True definition of Valentine

"ආදරය".. ආදරනීයන්ගේ දවසේ ආදරය සහ මේ දිනයේ වැදගත්කම ගැන අදහසක් එකතු කරන්න අපි තීරණය කලා. සමහර අයට අවුරුද්දේ අනිත් හැම දවසටම වඩා වැදගත් වන්නේ අද දවස. හැබැයි ඇත්තටම ඒ හිතන විදිය හරිද, අපිට මුළු අවුරුද්දම එක වගේම අපි වටේ ඉන්න හැමදෙනාටම ආදරේ කරන්න පුළුවන් නේද කියන දේ ආයෙමත් පොඩ්ඩක් හිතලා බලන්න ඔබට ආරාධනා කරනවා. අපිත් එක්ක ආදරේ ගැන අදහස් බෙදාගත්තේ ගයාත්‍රි නංගි.ඉතින් අපි එකතු වෙමු අද අපේ ආටිකල් එකත් එක්ක. ඔබට බාරයි හිතන විදිය වෙනස් කරගෙන ජීවිතේ ලස්සන කරගන්න... ආදරය හැඳින්වීම එතරම් ලේසි පහසු කටයුත්තක් නම් නොවේ. ආදරය විවිධ තැන්හි දී, විවිධ ආකාරයට, මිනිසුන් අර්ථකථනය කරනවා. ඒ කෙසේ වෙතත් මතුපිටින් පෙනෙන වචනයට එහා ගිය ගැඹුරු අරුතක් මේ වචනය තුළ රැඳී පවතිනවා. මෙහි සැබෑ අරුත හඳුනාගත් පිරිස ආදරයෙන් ජය ලබද්දී, තවත් පිරිසක් විරහවෙන් තනිවෙනවා. මෙලෙස පිරිසක් ආදරය අත්විදලා තිබෙනවා තවත් පිරිසක් එය විඳින්නට බලාගෙන සිටිනවා . ඔය කොයි කාගෙත් කතාබහට ලක්වුණු දිනයක් තමයි අද දින එනම් පෙබරවාරි 14. අපි කවුරුත් දන්න විදියට කිවහොත් "ලෝක ආදරවන්තයින්ගේ දිනය". ආදරේට විවිධ අරුත් තිබෙනවා ...