Where the Trust Is?

විශ්වයේ මිනිසා බිහිවීමත් සමග ඔවුන් විවිධ ශිෂ්ටාචාර, විවිධ යුග පසුකරමින් අදටත් මේ මිහි තලය තුල ජීවත් වෙනවා.මේ ඔවුන් පසු කල සෑම කාලවකවානුවක් තුලදීම එකිනෙකාගෙ අදහස් හා ක්‍රියාකාරකම් අනුව විවිධ වස්තූන් දේවත්වයෙන් සැලකූ අතර පසු කාලීනව විවිධ ආගමික සංකල්ප ඔස්සේ එක් එක් ගෝත්‍රය පසුබිම් කොටගත් ආගම් ධර්මතා ඔස්සේ ජීවත් වීය. ජීවිතයේ යතාර්ථය සොයා පසුගිය සතියේ ගමන් ඇරඹූ අපව කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ඉගෙනුම ලබන කිසල් සොහොයුරා මෙවර ආගමික ඇදහිලි ඔස්සේ ගොඩ නැගුනු විශ්වාස පිලිබදව පසුවිපරමක් කිරීමට යොමුකරන හැටි හරි අපූරැයි. මේ ඔහු විසින් රචිත විශ්වාසය කොතනටද? ලිපියයි. මිනිසා කියන්නේ සත්ව ලෝකේ හම්බවෙන අමුතුම ජාතියේ සත්වයෙක්. මෙයා අනික් සත්තුන්ගෙන් වෙනස් වෙන්න හේතු හුඟාක් තියෙනවා. හිතලා මතලා තීරන ගන්න පුලුවන්කම, අලුත් දේවල් නිර්මාණය කරන්න පුලුවන්කම, අදහස් එකිනෙකා අතර හුවමාරු කරගන්න පුලුවන්කම වගේ දේවල් ඒ අතරින් කීපයක්. මේ දේවල් ගැන අපි හැමෝම දන්නවා. එහෙම දැනගන්න පුලුවන් වෙලා තියෙන්නෙත් අපි මිනිස්සු වෙච්ච නිසාමයි. ඒත් මේ අලුත් ශතවර්ශය පටන් ගන්නවත් එක්කම මිනිසා අනික් සත්තුන්ගෙන් වෙනස් වෙන අලුත්ම හේතු...