නව වසරට ප්‍රාර්ථනා



හීන .....


දකින්න තහනම් ද....නැහැ කොහෙත්ම නැහැ...

හීන තියෙන්නේ දකින්න....නිතරම මවන්න....

ඒ වගේම හැබෑවක් කර ගන්න.....

කෙනෙක්ගෙන් ඇහුවොත් ...මොකක් ද ඔයාගේ හීනේ කියලා....

ඔහු හෝ ඇය හරි ලස්සනට හිනා වෙලා කියාවි...

මෙන්න මේකයි මගේ හීනේ කියලා...

සමහරවිට මදහසක් විතරක් පාලා නිහඩවම ඉදිවී....

කොහොම උනත් කෙනෙක් ගේ හිතේ හීන ගොඩක් තියෙන්න පුළුවන් .....

හරිම පොඩ්ඩක් තියෙන්නත් පුළුවන් ...

උපාධියක් අරගෙන ඉහළ රස්සාවක් කරන්න කෙනෙක්ට හීනයක් තියෙද්දි ....

ඒ උපාධියම අරගෙන ව්‍යවසායකයෙක් වෙන්න තව කෙනෙක් හීන දකිනවා ඇති.....

විශ්ව විද්‍යාලයක අත්දැකීම ගන්න කෙනෙක් පෙරුම් පුරද්දි... ඒ මට්ටමේ ම තව කෙනෙක් වෘත්තීය පුහුණුව තමන් කැමති විශයකට අනුබද්ධව  ලබාගන්න ඇගිලි ගනිනවා ඇති...

විද්‍යාව පිළිබද හදාරපු කෙනෙක්ට ව්‍යවසායකයෙක් වෙන්න බැරිද.....

කළමනාකරණය ඉගෙන ගතපු කෙනෙක්ට ආකර්ෂණීය ලියන්නෙක් වෙන්න බැරිද..

කලාව ඉගෙන ගතපු කෙනෙක්ට නව සොයාගැනීම් කරන්න බැරිද...

තාක්ෂණය හදාරපු කෙනෙක්ට හොද චිත්‍ර ශිල්පියෙක් වෙන්න බැරිද.....

තමා ඇතුළේ ඉන්න කෙනා අදුන ගන්න....

තමාගේ වෘත්තීය හෝ අනාගත පැතිකඩ කුමක් වුවත් තමා තුළ හැංගුණු හීන වලට මැරෙන්න දෙන්න එපා....

උත්සහ කරන්න හීන හැබෑ කරගන්න...

ඔබත් අහලා ඇති හදට ගලක් ගැහුවොත් ගහක අත්තට හරි වැදේවි කියලා කියමනක්.....ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත....

කියන කියමනට රාමු නොවී....හීන දකින්න...ජීවත් වෙන්න...

උතුම් ප්‍රාර්ථනා උදා හිරු සේ සඵල වන සුබ නව වසරක් වේවා...


ප්‍රවීනා සංදීපනී ලංකාමුල්ල
කළමනාකරණ හා මුල්‍ය පීඨය
දෙවන වසර

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා..

මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com

එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...


අපි FMF Media Blog Unit...


Comments

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19