පැදුර 2017

හන්තාන පිනි වැස්ස නොවැටුණාට
තුන්මුල්ලෙ හිරිකඩත් සීතලයි
ඒ තරම් හැගුම්බරයි...



තුන්මුල්ලෙ සරසවියෙ අපිට කලාවත් එක්ක තියෙන්නේ ටිකක් දුර නෑදෑකමක් කියලා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. එත් පසුගිය දවසක ඒ නෑදෑකම සමීප කරවන සොදුරු ඉසව්වක් අපේ කළමනාකරණ පීඨයේ සංවිධානය වෙලා තිබුණා. ඒ 26 හැන්දෑවේ පැවැත්වුනු "පැදුර" සංගීතමය ඉසව්වයි. පළමු හා දෙවන වසර සහෝදරත්වයේ දැඩි කැපවීමක ප්‍රථිඵලයක් ලෙසට තමයි කළමනාකරණ හා මුල්‍ය පීඨයට ආගන්තුක ඒ අද්දැකීම අපිට විදින්න අවස්ථාව ලැබුණේ. දවස් ගානක වැස්සට, ඒ සොදුරු හැන්දැවත් තෙතබත් වෙයිදෝ දෙගිඩියාවක් තිබුණත් ස්වාභාව ධර්මයේ පවා ආශීර්වාදයට ලක්වෙමින් එය සාර්ථකව පැවැත්වුනා.

එය රඹුක්කන සිද්ධාර්ථ හිමිගේ ගීත විචාරයන්ද සමගින් සංවිධානය වි තිබීම එහි සුවිශේෂත්වය වුණා. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සහෝදරයන්ගේ අපුර්වතම වාදනයෙන් රස ගැන්වු පැදුර සංගීතමය හැන්දැවෙ සැරසිලි දෙසටත් හැමෝගේම ප්‍රසාදය හිමි වුණ බව නම් රහසක් නෙවේයි. එහිදී සහෝදර දෙවන හා පළමු වසර සහෝදරත්වයේ නිර්මාණශීලි හැකියාවන් ඉස්මතු වි පෙනුණා.

හන්තානේ පිනි වැස්ස සුන්දරයි කියලා හැමෝම දන්නවා. ඒක කොයි තරම් නම් වින්දනීයද කියලත් අපි දන්නවා. හැබැයි ගොඩක් ආඩම්බරයෙන් කියන්න කැමති ; තුන්මුල්ලෙ හිරිකඩ වැස්සත් ඒ වගේම සුන්දරයි කියලා. ඒ තරමට හැගුම්බරයි කියලත් කිසිම සැකයක් නෑ. ඉතිං තුන්මුල්ලෙ සරසවි හිත්වලත් කලාව හැංගිලා තියනව කියලා මේ පැදුර එළිමහන් වේදිකාව උඩදී කෑ ගහලා අපට කිව්වා.

By : Udani Nayanahansi















More Photos : https://www.facebook.com/FMFMediaUnit/

Comments

Post a Comment

Popular posts from this blog

Hanthana Sihinaya

කළමනාකරණ හා මුල්‍ය පීඨයේ නව සිව් මහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම.

FMF Media Induction Day 2018