ඇවිලුනු ගිනි දැල් නිවා දමා මදහස පානා හිතවතී - යාපනය (ලිපි අංක 1)

වසර ගණනාවක කුරිරු යුද්ධයේ නටබුන් තවම ඉතිරිව තිබුණ ද, දසතින් පෙනෙන සරුසාර ගොවිබිම් හා අහිංසක දමිළ වැසියන්ගේ සුන්දර අව්‍යාජ හසරැල් අපට හඟවන්නේ යළිත් වසන්තය ඇරඹී ඇති බවයි.


 ශ්‍රී ලාංකිකයන් ලෙස අභිමානයෙන් එකමුතු මාවතේ එක් රැස් වී සිටින්නන් වන අපට උතුරු උතුරුකරයෙන් දකුණට නෑගම් යන්නත් ,දකුණෙන් උතුරට නෑගම් එන්නත් නිර්භයව හැකි වන තරමට ම තරමට ම සමීප වීමට හැකි වීම ආශ්චර්යකි 

වසර මිලියන ගණනාවක් පුරා නිර්මාණය වූ හුණුගල් තට්ටුවක් මත බිහිව ඇති යාපනය අර්ධද්වීපය මනබන්දනීය චිත්තාකර්ශණීය වූත්   විවිධ ස්ථාන වලින් හෙබි අව්‍යාජ මිනිසුන්ගේ සිනාකැන් ,ජීවන රටාවන් හා සංස්කෘතියෙන් ඔප නැංවූ අපූර්ව භූමියකි .

තල් අරණේ මිනිසුන් සැබවින්ම සැබවින්ම මිත්‍රශීලී වන අතර  ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ ගොවිතැනයි. යාපනයේ දසත විහිදී ඇති සරුසාර ගොවිබිම් ඊට මනාව සාක්ෂි සපයයි. ඊට අමතරව සත්ව පාලනය සිදු කරන ගැමි ජනයා සතුව ඇත්තේ සරල නමුත් සංස්කෘතියට බද්ධ වූ ජීවන රටාවකි .මොවුන්ගේ ආගමික හා සංස්කෘතික උත්සව ඔවුනටම අනන්‍ය අලංකෘත  අංගයන්ගෙන් යුක්ත වන අතර එම උත්සව මොවුන් තුළ පවත්නා එකමුතු භාවයේ සංකේතයක් බඳුය .

එක් කලක දී පමණක් වැසි හැලෙන මේ භූමියේ වගා  කිරීම සැබවින් ම දුෂ්කර ය .එම කාලයට අවශ්‍ය ජල අවශ්‍යතාවය සපුරා ගන්නේ " ආඬියා ළිදෙනි".එය සාම්ප්‍රදායික කෘෂි ළිඳකි.

උදෑසන හා රාත්‍රී ආහාරය ලෙස ප්‍රධාන වශයෙන් පිට්ටු ගන්නා අතර අඟහරුවාදා හා සිකුරාදා  නිර්මාංශ දවස් වන අතර එහිදී එම අඩුව  දී කිරි නිසා මැකී යයි .තවද ලංකාවේ රසම රස හිමකිරම තිබෙන්නේ ද මෙහිය.එමෙන්ම තල් හකුරු හා ඒ ආශ්‍රිත ආහාර මෙන්ම අනන්‍ය වූ ආහාර වට්ටෝරු රාශියක් මොවුන් සතුය.

ඓතිහාසික වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත්කමක් උසුලන වටිනා ස්ථාන රාශියකට යාපනය උරුමකම් කීවද මෙහිදී අප අවධානය යොමු කරන්නේ ස්ථාන කිහිපයකට පමණි .

යාපනය සරසවිය 

වත්මන වන විට අධ්‍යාපනික වශයෙන් ගත් කල විශාල ප්‍රගතියක් දැකිය හැකි අතර එය  සහජීවනයේ සංකේතයයි.යාපන සරසවිය ද තල් අරණ  සේම විශ්මිතය. උතුරෙන් සරසවි වලට බොහෝ පිරිසක් වරම් ලබන අතර අනෙක් ප්‍රදේශ වලින්ද තම උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා සඳහා බොහෝ පිරිසක් තල් අරණට පිය නගති. ඉතින් සැබැවින්ම සහයෝගය  අරුණලු උදා වෙමින් ඇත.

