Newspaper is a news-paper or not? Part 1

 

පුවත්පත පුවත්පතක්ද? 

Newspaper is.................

"ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාන්තා නියෝජනය" නම් ලිපියෙන් පසුව අප ඔබ හා එක්වන්නේ "පුවත්පත පුවත්පතක්ද?" යන කාලීන විවේචනාත්මක ලිපියකිනි. පුවත්පතෙහි සාධනීය ලක්ෂණ හා වර්තමානයේ එහි තුළ වූ ලක්ෂණ අතර පරස්පරය විදහා දැක්වීම මෙහි අරමුණ වේ.


16 වන සියවසෙහි තම දෑතින් නිමැවුනු පුවත්පතෙහි ආරම්භය 17වන සියවස වන විට මුද්‍රණය කොට බෙදාහැරීමට තීරණය වූයේ එහි තුළ ගැබ්ගත් සුවිශේෂි ලක්ෂණ කරණ කොටය. 20වන සියවසට එළඹෙත්ම පුවත්පත් කලාවෙහි ප්‍රගමණයක් වූයේ දියුණු තාක්ෂණික ක්‍රමවේද ඇතුළත් කරගැනීමෙනි. 16වන සියවසෙහි සිට මෑතක් තුරු පුවත්පත ජනාදරයට පත්වී ඇත්තේ නිරවද්‍ය පුවත් කළඹක් ලෙසිනි. ශ්‍රේෂ්ඨ ලේඛකයෙකු වූ මාක් ටුවෑන් වරක ප්‍රකාශ කර ඇත්තේ පුවත්පත් පරිහරණය නොකරන්නාට තොරතුරු නොලැබෙන අතර, පුවත්පත් පරිහරණය කරන්නාට වැරදි තොරතුරු ලැබෙන බවය. එසේ පැවසීමට ඔහු පෙළඹුණේ මන්ද???



 

"පුවත්පතෙහි සමාජවාදය" නම් ග්‍රන්ථයෙන් බිල් කොයැක් පුවත්පතක් සතුවිය යුතු සාධනීය ලක්ෂණ හදුනාගෙන ඇත. එහි ප්‍රථම ලක්ෂණය ලෙස ඔහු ගෙනහැර දක්වා ඇත්තේ සත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමය. වර්තමානයේ පුවත්පතක පළ වී ඇති සමස්තය දෙස නෙත් යොමු කළ විට අපට දැකගත හැක්කේ ප්‍රවෘත්ති පරයා නැගෙන සමාජීය ඕපාදූප කළඹකි. නැතහොත් තවකෙනෙකුගේ වුවමනාවට පළවූ මඩ පහරකි. මේ සියලු තොරතුරු සයුරෙහි පිහිනන පාඨකයා පිහිනා ගැනීමට නොහැකිව සයුරෙහි නිමක් නොපෙනෙන මානයක කිදී ගොස් හමාරය. අද සමාජයේ පුවත්පතක් ගත්විට එහි ගැබ්ව ඇත්තේ නිෂේධනීය බලපෑම් සමුදායකි. නළු නිළියන්ගේ වගතුග, දේශපාලනික සාවද්‍ය මතවාද, දැනුම මොට කරන විවිධ තුළින් සන්නද්ධ වූ පුවත්පත් රසායන විද්‍යා ආචාර්‍යවරයෙකු පවා නළු නිළි උන්මත්තකයෙකු කළහැක. 16වන සියවසෙහි ආරම්භ වූ සත්‍ය නිරවද්‍ය පුවත්පත් කලාව ඉතා ඉක්මනින් ප්‍රගමනයට මගහසර විවර වූයේ එවකට එහි ගැබ්ගත් සුගුණ ලක්ෂණ නිසාය.      ......තවත් කොටසක් ලබන සතියේ.................................................

හේෂාන් ජයසිරි

දෙවන වසර

කළමණාකරණ හා මූල්‍ය පීඨය


Hope to meet you all soon, through our next article. Are you Seeking for a way to publish your valuable articles and writings? If so, we can give you the opportunity. A few terms and conditions will only needed to be agreed on. Contact us and grab this valuable chance.



We too like to publish articles from outside our faculty and build a lovely relationship with our external readers, as we are not restricted to only our university. 
Send your articles and literacy work to our e-mail address - fmfmediauoc@gmail.com

Until then, do remember us as the paradise of writers of the Faculty of Management and Finance.

We are the FMF MEDIA BLOG UNIT...



 

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19