Door and Grill mounted windows (Part 2)
සියුම්ව පටන් ගත්
පුළුන් රොදේ
අසීමාන්තික සංඛ්‍යාතය
හේතුවෙන් දොරෙන්
එක් වරම
පිටතට විසි
වීමි. ඒ ග්‍රිල්
ගහපු ජනේලය
වෙතය........ජීවිතය
පෙනෙමින් ඇත….. කලින් වතාවේ
හේශාන් මල්ලි ලියපු දොර හා ග්‍රිල් ගහපු ජනේලය කතාව නැවතුනේ අන්න එතනයි.. ටිකක්
සංකීර්ණ විදිහට වාග් ශෛලය උපයෝගී කරගනිමින් මේ කතාව ලියල තිබ්බට මේ කතාවේ පළමු කොටස
කියවපු ගොඩක් රසිකයෝනම් කියුවේ ඒ වාග් ශෛලය පලමු කතාවට අමුතුම රසයක් එක් කල බවයි..
අද අප යොමු වන්න හදන්නේ ඒ කතාවේ දෙවන කොටසටයි.. බලමු අපි හේශාන් මල්ලි මොකක්ද අපිට
මේ දෙන්න හදන පනිවිඩය කියලා.
දොර
හා ග්‍රිල්
ගහපු ජනේල (2)
විවෘත දොරෙන් විසිවීමත් සමඟ
ග්‍රිල් ගහපු ජනේලයෙන් දුටු ඒක්ෂණ ස්වාභාවය
මෙසේ ය.
ඇඟිලි තුඩු ඔසවා ග්‍රිල්වල එල්ලීමි. ඇතුළත බැලීමි.
ඒ ඇතුළත වන්නවුන්ගේ ජීවිතය සෙවීමේ රුචියෙන් නොව ම’ජීවිතය සෙවීමේ රුචියෙනි.
දොරෙන් ඇතුළත හමු වූ දේහධාරියා වැන්නෙකුම
මෙහි ද ඇත; හමු වූ සුඟින
වැන්නකම මෙහි ද ඇත. පෙනෙන දේ සම වුව ද, නොපෙනෙන දේ
විෂම ය! පසෙකින් තැබූ බාගෙට කන ලද
ඍජුකෝණී ඇපල් ගෙඩියකි. මතක තබා ගන්න;
පසෙකින් තැබූ... ඒ මත ඔබ බටයක්
ද,
වත් පොත ද තබා ඇත. නමුත් ඒ සියල්ලම නිහඬ
කර ඇත. මතක තබා ගන්න;
දෙයියන්ගේ නාමෙන් නිහඬ කර ඇත!!!


කාලත්‍රයින් දෙදෙනා
භාෂණයේ යෙදෙන්නේ ඔවුනොවුන් අතර පමණක් නොව පුළුන් රොද පවා ඔවුන්ගේ
කොමියුනයේ සාමාජිකයෙකි. හඟින්නේ නැතිවුවද ස්වඉටු දෙව් සමාගමයෙන් ආසක්ත
ආස්වාදයක් ලබන මොහුට තොටිලි නැත.
වාසනාවන්තයෙකි...තොටිලි නැත. ඉටු දෙවි සුරත් සුවය පමණි. ඔවුන්
තුළ ජීවිතය පවතී ද, ජීවිතය තුළ
ඔවුන් පවතී ද ලෙස උභතෝකෝටිකයක්
නිර්මාණය වී ඇත!
ඇතුළත පහනක් නොදැල්වෙනවා නොවේ. පිටත ඇති ආලෝකය
ඇතුළට වැටී ඒ සමඟ මිශ්‍ර
නොවෙනවා නොවේ. එහෙත් ග්‍රිල් අතරින් සමස්ත එළිය ම ගෙතුළට නොවැටී;
පෙරූ පරිමාවකි වැටෙන්නේ. එබැවින් මටවත් සූර්යයාටවත්
පස්වනක් ප්‍රීතියෙන් පිනා යා නොහැක. සියල්ල
වටහා ගතිමි.


පිටත ආලෝකයට ඇතුළත ආලෝකය ඍජුව හමු නොවන තැන දී ජීවිතයට ජීවිතය
ලැබෙන්නේ ය. සියලු මිනිසුන්ට ඇති උභතෝකෝටිකය වටහා ගතිමි. ආපසු හැරුණෙමි.
ඒ සැබෑ ජීවිතය මිනිසුන්ට පෙන්වා දීමට ය..මිනිසුනි දොර සම්පූර්ණයෙන් වසන්න.
ග්‍රිල් ගහපු ජනේල සම්පූර්ණයෙන්ම අරින්න. ඉන් පිටත
ලෝකය දකින්න! ඉන් ඇතුළත ජීවිතේ විඳින්න.
ප්‍රමාද වැඩිවීමි. ආලෝකයට ආලෝකය අසීමිතව සම්මිශ්ර
වී ඇත. සමාවන්න ජීවිතය!
හේෂාන් ජයසිරි
දෙවන වසර
කළමනාකරණ හා මූල්‍ය පීඨය
අපි මේ වගේ ආටිකල් එකකින් ආයෙමත්
මුණගැහෙමු.. ඔබේ සරසවියේ හෝ ආයතනයේ ඕනෑම උත්සවයක්, අවස්ථාවක් ගැන
ලියන්න අවශ්‍ය නම් අපිට කතා කරන්න ඔබට පුළුවන්.. පුංචි කොන්දේසි කීපයක් එක්ක තමයි
අපිට ඒ දේ කරන්න වෙන්නේ.. කොහොම උනත් අපි කැමති තුම්මුල්ලෙන් එහා සමාජෙත් එක්ක
ආදරයෙන් ගනුදෙනු කරන්න, මොකද මේක අපේ
සරසවියට විතරක් කොටු වෙච්ච සීමාවක් ඇතුලේ ඉදන් කරන දෙයක් නෙමෙයි නිසා.
මේ විද්‍යුත් ලිපිනයට ඕනෑම දෙයක් ගැන එවන්න අපි කැමති ඔයාලට අවස්ථාවක්
දෙන්න fmfmediauoc@gmail.com
එතකන් මතක තියාගන්න මේ කොළඹ සරසවියේ කළමනාකරණ හා මුල්‍ය පීඨයේ ලියන්නන්ගේ
පාරාදීසය...
අපි FMF Media Blog Unit...
Comments
Post a Comment