Posts

Showing posts from July, 2021

සිරි දළදා පෙරහැර වරුණ - Siri Dalada Waruna

Image
සුවහසක් ශ්‍රී ලාංකීය  බෞද්ධ  ජනයාගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන්නේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ විරාජමානව වැජඹෙන පූජනීය වූත් වන්දනීය වූත් ශ්‍රී දළදා මාලිගාවයි. ශ්‍රී දළදා මැදුරේ වාර්ෂික පැවත්වෙන වටිනාම මංගල්‍යය වනුයේ ඇසළ මහා පෙරහැරයි .එය දුරාතීතයේ සිටම පැවත එන අතර අතීත සිරිත්විරිත්, චාරිත්‍ර විධි වත්මනෙහිද නොනැසී දක්නට ඇත. මෙහි මූලිකම අභිප්‍රාය වන්නේ අමා මෑණී ශාන්ති නායක අප ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේට පූජෝපහාර දැක්වීමයි. ඇසළ පෙරහැර මංගල්‍යයේදී ශ්‍රී ලාංකීය අතීත පෞඪත්වය මෙන්ම අනන්‍ය වූ සංස්කෘතියද මනා ලෙස පිළිබිඹු වේ. ක්‍රි.ව. 4 වන සියවසේදී  එනම් මේඝවර්ණ රජ දවස කළිගු රටේ සිට මෙරටට දන්ත ධාතූන් වහන්සේ වැඩම කරන ලද්දේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසිනි. අතීත පුරාවෘත වලට අනුව දළදා වහන්සේ මුලින්ම වැඩම වූයේ අභයගිරි පාර්ශ්වයට අයත් මේඝගිරි විහාරය ලෙස හැදින් වූ වත්මනෙහි ඉසුරුමුණි විහාරයැයි ප්‍රචලිත පූජනීය භූමියටයි. දන්ත ධාතූන් වහන්සේ අතීත රාජ්‍යත්ව සංකේතය බවට පත්විය.ඊට හේතු වූයේ ,ශ්‍රී ලාංකීය ජනතාව තුළ දන්ත ධාතූන් වහන්සේට ඇති අසීමිත  ගරුත්වය හා භක්තියයි. බල අරගල නිසාවෙන් ,රාජ්‍යත්වය ත