Newspaper is a newspaper or not - Part 02

පුවත්පත පුවත්පතක්ද? -2 වන කොටස Newspaper is a newspaper or not - Part 2 " ශ්‍රී පුවත්පත පුවත්පතක්ද - 1" නම් ලිපියෙන් පසුව අප ඔබ හා එක්වන්නේ " පුවත්පත පුවත්පතක්ද? " යන කාලීන විවේචනාත්මක ලිපියකිනි. පුවත්පතෙහි සාධනීය ලක්ෂණ හා වර්තමානයේ එහි තුළ වූ ලක්ෂණ අතර පරස්පරය විදහා දැක්වීම මෙහි අරමුණ වේ. එවකට මිනිසුන්ට පුවත්පතක් ඇසුරු කළ විට විශ්වවිද්‍යාල දැනුමක් හිමිවූයේ එහි පුවත්වලට අමතරව සාහිත්‍යය , තර්ක විතර්ක, විද්‍යාත්මක දැනුම වැනි ගැඹුරු දැනුම්ස්කන්ධයක් ලබාදීම නිසාය. 21වන සියවසෙහි පුවත්පත පවා ව්ද්‍යුත් ආකාරයට ජංගම දුරකතනයට, පරිගණකයට බාගත කරගැනීමට මිනිසුන් පෙළඹී ඇත්තේ වර්තමාන පුවත්පතෙහි ඇති අවිවේකී බව යන කරුණු හේතු ලෙස ඉදිරිපත් කරමිනි. අන්තර්ජාලයට දෙවියන් ලෙස සලකන 21වන සියවසෙහි මිනිස් රොබෝවරු සමාජ මාධ්‍ය කෙරෙහි ඇති දැඩි විශ්වාසය පාදක කොටගෙන සියලු පුවත් එමගින් ලබාගැනීමට මෙන්ම ඒ මත රදා පැවතීමට ද හුරු වී ඇත. එසේම කෙටි පණිවුඩ සේවා සක්‍රීය කරගැනීම තුළින් සිදුවීමක්, සිදුවී මිනිත්තු කිහිපයක් ඇතුළත තම දුරකතනයයට එය ලැබීම නිසා අද පාඨකයා සජීවි යාවත්කාලීන වීමකට ඇලුම් කරති...