ඇවිලුනු ගිනි දැල් නිවා දමා මදහස පානා හිතවතී - යාපනය (ලිපි අංක 1)

වසර ගණනාවක කුරිරු යුද්ධයේ නටබුන් තවම ඉතිරිව තිබුණ ද, දසතින් පෙනෙන සරුසාර ගොවිබිම් හා අහිංසක දමිළ වැසියන්ගේ සුන්දර අව්‍යාජ හසරැල් අපට හඟවන්නේ යළිත් වසන්තය ඇරඹී ඇති බවයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අභිමානයෙන් එකමුතු මාවතේ එක් රැස් වී සිටින්නන් වන අපට උතුරු උතුරුකරයෙන් දකුණට නෑගම් යන්නත් ,දකුණෙන් උතුරට නෑගම් එන්නත් නිර්භයව හැකි වන තරමට ම තරමට ම සමීප වීමට හැකි වීම ආශ්චර්යකි වසර මිලියන ගණනාවක් පුරා නිර්මාණය වූ හුණුගල් තට්ටුවක් මත බිහිව ඇති යාපනය අර්ධද්වීපය මනබන්දනීය චිත්තාකර්ශණීය වූත් විවිධ ස්ථාන වලින් හෙබි අව්‍යාජ මිනිසුන්ගේ සිනාකැන් ,ජීවන රටාවන් හා සංස්කෘතියෙන් ඔප නැංවූ අපූර්ව භූමියකි . තල් අරණේ මිනිසුන් සැබවින්ම සැබවින්ම මිත්‍රශීලී වන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ ගොවිතැනයි. යාපනයේ දසත විහිදී ඇති සරුසාර ගොවිබිම් ඊට මනාව සාක්ෂි සපයයි. ඊට අමතරව සත්ව පාලනය සිදු කරන ගැමි ජනයා සතුව ඇත්තේ සරල නමුත් සංස්කෘතියට බද්ධ වූ ජීවන රටාවකි .මොවුන්ගේ ආගමික හා සංස්කෘතික උත්සව ඔවුනටම අනන්‍ය අලංකෘත අංගයන්ගෙන් යුක්ත වන අතර එම උත්සව මොවුන් තුළ පවත්නා එකමුතු භාවයේ සංකේතයක...