සංයුතිය දෙස අවධානය යොමු කළහොත් එහි කාන්තවන් ...