නව වසරට ප්‍රාර්ථනා
හීන ..... දකින්න තහනම් ද....නැහැ කොහෙත්ම නැහැ... හීන තියෙන්නේ දකින්න....නිතරම මවන්න.... ඒ වගේම හැබෑවක් කර ගන්න..... කෙනෙක්ගෙන් ඇහුවොත් ...මොකක් ද ඔයාගේ හීනේ කියලා.... ඔහු හෝ ඇය හරි ලස්සනට හිනා වෙලා කියාවි... මෙන්න මේකයි මගේ හීනේ කියලා... සමහරවිට මදහසක් විතරක් පාලා නිහඩවම ඉදිවී.... කොහොම උනත් කෙනෙක් ගේ හිතේ හීන ගොඩක් තියෙන්න පුළුවන් ..... හරිම පොඩ්ඩක් තියෙන්නත් පුළුවන් ... උපාධියක් අරගෙන ඉහළ රස්සාවක් කරන්න කෙනෙක්ට හීනයක් තියෙද්දි .... ඒ උපාධියම අරගෙන ව්‍යවසායකයෙක් වෙන්න තව කෙනෙක් හීන දකිනවා ඇති..... විශ්ව විද්‍යාලයක අත්දැකීම ගන්න කෙනෙක් පෙරුම් පුරද්දි... ඒ මට්ටමේ ම තව කෙනෙක් වෘත්තීය පුහුණුව තමන් කැමති විශයකට අනුබද්ධව ලබාගන්න ඇගිලි ගනිනවා ඇති... විද්‍යාව පිළිබද හදාරපු කෙනෙක්ට ව්‍යවසායකයෙක් වෙන්න බැරිද..... කළමනාකරණය ඉගෙන ගතපු කෙනෙක්ට ආකර්ෂණීය ලියන්නෙක් වෙන්න බැරිද.. කලාව ඉගෙන ගතපු කෙනෙක්ට නව සොයාගැනීම් කරන්න බැරිද... තාක්ෂණය හදාරපු කෙනෙක්ට හොද චිත්‍ර ශිල්පියෙක් වෙන්න බැරිද..... තමා ඇතුළේ ඉන්න කෙනා අදුන ගන්න.... තමාගේ වෘත්තීය හෝ අනාගත පැතිකඩ කුමක් වුවත් තමා තුළ හැංගුණු හීන වලට මැරෙන්...