සිරි දළදා පෙරහැර වරුණ - Siri Dalada Waruna


සුවහසක් ශ්‍රී ලාංකීය  බෞද්ධ  ජනයාගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන්නේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ විරාජමානව වැජඹෙන පූජනීය වූත් වන්දනීය වූත් ශ්‍රී දළදා මාලිගාවයි.

ශ්‍රී දළදා මැදුරේ වාර්ෂික පැවත්වෙන වටිනාම මංගල්‍යය වනුයේ ඇසළ මහා පෙරහැරයි .එය දුරාතීතයේ සිටම පැවත එන අතර අතීත සිරිත්විරිත්, චාරිත්‍ර විධි වත්මනෙහිද නොනැසී දක්නට ඇත. මෙහි මූලිකම අභිප්‍රාය වන්නේ අමා මෑණී ශාන්ති නායක අප ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේට පූජෝපහාර දැක්වීමයි. ඇසළ පෙරහැර මංගල්‍යයේදී ශ්‍රී ලාංකීය අතීත පෞඪත්වය මෙන්ම අනන්‍ය වූ සංස්කෘතියද මනා ලෙස පිළිබිඹු වේ.

ක්‍රි.ව. 4 වන සියවසේදී  එනම් මේඝවර්ණ රජ දවස කළිගු රටේ සිට මෙරටට දන්ත ධාතූන් වහන්සේ වැඩම කරන ලද්දේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසිනි.

අතීත පුරාවෘත වලට අනුව දළදා වහන්සේ මුලින්ම වැඩම වූයේ අභයගිරි පාර්ශ්වයට අයත් මේඝගිරි විහාරය ලෙස හැදින් වූ වත්මනෙහි ඉසුරුමුණි විහාරයැයි ප්‍රචලිත පූජනීය භූමියටයි.

දන්ත ධාතූන් වහන්සේ අතීත රාජ්‍යත්ව සංකේතය බවට පත්විය.ඊට හේතු වූයේ ,ශ්‍රී ලාංකීය ජනතාව තුළ දන්ත ධාතූන් වහන්සේට ඇති අසීමිත  ගරුත්වය හා භක්තියයි.

බල අරගල නිසාවෙන් ,රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට දළදා වහන්සේ තමා සතු කර ගැනීමට පුරාණ පාලකයෝ තරග කල අතර මෙම තත්වයෙන් දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට භික්ෂූන් වහන්සේලා විවිධ උපක්‍රම භාවිතා කරන ලදි.

අවසන, සෙංකඩගල පුරවරයේ මාලිගාවක් කල රන් කරඩුවක් තුල දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කරන ලදි.එතැන් පටන් මහජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසෙන ලදි.

ඉන්පසු දළදා වහන්සේට පූජෝපාහාර දැක්වීමට අතීත පෙරහැර මංගල්‍ය ආරම්භ වූ අතර එය වත්මනෙහි මෙන් ක්‍රමානුකූල නොවීය.ඒ පිළිබද තොරතුරු අල්පය.කෙසේ වුවද,පෙරහැර මංගල්‍යයේ ආරම්භය කිත්සිරිමෙවන් රජු දවස ( ක්‍රි.ව 301- 328) ආරම්භ වී ඇතැයි සැලකේ.

වර්තමානයේ පෙරහැර මංගල්‍යයේ ආරම්භය කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ( ක්‍රි.ව 1747-1748) සියම් රටේ උපාලි තෙරුණ්ගේ අනුශාසනා පරිදි වැලිවිට සරණංකර හිමිගේ මූලිකත්වයෙන් සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ සශ්‍රීකත්වය උදෙසා මෙන්ම නාථ , විෂ්ණු , කතරගම  හා පත්තිනි යන  දෙවි වරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සදහා හෙළයේ මහා ආගමික මංගල්‍ය උත්සවාකාරයෙන්  පවත්වනු ලැබේ. 

