Door and Grill mounted windows

ටිකක් දිග නිවාඩුවකට පස්සේ ආයිත් අපේ බ්ලොග් අඩවියට පන පොවන්නට අපිට හිතුනා. අද අපි ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ  හරි අමුතුම කතාවක්. කතාවක් කියුවට ඇත්තටම කතා මාලාවක්. කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන හේෂාන් ජයසිරි මල්ලියේ අතින් නිර්මාණය වන මෙම කතා මාලාවේ වචන හසුරුවල තියන විදිහනම් අපි කලින් ඔයාලට ඉදිරිපත් කරපු කතා වලට වඩානම් ටිකක් වෙනස්. ටිකක් සංකීර්ණ විදිහට මේ වචන හැසිරවීම මගින් මේ කතාවට තවත් සුවිශේෂීතාවයක් ගෙන එනවා. මේ කතා මාලාවට හේෂාන් මල්ලී අපූරු නමක් ද ලබා දිල තියනව. ඒ නම නිසා අපේ කුතුහලය තවත් වැඩිවේවී. ඉතින් වැඩිය කතා නොකරම අපි අපේ කතාවට යොමු වෙමු.
දොර හා ග්‍රිල් ගහපු ජනේල

අග මුල  නොදන්නා වස්සාන කතරක, කිරි මැටියෙන් සුදු හුණු පිරියම් කළ ගඩොලින් නිම වූ එක් ගෙදරක දක්නට ලැබුණේ ඉදිරිපසට දිස් වූ දොරක් හා ග්‍රිල් ගහපු ජනේලයක් පමණි...
දොර මඳක් විවර ඇත. නැතහොත් මඳක් වැසී ඇත. ඉන් ඇත්තටම වී ඇත්තේ කුමක්දැයි නොදනිමි. එය යන එනවුන්ට ඇතුළට පිවිසීමට කරන ආරාධනයක් ද නැතහොත් බාධාවක් ද නොදනිමි. කිසිවෙකුට එය වටහා ගැනීමට ද නොහැක. මාත් නිවසේ අභ්‍යන්තරයත් අතර අන්තරය නිර්මාණය කළාහූවෝ දොර . පිටත ඇති ආලෝකය දොරින් ඇතුළට වැටී ඇත. එම ආලෝකය ඇතුළත ඇති පහනක් සමඟ මිශ්‍ර ඇත. ආලෝකයට ආලෝකය මුහු වීමෙන් ඇති වූ පස්වනක් ප්‍රීතියෙන් ඇළලී ගොස් දොරෙන් ඇතුළු වීමි. දොර වැසුණි. නැතහොත් බාහිර පරිසරයෙන් විනිර්මුක්ත වූයෙමි. අන්තෝ ජටඃ බහි ජටඃ!!!
අමුත්තෙකුගේ සම්ප්‍රාප්තිය කිසිවෙකුගේ අවධානයට පාත්‍ර වූ බවක් දක්නට නැත. දේහධාරී පුරුෂයකු වත පොත පෙරළයි. තනිව  සිනාසෙයි. එහි සිටින ස්ත්‍රියකට හාදු වරුසා යවයි..! ඉන් එහායින් වාඩිගත් මිටින් ගත හැකි සුඟක් සහිත ස්ත්‍රියක ඔබ බටේතුළ කාල වර්ණ හැව හැරීමට ක්‍රම සොයයි...! ඔවුන්ට පිටස්තරයකු පිළිගැනීමට තබා තම කාලත්‍රයා පිළිබඳවත් වගේ වගක් නැත. දැනුණු නාසය බිඳගෙන යන ආඝ්‍රාණය නිසා මගේ අවධානය බිඳිණි. දෙදෙනාට ඉදිරියෙන් තැබූ තොටිල්ලක පුළුන් රොදක් හුස්ම ගනී...අර ගන්ධය ඉන් නැගුණකි...සියුම්ව පටන් ගත් පුළුන් රොදේ අසීමාන්තික සංඛ්‍යාතය හේතුවෙන් දොරෙන් එක් වරම පිටතට විසි වීමි. ග්‍රිල් ගහපු ජනේලය වෙතය........ජීවිතය පෙනෙමින් ඇත.

ඉදිරියට......
හේෂාන් ජයසිරි

දෙවන වසර

කළමනාකරණ හා මූල්‍ය පීඨය

අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත් මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.
මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක් දෙන්න fmfmediauoc@gmail.com
එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ පාරාදීසය...

අපි FMF Media Blog Unit...


Comments

Post a Comment

Popular posts from this blog

FMF Media – INDUCTION DAY

The menu for your last meal ever

FMF - Media Committee 2018/19