යාපනය පුස්තකාලය 

ආසියාවේ විශාලතම පුස්තකාලය ලෙස  විරුදාවලිය ලත් , විරාජමානව බැබලුණු  යාපනය පුස්තකාලය සිත් පිත් නැති මිනිසුන් විසින් 1981 දී ගිනි බත් කළ ද නැවත එය ගොඩනගා තිබෙන්නේ උගත් බුද්ධිමත් මිනිසුන් ගොඩනැගීම උදෙසා ය .එය ලාංකිකයන් සතු මහැගි වස්තුවකි.

පතුලක් නැති ලිද හෙවත් නිලාවරෙයි


ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලන මෙන්ම  මතුපිටින් බලන විට පවා ඉතා ගැඹුරු නමුත් පිරිසුදු ජලයෙන් සමන්විත හුණුගල් ආවාටයකින්  නිර්මාණය වූවකි .ළිඳක් අවට පැරණි දාගැබ් හා කෝවිල් නටබුන් ඇති බැවින් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්තය. මෙම  ළිද මීටර්  14.5 ක දිගකින් යුක්ත වන අතර පළල මීටර් 10.7 කි .ඒ වටා සිමෙන්ති බැම්මක් නිර්මාණය කර ඇත්තේ ආරක්ෂාවටය. මෙම ළිඳ මුහුද හා සම්බන්ධ යැයි ගැමියන් අතර විශ්වාසයක් තිබුණද ,වර්තමානය වන විට එය මුහුද හා සම්බන්ධයක් නොමැති බවත් සැබවින්ම පතුලක් ඇති බවත් පරීක්ෂණයන් මගින් සොයාගෙන ඇත .

යාපනය බලකොටුව 

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් යාපනය බලකොටුව ඉදි කර ඇත්තේ පෘතුගීසීන් විසින් 1618 දී ය .එහිදී ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ සතුරු ආක්‍රමණ වලට සාර්ථකව මුහුණ දීමත් තමාගේ බලය ශක්තිමත් කිරීමත් ය. ඉන්පසු ලන්දේසීන් විසින් 1658 දී මෙම බලකොටුව තම අණසකට නතු කර ගන්නා අතර 1895 දී ඉංග්‍රීසි ජාතිකයින් විසින් එය තවදුරටත් ප්‍රතිසංස්කරණය කර තම පාලන කටයුතු පවත්වාගෙන ගොස් ඇත .තාරකාවක හැඩයට ඉදි කර ඇති කොටුව අක්කර 56  ක භූමි භාගයකින් යුක්තය. යාපනය නිරතදිග අන්තයේ කලපුව අසළින් ඉදිකර ඇති නිසා එය අතිශය චමත්කාරජනකය .ලංකාවේ විශාලතම දෙවන බලකොටුව වන්නේ යාපනය බලකොටුවයි.

දඹකොළ පටුන,නාදීප පුදබිම හා නල්ලූර් කෝවිල වැනි පූජනීය ස්ථාන රාශියක්  යාපනයේ පිහිටා ඇති අතර  විවිධ එකිනෙකට වෙනස් දේවල් වල එකතුවක් ලෙස දැක්විය හැකිය.

ඉතින් දවසක ගොස් නිදහසේ අප උරුමයන් භුක්තිවිදිය යුතු අතර ඒවා අපගේ මතු පරම්පරාවන්ට ද කොන්දේසි විරහිතව උරුම කර දිය යුතුය.අප තුල මෙන්ම අනෙක් පරම්පරාවන්ට ද බෙදීමට නොව බදා ගැනීමට කියා දිය යුතු අතර කිසිදිනක යලි උතුරුකරයේ අව්‍යාජ මිනිසුන්ගේ සිනාවන් මැකී නොයාමට  කටයුතු කිරීමට වග බලා යුතුය...මන්දයත් ඔවුන් අපගේම සහෝදර සහෝදරියන්ය...

 ශ්‍රී ලංකා මාතාව වැජඹීම, සුරැකීම  අපගේ පරම යුතුකම කර ගනිමු.




                                                                                                                       
ප්‍රවීනා සංදීපනී ලංකාමුල්ල
කළමනාකරණ හා මුල්‍ය පීඨය
දෙවන වසර

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...

Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19