මෙම පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරනු ලබන්නේ නාථ , විෂ්ණු  , කතරගම හා පත්තිනි යන සතර මහ දේවාලයන්හි කප් සිටුවීමෙනි.එම උතුම් කාර්‍ය මාලිගාවේ නැකත් මොහොට්ටාල විසින් නැකත් පත්‍රයේ සදහන් වේලාවකට අනුව සිදු කරයි.

මහනුවර දළදා පෙරහැර ප්‍රධාන කොටස් 04 ක් යටතේ පවත්වයි.

  01 .ප්‍රධාන දේවාල පෙරහැර

  02 . කුඹල් පෙරහැර 

  03.  රන්දෝලි පෙරහැර 

  04.  දවල් පෙරහැර 

දේවාල පෙරහැර සතර මහා දේවාල  කපු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දේවාභරණ පෙරටු කර ගෙන පුරා දින 05 ක් දේවාල භූමියේ දී පවත්වයි .

කුඹල් පෙරහැර ලෙස හැදින්වෙන්නේ වළං කරුවෙකු තම අතවැසියා සමග වළං කදක් ගෙන පෙරහැරේ ඉදිරියෙන් ගමන් කිරීම නිසාවෙනි.

රන්දෝලි යනු සතරමහ දේවාල වලට අයත් රන් දෝලා සතර පෙරහැර අවසානයේ ඔසවාගෙන යන පෙරහැරයි.මෙය කුඹල් පෙරහැරට පසුව පවත්වයි.මෙය අතිශය අලංකාර ලෙස දන්ත ධාතූන් වහන්සේ තබා ගත්  ඇත් රජු පෙරටු කොටගත් අලි ඇතුන් පිරිවරා ගත් විවිධ නර්ථානාංග ඉදිරිපත් කරන්නන්ගෙන් සමන්විත වේ.


රන්දෝලි පෙරහැර සදහා පෙරමුණේ රාල, ගජනායක නිළමේ ,කාරියකරවන නිළමේ යනාදී ඉහළ නිළයන් ද සහභාගී වේ.මෙහිදී දළදා මාලිගාවේ පෙරහැරට පිටුපසින් නාථ දේවාල පෙරහැර ගමන් කරන අතර ඊට හේතුවන්නේ අනෙක් දේවාලයන්ට වඩා ප්‍රමුඛත්වයක් හිමිවීමයි. මන්ද යත්, නාථ  දෙවියන් අනාගතයේ  මතු බුදු වෙතැයි විශ්වාසයක් පවතින නිසාවෙනි .නාථ දේවාල පෙරහැරට පිටුපසින් පිළිවෙලින් විෂ්ණු , කතරගම හා පත්තිනි දේවාල පෙරහැර ගමන් කරයි.මෙම පෙරහැර දින 05 ක් පුරාවට වීදි සංචාරය කරයි. 

දවල් පෙරහැර දිවා කාලයේ වීදි සංචාරය කරන අතර දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව වාර්ෂික පෙරහැර මංගල්‍ය අවසන් වේ.

අපගේ සංස්කෘතික අභිමානය හා ඓතිහාසික උරුමය ලොවට විදිහා පාන අනගිභවනීය වූ සෙංකඩගලපුර ඇසළ මංගල්‍යය දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් චිත්තාකර්ෂණීය කරන්නාවූ සිත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකද  කරන්නාවූ අපටම අනන්‍ය වූ මාහැගි වස්තුවකි.

ඉතින්, තව චිරාත් කාලයක් ඇසළ පෙරහැර මංගල්‍යය අපගේ අනාගත පරම්පරාවන්ට දක්නට ලැබේවා යන්න ශ්‍රී ලාංකීය අපගේ උත්‍තරීතර ප්‍රාර්ථනාවයි.

ප්‍රවීනා සංදීපනී ලංකාමුල්ල 
කළමනාකරණ හා මුල්‍ය පීඨය
දෙවන වසර 

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...

Comments

  1. Casino Games at Borgata - Dr.MCD
    Borgata 천안 출장마사지 Casino - The Ultimate Destination. Experience the 안동 출장안마 best Atlantic 충청남도 출장안마 City 동두천 출장마사지 casino slot machines, exclusive bingo and best table games. From blackjack to 논산 출장샵

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19