Posts

Showing posts from September, 2020

Newspaper is a news-paper or not? Part 1

Image
  පුවත්පත පුවත්පතක්ද?  Newspaper is................. " ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාන්තා නියෝජනය " නම් ලිපියෙන් පසුව අප ඔබ හා එක්වන්නේ " පුවත්පත පුවත්පතක්ද? " යන කාලීන විවේචනාත්මක ලිපියකිනි. පුවත්පතෙහි සාධනීය ලක්ෂණ හා වර්තමානයේ එහි තුළ වූ ලක්ෂණ අතර පරස්පරය විදහා දැක්වීම මෙහි අරමුණ වේ. 16 වන සියවසෙහි තම දෑතින් නිමැවුනු පුවත්පතෙහි ආරම්භය 17 වන සියවස වන විට මුද්‍රණය කොට බෙදාහැරීමට තීරණය වූයේ එහි තුළ ගැබ්ගත් සුවිශේෂි ලක්ෂණ කරණ කොටය. 20 වන සියවසට එළඹෙත්ම පුවත්පත් කලාවෙහි ප්‍රගමණයක් වූයේ දියුණු තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් කරගැනීමෙනි. 16 වන සියවසෙහි සිට මෑතක් තුරු පුවත්පත ජනාදරයට පත්වී ඇත්තේ නිරවද්‍ය පුවත් කළඹක් ලෙසිනි. ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු වූ මාක් ටුවෑන් වරක ප්‍රකාශ කර ඇත්තේ පුවත්පත් පරිහරණය නොකරන්නාට තොරතුරු නොලැබෙන අතර , පුවත්පත් පරිහරණය කරන්නාට වැරදි තොරතුරු ලැබෙන බවය. එසේ පැවසීමට ඔහු පෙළඹුණේ මන්ද? ??   " පුවත්පතෙහි සමාජවාදය " නම් ග්‍රන්ථයෙන් බිල් කොයැක් පුවත්පතක් සතුවිය යුතු සාධනීය ලක්ෂණ හදුනාගෙන ඇත. එහි ප්‍රථම ලක්ෂණය ලෙස ඔහු ගෙනහැර දක්වා ඇත්තේ