Sri Lanlka Cricket History - Part 1

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය - 01 ක්‍රිකට් කියන වචනය ඇහෙද්දීම ලංකාවේ අපිට අපේ කමක් හිතට දැනෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. ඒකට හේතුව ක්‍රිකට් කියන ක්‍රීඩාව එතනින් එහාට පිළිඅරගෙන ඒක සංස්කෘතියේම අංගයක් විදියට පිළිගත්ත මිනිස්සු අපේ රටේ ජීවත් වෙන එක. ඒ තරම්ම මේ ක්‍රීඩාවට ආදරේ වෙන්න හේතුව අපි දකුණු ආසියානු රටක් වීම යම් තරමකට මෙතැනදී බලපානවා. අපේ රට ලෝක සිතියමේ පුංචි දූපතක් වුනත් ඒ පුංචි දූපත ගැන මුළු ලෝකයක් කතා කරන්න මේ ක්‍රීඩාව ගොඩක් ලොකු රුකුලක් වුණා. මේ ක්‍රීඩාවේ ඉතිහාසය ඒ වගේම කරුණු ගැන දැනගන්න අපි හැමෝම කැමතියි. ඒ නිසාම මේ සම්බන්ධ ආටිකල් එකතුවක් එලි දක්වන්න අපි තීරණය කලා. ඒකේ ආරම්භය තමයි මේ. ආටිකල් එකතුව ඔබට ලියන්නේ ඉෂාර . ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ඇලුම් කරන විද්‍යාර්ථයෙක්. අපි එකතු වෙමු ඔහුගේ පලවෙනි ආටිකල් එකත් එක්ක. ක්‍රිකට් ක්‍රීඩාව යනු ශ්‍රී ලංකාව තුල මෙන්ම බොහෝ රටවල ජනප්‍රියතම ක්‍රීඩාව කිවහොත් ඉතා නිවැරදිය. වර්තමානය වන විට ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් ආධුනික රටවලට ව්‍යාප්ත වෙමින් පවතී. එවැනි තත්වයක් තුල ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අයි.සී.සී ආයතනයේ සාමාජික රටක් වශයෙන් එම ක්‍රීඩාව කෙරෙ...