Posts

Showing posts from February, 2021

කොරෝනා කාලේ ආලේ - Love in Corona

Image
"ආදරය".. ආදරනීයන්ගේ දවසේ ආදරය සහ මේ දිනයේ වැදගත්කම ගැන අදහසක් එකතු කරන්න අපි තීරණය කලා. සමහර අයට අවුරුද්දේ අනිත් හැම දවසටම වඩා වැදගත් වන්නේ අද දවස. හැබැයි ඇත්තටම ඒ හිතන විදිය හරිද, අපිට මුළු අවුරුද්දම එක වගේම අපි වටේ ඉන්න හැමදෙනාටම ආදරේ කරන්න පුළුවන් නේද කියන දේ ආයෙමත් පොඩ්ඩක් හිතලා බලන්න ඔබට ආරාධනා කරනවා.  අපි එකතු වෙමු අද අපේ ආටිකල් එකත් එක්ක. ඔබට බාරයි හිතන විදිය වෙනස් කරගෙන ජීවිතේ ලස්සන කරගන්න...   ඇය කොළඹය. මා රජරටය. විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් කොළඹ ජීවිතය ඇරඹූ මට අම්මාගේ බත්මුලේ රස දැනෙන්නට පටන් ගත්තේ හාල්මැස්සෝ හොද්දේ හාල්මැස්සෝ සෙවීමට පිහිනීමට ත් ඉදහිට යහළුවන් සමග එක් ව කෑමට ගත් චිකන් කොත්තුවට කුකුළා ගෙදරින් ගෙනඒමටත් සිදු වූ විටය. සල්ලිකාර පවුලක අයකු නොවූවද, මාගෙත් අම්මාගේත් තාත්තාගේත් බඩවල් පිරවීමට තාත්තාගේ රැකියාව ප්‍රමාණවත් විය. උසස් පෙළින් පසුව කෙටි කාලයක් රු.10 ,000 පඩියට බැංකුවේ රැකියාවට ගිය ද , විශ්වවිද්‍යාලයට යාමට තරම් ලකුණු ලද බව ඇසූ දින සිට තාත්තා කීවේ " අවුරුදු 20ක් උඹට කන්න දුන්නා නම් තව 4ක් දෙන්න බැරිකමක් නෑ . උන්ට උඹව හූරගෙන කන්න නොදී මේ